IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා නකල්ස් වනාන්තරය වෙනස් කරයි

 

(ශාන්ත චන්ද්‍රසිරි)

කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පැවැති දැඩි නිසොල්මන් තත්ත්වය ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතිය දැඩි වෙනස්කම් රැසකට භාජනය කර ඇතැයි නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා පවසයි.

දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකගෙන් හා අධික රථ වාහන ප්‍රමාණයකින් දිනපතා පිරී පැවැති නකල්ස් වනාන්තර පද්ධතිය හා ඒ අවට ප්‍රදේශයන් මසකට පමණ අධික කාලයක් කිසිඳු ශබ්ද හා විෂ දුමෙන් මෙන්ම පරිසර හානි විවිධ මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව පැවැතීම හේතුවෙන් මෙම පරිසර හිතකාමී වෙනස්කම් සිදුව ඇති බවද ඒ මහතා පැවැසීය.

නකල්ස් වනාන්තර පද්ධතිය පිහිටි අවට ගම්මාන මෙන්ම දුම්බර මිටියාවත ඇතුළු අනෙකුත් අවශේෂ ප්‍රදේශවල පරිසර පද්ධතිය මේ දිනවල වෙනස්කම් රැසකට භාජනය වී ඇති බවත්, වෙනදට වඩා දැඩි ශීතලක් මෙන්ම සුන්දර පරිසර වටපිටාවක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා කීය.

නකල්ස් පරිසර පද්ධතිය තුල මෙන්ම අවට ගම්මාන ආශ්‍රිතව විවිධ කුරුල්ලන් හා අනෙකුත් සතුන් නිදහසේ පරිසරය විදිමින් ඔවුන්ට රිසි සේ ගැවසෙමින් කාලය ගත කරන අයුරුද දැක ගන්නට ඇතැයි ඒ මහතා පැවැසීය.

මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් පරිසර පද්ධතීන්වලට කෙතරම් දුරට බලපෑම් එල්ල කර ඇති වගට වර්තමානයේ වනාන්තර පද්ධති ලක්ව ඇති දැඩි වෙනස්කම් වලින් මනාව පෙනෙන බවත්, පරිසරය රැකුනොත් මිනිසා රැකෙන බවට කදිම පිලිතුරක් මෙම පරිසරය වෙනස්කම්වලින් ජනතාවට පෙන්නුම් කරන බවද ඒ මහතා කීය.

නකල්ස් ලෝක උරුම වනාන්තර පද්ධතියේ හා ඒ අවට ප්‍රදේශයන්ගේ දැනට නිර්මාණය වී තිබෙන පරිසර හිතකාමී මෙම දැඩි වෙනස්කම් මුළු රටටම බලපාන කරුණක් බවත්, වර්තමානයේ රට තුල නිර්මාණය වී ඇති මෙකී තත්ත්වය සෙසු වනාන්තර පද්ධතීන්ද වෙනස්කම්වලට භාජනය කරනු ඇතැයි පරිසරවේදී සමින්ද විදානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
 



අදහස් (18)

කොරෝනා නකල්ස් වනාන්තරය වෙනස් කරයි

Walter White Friday, 10 April 2020 07:12 AM

ඔව්. මේ දියුණුයි කියාගන්නා මානව වර්ගයා කියන්නේ මිහිතලයේ පැතුරුණු පිළිකාවක්. මම කැමතියි මේ පිළිකාව මේ ලෝකයෙන් තොලොන්චි වෙලා යනවට.

:       106       421

Kumar (Gulf)Sunday, 12 April 2020 03:45 PM

Walter White, මිනිසා යනු දෙවියන් වහන්සේගේ උසස්ම මැවීමයි.

:       202       0

චමින්දMonday, 13 April 2020 01:26 AM

මිනිසා දෙවියන්ගේ මැවීමක්නම් දෙවියන් මැව්වේ කවුද කුමාර මහත්තයෝ? ඒ වගේම කියන්න මිනිසා උසස්ම මැවීම නම් ඇයි එක් එක් අයට එක් එක් ආකාරයට සැප පහසුව ඇතිකලේ. දෙවියන් ඇයි කෙනෙකුට සැපපහසු දිවියකුත් තවත් කෙනෙකුට අන්ත අසරණ තත්වයකුත් ලබාදුන්නේ...?

:       0       0

Walter WhiteMonday, 13 April 2020 05:13 AM

ආගම්වාදීන් එක්ක තර්ක කරලා දිනන්න බෑ. ඒක නිසා මම ඒ අය එක්ක වාද කරන්න යන්නේ නෑ. එත් මට තේරෙන විදිහට මිනිස්සු දිනෙන් දින ආගම අතහැර යනවා. එක ස්වාභාවිකවම සිදුවෙන දෙයක්. අපි මෙච්චර ඉන්නවා. අපි මෙච්චර වේගෙන් වර්ධනය වෙනවා කියල කොයිතරම් පුරසාරම් කියෙව්වත් විද්‍යාවේ ප්‍රගමනය අඛණ්ඩවම සිදුවෙනවා. මිනිස්සු කොයිතරම් තදින් ආගම් විශ්වාස කළත් ඒවා මානසික රැවටිල්ලක් විතරයි කියල තේරුම් ගන්නවා.මේ කොරෝනා වසන්ගතයෙදීත් මිනිස්සු විද්‍යාව ගැන වඩාත් තදින් විශ්වාස කරනවා විතරක් නොවේ විද්‍යාත්මක ක්‍රමය මගින් ගැටළු වලට විසඳුම් සෙවිය හැකි බව තේරුම් ගන්නවා.

