IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා සමඟ සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය

කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම  සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා අද සවස කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කෙරිණි.
 
එහි ඡායාරූප පහත දැක්වේ.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (21)

කොරෝනා සමඟ සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය

බද්රානි Saturday, 11 April 2020 04:19 PM

"ලෝකෙට පරකාශේ ගෙදරට මරගාතේ" අනේ ඉතින් අපිටත් හරිම ෂෝක් ... හදවත පිනා යනවා!!

:       360       1270

ව්නිවිද Saturday, 11 April 2020 04:59 PM

කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා රුපියල් 5000ක විශේෂ දීමනාවක් " gratitude and encouragement allowance " දෙසැම්බර් දක්වා ලබා දීමට රජය කටයුතු කලයුතුවේ. නෙළුම් කුලුනේ උත්තමාචාරයට වඩා රුපියල් 5000ක විශේෂ දීමනාව ඔවුනට ලැබේ නම් ඉතා ඉහලින් අගය කරනු ඇත. මෙවැනි අවස්ථාවක රජයක් වසයෙන් කළයුතුව ඇත්තේ එවැනි සත් ක්‍රියාවකි. මේ සදහා රජය දැනුවත් කිරීමට වෘත්තීය සමිතින් කටයුතු කල යුතුවේ.

:       350       350

ලක්සිරි Saturday, 11 April 2020 06:31 PM

නෙලුම් කුළුනේ ලයිටුත් නරඹා සතුටු වෙලා, දැන් වැඩිපුර සල්ලිත් ඉල්ලනවද? මුදල් බලාගෙනද මේ ජාතික මෙහෙවර කරන්නේ...? රට වෙනුවෙන් වැඩ කරන්න බැරි නම් මෙතන නාහෙන් නාඩා ගෙදරට වෙලා ඉන්න විනිවිද මහත්තයෝ....

:       876       717

Raveendra Saturday, 11 April 2020 05:51 PM

පළමුව අප මෙම උවදුරෙන් රටවැසියන් බේරාගැනීමට උපරිම උත්සාහයක යෙදෙන සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල වලටත් ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් මේ වෙනුවෙන් තම වගකීම්, කැපකිරීම් කළ සහ කරමින් සිටින සියලුම පුරවැසියන්ට හදවතින්ම අපගේ උත්තමාචාරය පුදකරන්නෙමු. ඔබලාට යහපතක්ම වේවා !! මෙම අවදානම් මොහොතේ මුල්‍යම අවදානමද, බලශක්ති අරබුදයකුත් තිබෙන මෙම මොහොතේ ඒ අය වෙනුවෙන් මෙසේ කිරීම සුදුසුද යන්න අපට නම් ඇත්ත වශයෙන්ම ගැටලුවකි.මෙම අගනා සේවය වෙනුවෙන් ඒ සියලුම දෙනාට තම සේවාව වෙනුවෙන් ඇගයීමක් හා මුල්‍යමය සහයෝගයක් දුනේනම් එය වඩාත් උචිත වන්නේ යන්න "අපගේ" හැගීමයි. කෙසේ වෙතත් වැඩිදෙනාගේ කැමැත්ත මෙය නම් අප එයට අපගේ හිස නමා ආචාර්ය කරන්නෙමු. නැවත වරක් මෙම අවදානම් ක්‍රියාන්විතයට සහබාගිවු ඔබ සැමට යහපතක්ම වේවා!! සියලු කටයුතු සාර්ථක වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු..!! ඔබලාට හොදක්ම වේවා !

:       0       146

Binkunndaa Saturday, 11 April 2020 06:57 PM

කෝ චීනෙන් දීපු ඩොලර් බිලියන 1.5?

:       6       447

Champa Saturday, 11 April 2020 07:02 PM

මේකේ ඇති වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. මේ කුළුන අනිත් වෙලාවට නිවලද?

:       333       27

raviSunday, 12 April 2020 10:33 AM

යමන් බන්ඩෝ වෙසක් බලන්න.

