(ප්‍රියානි මංගලිකා )
ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා අති විශාල පිරිසක් අද (30) පැමින සිටි අතර රෝගීන් ප්‍රධාන මාර්ගයේද පෝලිම් සැදී සිටියහ.
ප්‍රතිකාර සඳහා වෛද්‍ය කණ්ඩායමක් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද යොදවා තිබු අතර වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතාද තත්වය පාලනය කිරීමට එක්ව සිටියහ.
නිකවැරටිය ප්‍රදේශයේ සියලු පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වසා දැමීම හේතුවෙන් තත්වය උග්‍ර අතට හැරී තිබුණි .






COMMENTS
මේ කරන ගොන් වැඩ නිසා මිනිස්සු ටික ඉක්මනින්ම මැරිලා යාවි. මෙයාලා මහා ලොකුවට කියන්නේ මිනිස්සුන්ට එකතු වෙන්න එපා කියලා. නමුත් දැන් මෙතන කොච්චර සෙනගක් ඉන්නවද? හදිසියේවත් කොරෝනා අසාදිත කෙනෙක් හිටියොත් තව කී දෙනකුට මෙතනදීම අසාදනය වේවිද? ඩිස්පැන්සරි ටික ඇරලා තිබ්බානම් මෙච්චර සෙනගක් කවදාවත් එක තැනකට යන්නේ නැහැ. එක එක තැන්වලට බෙදිලා තමයි යන්නේ. ඒ යන්නෙත් එක සැරේට නෙවෙයි. මේ ඉන්න තකතීරුවන්ට මේවා තේරෙනකොට මිනිස්සුන්ගෙන් භාගයක්ම මැරිලා තියේවි.