IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වගා ළිඳක සිරව සිටි හැළ කිඹුල්ලු 12 ක් නිදහස් කරති

 

(සිතුම් චතුරංග)

වවුනියාව, කුරුඳුපිටිය ප්‍රදේශයේ වගා ළිඳක මාස ගණනාවක සිට සිරවී සිටි කිඹුල් මවක හා පැටවුන් 12 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ආරක්ෂිත ප්‍රදේශයකට නිදහස් කිරීමට කුරුදුපිටිය ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් සමත්වූහ.

මාස ගණනාවක සිට කිඹුලකු හා පැටවුන් කිහිපදෙනකු ළිඳක් තුළ සිරවී සිටින බවට නිරීක්ෂණය වීමෙන් පසුව තරුණයින් පිරිස බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කිඹුලා සහ පැටවුන් ගොඩට ගෙන නිදහස් කර තිබේ.

ප්‍රදේශවාසීන් පැවසූවේ අසළ වැවක සිටි කිඹුල් මව ආහාර සොයා ගමන් කිරීමේදී අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවත් මාස ගණනක් ළිඳ තුළ සිරව සිටීමෙන් එහිදී බිත්තර දැමීමෙන් පසුව පැටවුන් බිහිව ඇති බවයි.

කිඹුල් මව අඩි අටක් පමණ දිග හැළ කිඹුල් විශේෂයට අයත් වේ. ළිඳ තුළින් ගොඩ ගත් කිඹුල් පැටවුන් ප්‍රදේශයේ ජල පෝෂක ස්ථානයක් වෙත මුදා හැරීමට කටයුතු කෙරිණි.



අදහස් (1)

වගා ළිඳක සිරව සිටි හැළ කිඹුල්ලු 12 ක් නිදහස් කරති

සමන් -ඕමානය Sunday, 20 September 2020 08:07 AM

සතුට දනවන පුවතකි. මෙම උදාර කර්තව්‍යයට මූලික වූ එම තරුණ පිරිසට මගේ ප්‍රණාමය හා සුභාසිංසනය...!!!. පරිසරය ගැන, වන සතුන් ගැන සංවේදී වන තරුණ පිරිස් බිහිවීම අතිශයින් ප්‍රීතියට කරුණක්... අනෙකුත් අයටත් මෙය ආදර්ශයක් වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site