(නයනජිව බන්ඩාර)
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට බලපා ඇති දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 35 කට පමණ අලාභහානි සිදුව ඇතැයි මොණරාගල ආපදා කළමනාකරණ ඒතතයේ සහකාර අධ්‍යක්ෂක රවින්දු කුමාර මහතා පැවසීය.
මොණරාගල කුඹුකන ප්‍රදේශයේ නිවාස 02 ක්,බුත්තල පැල්වත්ත හා කුකුරම්පොල ප්‍රදේශයේ නිවාස 08ක්,වැල්ලවාය මහ වෙළමුල්ල,මල්අත්තාවෙළ,යාලබෝව ප්‍රදේශවල නිවාස 12ක්,තණමල්විල කොටවෙහෙර මංකඩ හා හම්බෙගමුව ප්‍රදේශවල නිවාස 13ක් මෙසේ අලාභහානි සිදුව ඇතැයි ඒ මහතා කීය.
මාර්ග වලට ගස් කඩා වැටීම නිසා මාර්ග අවහිරවීම් රැසක් වාර්තා වූ බවද අපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියතට ලයිසන් අරන්ද තියෙන්නේ?
අනේ මන්දා... ස්වභාව ධර්මයත් එදිරි වෙලා මිනිස්සුන්ට එකපිටඑක ප්‍රශ්න...