:       10       71

chandima Saturday, 11 April 2020 07:22 PM

වැඩේ නම් හොඳයි, ඒත් මේ ණයට අරන් හාමතේ ඉන්න මිනිස්සුන්ට කෑම බෙදන වෙලාවේ මෙව්වගෙ ලයිට් බිල ගෙවන්නේ කවුද?

:       13       124

chandima Saturday, 11 April 2020 07:35 PM

මම මුලින් දාපු කමෙන්ට් එකේ වියදම ගැන කිව්වට මලානික වෙලා ඉන්න රටට මේ ඉතාම හොඳ උත්තේජනයක්. ඒ වගේම අපේ දරුවන්, ඉංජිනේරුවෝ, කලාකාරයෝ, නිර්මාණ ශිල්පියෝ වගේ බොහෝදෙනෙක් නිවාස වලට වෙලා අකර්මන්‍යව ඉන්න මේ වෙලාවේ, අන්තර්ජාලය මගින් හෝ, ගුවන්විදුලිය මගින් හෝ, රෝපවහිනිය මගින් හෝ, විවිධාකාර තරග, නිර්මාණ තරග, චිත්‍ර තරග, සංවර්ධනය පිලිබඳ යෝජනා, රට ගොඩගැනීමට සුදුසු දේශපාලනමය නොවන යෝජනා, අඩිය පිළිබඳව තරංග සහ සංවාද පැවැත්වීමට ඉතා සුදුසු අවස්ථාවක්, වෙනකක් තබා තරුණ තරුණියන් තමන් සොයන සහකරු නැතිනම් සහකාරිය පිළිබඳව සංවාද, දරුවන්ගේ මතු බලාපොරොත්තු පිලිබඳ සංවාද, ඒ වගේම අධ්‍යාපනික ප්‍රශ්න විචාරාත්මක සංවාද ජනතා සහභාගිත්වයෙන් දුරකථනය ඔස්සේ පැවැත්වීමෙන් ජනතා අවධානය මේ සෝචනීය මානසිකත්වයෙන් තාවකාලිකව හෝ මුදා ගැනීමට ඉවහල් වනු ඇති.

:       0       1

Nishan Sunday, 12 April 2020 12:06 AM

තවත් හදවත පිනා යනවා මාටියා ගහපු රුපියල් කෝටි 200 ත් තිබුනා නම් මොකද ඒ සල්ලි කොරෝනා අරමුදල වැඩි කරන්න යොදවන්න තිබුනා.

:       10       48

asad Sunday, 12 April 2020 05:39 AM

අංග සම්පූර්ණ ආරෝග්‍යශාලාවක් වගේද නෙලුම් කුළුණ කියන්නේ... ඒක දන්නේ නැති අය දොස් කිව්වට ඔය අපේ සල්ලිවලින් දල්වන ලයිට් දිහා දැකලා අපි සතුටු වෙන එක විපක්ෂයේ අය කොහොම සතුටු වෙනවද දන්නේ නැහැ නේද බමුණෝ...

:       6       41

wije Sunday, 12 April 2020 06:41 AM

මෙතන කවුරු කොහොම අදහස් දැම්මත් මගේ අදහස නම් මේ කරන්නේ ජාතික අපරාදයක්.... මේක ආලෝකවත් කරන්න කොපමණ මුදලක් වැය වෙනවාද? ගම්වල එදිනෙදා කුලී වැඩ කරලා ජීවත්වුණු අහිංසක මිනිස්සු කීදෙනෙක් අද තමන්ගේ දරු පැටවුන්ට කන්න දෙන්න හාල් කිලෝ 1ක් ගෙනියාගන්න සල්ලි නැතුව හුල්ලනවද? ලෝකෙට පෙන්න බොරු වැඩවලට බොරුවට වියදම් කරන මුදලින් ඒ අහිංසක මිනිස්සුන්ට එක හාල් කිලෝ 1ක ගානේ දෙන්න. බලදාරීන් හැම කෙනකුටම පිං සිද්දවෙයි.