:       48       139

Jay Friday, 10 April 2020 07:50 AM

මිනිසා සිතා සිටියේ ඔවුන් පෘතුවියේ බලවත්ම ජීවීන් කියයි. නමුත් මිනිසා දැනගෙන සිටිය යුතු ප්‍රධානම කාරණය වන්නේ ඔවුන්ගේ බලවතා අන් කවුරුත් නොව. ස්වභාවධර්මය බවයි. අන් ජීවීන් නොමැතිව ස්වභාව ධර්මයට පැවතිය නොහැකි නමුත් මිනිසා නොමැතිව ස්වභාව ධර්මය වඩාත් හොඳින් පැවතිය හැක.

:       0       326

විජිත් Friday, 10 April 2020 09:19 AM

කෙලෙහිගුණ නොදත් "දෙපාවා" විසින්, තම ' ලාබය ' වැඩිකරගැනීම පිණිස ඉවක් බවක් නැතිව විනාශ කරන ලද මිහිකත හෙවත් සොබාදහම් මාතාව පසු ගිය මස 3 තුළදී ක්‍රම ක්‍රමයෙන් සුවවෙමින් සිටින බව ලෝකයේ හැම දෙසින්ම ඇසෙනවා. විකිරණයෙන් අපිව ආරක්ෂා කරන ඕසෝන් ස්ථරයේ බටහිර රටවල් වලට උඩින් පිහිටි කොටසේ සිදුවී තිබු " පැල්ම " නැවත හාවිමට පටන්ගෙනලු. මුළු ලෝකයේම අහසේ පැතිරී තිබු නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2 ) ප්‍රතිශතය සීග්‍රයෙන් පහත බැසීමට පටන්ගෙන මුළු අහසම විනාශ කළ ගුවන් යානා සියල්ලම අද බිම වැතිරිලා.''නැප්තා'' වැනි අතිශය විෂ ද්‍රව්‍ය මුහුදට අනිවාර්යයෙන්ම එක්කරන නවුකාවන් ප්‍රමාණය බොහෝ සෙයින් අඩුවෙලා.පසුගිය අවුරුදු 3 තුල මුළු ලෝකයටම තර්ජනයක් වෙමින් චීනය සහ ඇමෙරිකාව කළ විනාශකාරී " ඉන්ධන දහනය " 50% න පමණ පහතට වැටිලා.පරිසරයේ වායුගෝලයේ තිබු ඊයම් ප්‍රමාණය අඩුවෙලා. ඒවගේමයි අපේ ලංකාවෙත් සංචාරය කරනවා කියමින් පරිසරය විනාශ කරපු "මෝඩයින් "අද ගෙවල් වලට කොටු කරලා. සොබාදහම් අම්මගේ අකීකරු දරුවන් වුන මිනිසා අද මුහුණදී සිටින කොරෝනා නම් විනාශකාරී අවාසනාව ගෙනා වාසනාව කෙතරම් ලස්සනද ? පුදුමයි... ඇත්තටම පුදුමයි....

:       1       226

අශෝක් Friday, 10 April 2020 09:21 AM

ලෝක උරුමයක් වන නකල්ස් වනාන්තර ලස්සන සුන්දරත්වය. බුදු සරණයි සියලු ලක් වාසීන්ට !

:       2       220

Raveendra Friday, 10 April 2020 09:27 AM

මෙම ජායාරූප දැකීමේදී අනේ මේ අපේ රට කොච්චර ලස්සනද යන්න වැටහෙන්නේ අපට පමණක්ද ? මෙම වෛරසය ලෝකයේ හැම අතින්ම බලවත් කිවූ හාදයන්ටත් යන එනමං නැතිකර ස්වභාවධර්මයාට අවනත වෙයව් යන පණිවිඩය හොදින්ම ලබාදී ඇති මෙවන් මොහොතක අප රටේද පරිසරය විනාශ කරන අයට ද යමක් පැහැදිලිව කියාදී ඇති බවක් මෙම ලිපියෙන් පැහැදිලිය.

:       116       1104

parisara Friday, 10 April 2020 10:39 AM

මම හිතන්නේ මෙම ප‍්‍රදේශය වසරකට මාසයක්වත් ලොක්ඩවුන් කිරීම වඩාත් සුදුසු යැයි කියාය...

