


(කවිතා සුබසිංහ)
කොරෝනා වයිසරය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමට මහර බන්ධනාගාරයේ රැඳවියෝ මේ දිනවල කටයුතු කරමින් සිටිති.
මහර බන්ධනාගාරයේ වෘත්තිය පුහුණු පාඨමාලා යටතේ ක්‍රියාත්මක වන ඇගළුම් නිෂ්පාදන පාඨමාලාවේ නිරතව සිටින සිර දඬුවම් විඳින රැඳවියන් විසින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන විරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සපයන ලද අමුද්‍රව්‍ය ඒ සඳහා යොදා ගෙන ඇත.
ඒ අනුව මෙම නේවාසිකයින් විසින් නිම කරන ලද මුඛ ආවරණ ප්‍රථමයෙන්ම මහර බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින නේවාසිකයින් වෙත ලබාදීමට කටයුතු කර ඇත.
රටටම අවශ්‍ය හිඟ මුඛ ආවරණ නිපදවීම සඳහා ද මහර බන්ධානාගාරයේ නේවාසිකයින් ක්‍රියා කරන අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ වැඩිදුර උපදෙස් මත එම කටයුතු ඉතා ඉක්මණින් සම්බණ්ධීකරණය කර රාජ්‍ය ආයතන සදහා මුඛ ආවරණ ලබාදීමට කටයුතු කරන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
ඉතාම හොදයි අගයකල යුතුයි. නමුත් මෙම රෙදි මුහුණු ආවරණ තුළින් විසබීජ ගමන් කරයි. මේ සදහා සුදුසු මුහුණු ආවරණ වන්නේ N95 සහ සුර්ගිචාල් මුහුණු ආවරණයි.
කෝ මේ දයා ගමගේ, දයා ගමගේ රටට සේවය කරන්න රජයේ ඇමතිවරයෙක්ම වීමට අවශ්‍ය නැත ඔබගේ තිබෙන්නා වූ කර්මාන්ත ශාලා යොදවා මුහුණු ආවරණ, වෙනත් දේවල් සකස් කර රජයේ රෝහල්වල ට බාර දෙන්න කට යුතු කරන්න. හැකිනම් නොමිලේ දෙන්න.
ලුණු ආලේපිත මුහුණු ආවරණ මගින් (එහි තෑවරෙන) කොරෝනා වයිරසය විනාශ කළ හැකියයි කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යේෂණකදි සොයාගෙන තියනවා. - biomedical engineer - Asst. Prof. Hyo-Jick Choi එය සෝඩියම් ක්ලෝරයිඩ් ( මේස ලුණු) සහ පොටෑසියම් ක්ලෝරයිඩ් (ලේ වල පොටෑසියම් ඌනතාවය සඳහා ප්‍රතිකාර කරන්න භාවිතා කරනවා - hypokalemia) මිශ්‍රණයක් මුහුණු ආවරණය දෙපැත්තම ලුණු ද්‍රාවණයක් ඉහල (spray) අපට එය සැලසුම් කළ හැකියි (improvise). එය වියළී ගිය විට පාවිච්චි කරන්න පුළුවන්. American Lung Association එකත් කියනවා සිහින් ලුණු අංශු ආශ්වාස කිරීම හොඳයි කියලා. ( ලුණු පතල් කම්කරුවන්ට ශ්වසන ආබාධ හෝ පෙනහළු රෝග ඇති නොවන බව 1843 දී, ෆීලික්ස් බොස්කොව්ස්කි නම් පෝලන්ත වෛද්‍යවරයෙක් දුටුවේය)