IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මහ උස්වැව දරුවෝ ගස් යට අකුරු කරති

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වසර ගණනාවක සිට  ගොඩනැගිලි නොමැතිකමින් ගස් යට අකුරු කරන ආණමඩුව ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලයේ දරුවන් වෙත කිසිදු බලධාරියකුගේ අවධානය යොමු වී නැති බව දෙමව්පියෝ පවසති.

1980 දශකයේ ඉගිනිමිටිය ව්‍යාපාරය ආරම්භ කිරිමක් සමඟ ඇරඹී ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලය පළමු ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා පංති පැවති බවත් ප්‍රදේශයේ දිප්තිමත් පාසලක් වූ බවද කියයි.

කෙසේ නමුත් මේ වන විට කිසිඳු මුලික පහසුකමක් නොමැති මෙම දරුවන් වසර ගණනාවක සිට අන්ත අසරණ කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි බරපතල ගැටළු මතු කර තිබේ. ගරා වැටුණු ගොඩනැගිල්ල හා අබලන්  වැසිකිළි කැසිකිළි පද්ධතිය මේ දරුවන් තවත් අසරණ කර තිබේ. එසේම බීමට පිරිසිදු ජලය මේ භූමියේ  නොමැත.

වසර 30 කට පෙර පාසල ආරම්භ කිරිමත් සමඟ ඉදිකළ එකම ගොඩනැගිල්ල හැර කිසිඳු ගොඩනැගිල්ලක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ වන තුරු  ලබා දී නොමැති බව දෙමව්පියෝ පවසති.

එසේම වසර 30 කට පෙර ඇරඹී මෙම පාසලට හිමි වූ එකම ගොඩනැගිල්ල අද වනවිට  බරපතල ලෙස අබලන් වී තිබේ.

එහි බිත්ති පුපුරා තැනින් තැන ගිලා බැසීමකට පවා ලක්වී තිබේ.මෙම ගොඩනැගිල්ලේ වහලයේ පරාල වලට කෘමින් හානි කරමින් විශාල රංචු ලෙස රැදී සිටීමත්  සමඟ මේ වන විට වහලය කඩා වැටීමේ අවදානමකට ලක් වී තිබේ.

මේ නිසාම දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවන් අබලන් ගොඩනැගිල්ලේ අධ්‍යාපනය  හැදැරු දරුවන් එයින් ඉවත් කර ගැනීම සිදුකර ඇත්තේ බළධාරින්ට දිගින් දිගටම කළ ඉල්ලීම් පසෙක දැමීමේ තත්වය හමුවේ බව කියයි.

උගතුන් රැසකට මුලාරම්භය වු ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලය අද වන විට පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිමා වී තිබේ.

මේ වන විට  මුළු පාසලේ දරුවන් පිරිස ද 112 කට අඩුවී ඇත්තේ පාසල තුළ පවතින අඩුපාඩු හේතුවෙන් දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනත් පාසල් වෙත රැගෙන යාමේ හේතු මත කියයි.

කෙසේ නමුත් දෙමාපියන් පවසන්නේ වසර වසර 30 කින් කිසිදු බලධාරියකු මෙම පාසල තුළ පවතින අඩුපාඩු සොයා නොබැලිම බරපතල ගැටළුවක් වී ඇත.

ඩිජීටල් තාක්ෂණය හරහා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට සුදානම් වන වගකිව යුත්තන්ට ඉහළ උස්වැව දරුවන්ගේ දෑස පාදන්නට පාසල තුළ පවතින සමස්ත අඩුපාඩු සකසා දෙන්නේ කවදා දැයි මේ දරුවන් බලා සිටිති .

මේ පිළිබදව කළ විමසිමේ දී පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු.පී.එස්.කේ. විජේසිංහ මහතා මෙසේ පැවසීය.