:       23       259

kamal Sunday, 12 April 2020 06:58 AM

හොද වෙලාවට මෙ කුළුණ හැදුවෙ... නැතිනම් උත්තමාචාරය දක්වන්නේ කොහොමද?

:       6       122

isurandi Sunday, 12 April 2020 08:00 AM

මෙහෙමවත් සමරන එක උතුම් දෙයක් අර ඉන්දියාව වගේ පිස්සු නටන්නේ නැතුව.

:       37       7

saman Sunday, 12 April 2020 11:41 AM

මා මෙය දකින්නේ යුරෝපයේ පැරීසිය, ලන්ඩන් වැනි නගරවල ඇති කුළුණු මේ දිනවල විදුලි ආලෝකයෙන් දීප්තිමත් කිරීම අනුකරණය කිරීමක් ලෙසයි. ණය බරින් පීඩිත ආර්ථිකයක් ඇති අපේ රටට මෙවැනි දේ කිරීම කොතරම් යෝග්‍යදැයි මම නොදනිමි.

:       56       167

banda Sunday, 12 April 2020 09:10 PM

මේකෙන් මාටියා ගහපු කෝටි 200 මේ වෙලාවේ ජනතාවට බෙදලා දුන්නා නම් හොඳ නැද්ද?

:       0       0

arauna Monday, 13 April 2020 04:40 AM

බොහෝ රටවල මෙවැනි දේ කරනවා. එය සංකේතාත්මක විදියට ඔවුන්ගේ සේවය ඇගයීමක්. නැතුව මේකේ ලිස්ට් බිල් ගණන් හැදීමක් හෝ අන් විදියට කීමක් හෝ එවැනි දේ ගැන හැගීමකින් තොරව දැකීමක් වෙනවා. ඒ නිසා ධනාත්මකව බලන්න මේ වෙන හැම දේ ගැනම.

:       1       0

Nimal Monday, 13 April 2020 05:06 AM

දැන් කාටවත් මේකේ ලස්සන පෙන්න්නේ නැද්ද ? මටනම් මේක ඉතාම ලස්සන දර්ශනයක්. කොළඹ කවුරුත් මේක ආන් අර කියලා බලන එක සිකුරුයි. ඒක අත්විදීමෙන් බොහෝදෙනා ලබන සතුට මිල කළ නොහැක.

:       63       116

raviMonday, 13 April 2020 11:27 AM

ඔයාගේ " මොලරාජයා" පලාගිහින් වගේ .. !!! ඇඳිරි නීතිය සහ ඒකරාශීවීම තහනම් මේ වෙලාවේ කවුද , ඕක බලන්න ඔතනට යන්නේ..?

:       0       0

Ratnamalala Tuesday, 14 April 2020 03:11 AM

අයිපල් කුළුණට නමස්කාර කරන අය නෙළුම් කුළුණට ගරහනවා. කිසිම දෙයක හොඳක් නොදකින දේශපාලන වහල්ලු.

:       1       113

බද්රානි Tuesday, 14 April 2020 01:39 PM

අයිෆල් කුලුන හැදුවේත් ලෝකෙට ණය වෙලා කියලා වෙන්න ඇති සමහරක් වහල්ලු හිතාගෙන ඉන්නේ? අයිෆල් කුලුන ගැන කියන්න ඉස්සරවෙලා තමන් වහලෙක් නොවන බව තේරුම් ගන්න එපැයි. ලෝකෙම ඉන්න වහල් මොළ තියන මිනිස්සු කියලා හිතාගෙන වෙන්න ඇති මෙතන. නෙලුම් කුලුනේ පම්පෝරිය ගැන කයිවාරු ගහන්නේ? ලංකාවේ ටෙලි ඩ්‍රාමා මනසකින් ලෝකයේ සුන්දරත්වය දකින අයට නෙලුම් කුලුනේ ලයිට් පත්තු වෙනවා බලල සතුටු වෙනවා හැර වෙන කුමන සතුටක්ද? හරි ෂෝක් !

:       455       96

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site