:       0       24

sanjeeva Friday, 10 April 2020 12:40 PM

මිනිසුන් නැත්නම් මේක පින්කෙතක් තමයි

:       0       26

Sidath Friday, 10 April 2020 12:41 PM

මේවා බළධාරීන්ගේ (ඇත්තටම ජනාධිපතිතුමාගේ) අවධානයට යොමුවිය යුතුමයි. මේ වසංගතයෙන් පසුව පරිසරය රැකෙන විධිහේ නව නීති ශක්තිමත් කළ යුතුයි. මෙවන් පරිසර පද්ධතිවල වාහන ධාවනය කරමින් පරිසර විනාශ කිරීමට ඉඩ නොදිය යුතුමයි. සංචාරක වියාපාරෙ දියුණූ කරන්න ඕනානම් ඒවට වෙන විකල්ප පරිසරය රැකෙන විධිහට හොයා ගත්තාවෙ.. බලන්න ඕනම එකෙක් පයින් ගිහින් බලලා ආවාවේ.. ඊට අමතරව වාහන ධාවනය අවම කරන්න අවධානය යොමුවිය යුතුමයි. මේ ගෙදර ඉදන් වැඩ කරන ක්‍රමවේදය හා එකි සෑම තැනකටම හදුන්වා දිය යුතුයි. ඒ තුලින් විශාල ඉන්ධන දහනයක් නවත්වා ගත හැකියි.

:       1       147

lalithm Saturday, 11 April 2020 03:04 AM

හෝටන් තැන්න වගේ ස්ථානවල ගියාම ඉන්න සතුන්ට බිස්කට් දෙනවා එපා කිව්වත් බිස්කට් දෙනවා. දවටනය, පොලීතීන් එතනම විසි කරනවා. අපේ අයට දැනීමක් නැතිකම හෝ දැනෙන අවයව කපා දමලද කොහෙද? යන්න දෙන ගණන වාහන, ටිකට් හරහා හෝ සීමා කරන්න ඕනේ. බීමත් මිනිසුන්ට යන්න නොදී ඉන්නත් ඕනේ.රටේ ස්වභාවික සම්පත් විදෙස් සංචාරකයින්ට විතරක් නොවේ වැඩි අයිතිය දේශීය සංචාරකයින්ට. අපි සලකන්නේ විදේශිකයින්ට විතරයි.

:       0       4

Sanjeewa Saturday, 11 April 2020 12:46 PM

අපි නකල්ස් ගියෙමු. එය ඉතා ලස්සන පරිසර පද්ධතියකි.

:       5       5

rasika Saturday, 11 April 2020 10:23 PM

පරිසරය හුස්ම ගනී... අපේ හැමදේ ලෝක උරුම කරලා අපට නැති වෙනවා .

:       0       7

chandima Sunday, 12 April 2020 12:42 PM

මටනම් පෙනෙන්නේ මිනිස්සු වනකරපු මහපොළොව දෙවියෝ යළි හදනවා වගේ.

:       0       1

kavinda Monday, 13 April 2020 03:29 AM

මිනිස්සුන් මෝඩයෝ කරන මේ වගේ කතා කියන එක ලංකාවේ පණ්ඩිතයන්ගේ හැටියක්. මාසෙකින් පරිසර පද්ධතියක් වෙනස් කරන්න පුවන්නම් පරිණාමය බොරුවක්. අර මහත්තයෙක් කිව්වා වගේ මවලා තමයි තියෙන්නේ. මෙවැනි පරිසර වේදියෝ කුමකටද?

:       0       0

Amula Monday, 13 April 2020 05:46 AM

මටනම් පේන්නේ මේ කොරෝනා වයිරසය හරහා ලෝකෙට පෙන්නපු දෙයක් තියෙනවා. සත්තු සර්පයින් පවා ලොකු නිදහසක් ලබාගෙන. ගහකොළ නිදහස ලබලා. මේ වෙන්නේ දෙවියන්වහන්සේගේ විසින් ලෝකය මවලා ඒකේ උතුම්ම ජීවය මනුස්සයා මැව්වට ඔවුන් හරියාකාරව ලෝකේ ගෙනිච්චේ නෑ. අවසාන අවස්ථාව දීලා තියෙන්නේ ගහකොළ ලස්සනට තියාගෙන ඔක්කොම ආදරෙන් සතුටෙන් සමගියෙන් ඉන්න. එවිට ලොව මීටවඩා සුන්දර වේවි.

:       1       2

harsha Tuesday, 14 April 2020 12:06 AM

ඔව් ඔව් වෙනස්කම්නම් ගොඩක් වෙන බව පේනවා. එහෙම දිනකම දුම්බර කදුවැටියේ කොහේ හරි අක්කර සිය ගානක් ගින්නෙන් විනාශ වෙනවා. මේවා ඔය පරිසර සංවිධාන දන්නවද කියන්නත් සැකයි. ඊයෙත් මඩොකලේ කන්ද ගිනි ගත්තා. කිසිම බලධාරියෙක් පේන්නත් නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site