“ පාසලේ පවතින තත්වය අනුව අපි කඩිනමින් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන්න කටයුතු කරනවා. ඉතිරි ගැටලුත් අපි ඉක්මණින් විසඳන්න කටයුතු කරමින් සිටිනවා.මෙම පාසලට අකුරු කරන්නට පැමිණෙන දරුවන් අතරින් බහුතරයක දරුවන්ගේ මව්පියන්ගේ රැකියාව දෛනික කුලී වැඩ කිරිමයි. එවන් වටපිටාවක තම දරුවන්ගේ අනාගතය ජය ගැනීමට මේ මව් පියන්ට සිහිනයක් වී තිබෙනවා.’’  



අදහස් (6)

මහ උස්වැව දරුවෝ ගස් යට අකුරු කරති

Raveendra Friday, 18 September 2020 08:54 AM

අහිංසක මහජනතාවගේ බදුමුදල්වලින් පිනට ගන්න වාහන පර්මිට් එකට අඬන මහජන නියෝජිතයින්ට මේ අහිංසක දරුවන්ගේ පාසලේ අඩුපාඩු යථාර්තවාදීව දැකීමට හැකිවේවා..!!!

:       0       162

Pradeep Friday, 18 September 2020 10:59 AM

රටේ මෙවන් මූලික අවශ්‍යතාවයන්වත් නොමැති පාසැල් කොතෙකුත් තිබියදී තමයි පහුගිය රජයේ බලධාරින් පාසැල් සිසුන්ට ටැබ් දෙන්න යෝජනා කලේ... අනේ මේ දරුවන්ට කවදා නම් ටැබ් ලැබේවිද? අධ්‍යාපන ඇමති සහ බලධාරීන් කොළඹින් පිට පළාත්වල සංචාරය කර පාසල්වල තත්වයන් ගැන විමසා බලා තීන්දු තීරණ ගන්නවා නම් වටිනවා. AC කාමරවල පුටු රත්කරමින් ඉඳ තීරණ ගන්නේ නැතුව...

:       0       76

janahitha Friday, 18 September 2020 11:47 AM

මේ ගැන ජනාධිපතිට දන්වා යවනවා... මේ අලුත්වැඩියාව මහවැඩක් නොවේ. නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව පෙන්වන්නක්.. කලාප අධ්‍යක්ෂක ඉවත් කරන්නත්, ප්‍රදේශයේ දේශපාලකයාගෙන් ප්‍රශ්න කරන්නත් ඉල්ලා සිටියා... බලමු ඉදිරිය.. බුදු සරණයි.

:       0       18

janahitha Friday, 18 September 2020 11:51 AM

කවුද ඔය ගමේ ඉන්නේ..? ඔය ගහ කපලා ඉවත් කරලා වහලේ අලුත්වැඩියාව දවසින් කරන්න පුළුවන්.. ගමේ කවුරුවත් නැතිද කොන්ද තියෙන කෙනෙක්?

:       0       45

Champa Friday, 18 September 2020 04:36 PM

මෙහෙම ඉස්කෝල තියෙනවදවත් කියල අහලා නැති ආණ්ඩුව, එක අයෙකුට කෝටි 3 ක් වටින වාහන පර්මිට්, අලුත් මන්ත්‍රීවරු 79 කට දෙන්න යනවා. පරණ අයට ඊට පස්සේ. තව නිල නිවාස හොයනවා. ආණ්ඩුවට නම් තිතට සෞභාග්‍යය...

:       1       65

Jagath Ekanayake Friday, 18 September 2020 09:22 PM

මම ගියා මේ පාසලට සෙමිනා එකක් කරන්න. දරුවෝ විනාඩි 5න් 5ට එළියට යනවා. ඇඳුම්, අතපය හෝදනවා. හේතුව කුරුමිණියෝ ජරාකරනවා. දරුවන් ගොඩක් බයෙන් පන්ති කාමරයේ වැඩ කරන්නේ. දරුවන් වෙනුවෙන් ඉක්මන් නොවුණොත් මහා විනාශයක් ළඟයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 399 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site