ළහිරු හර්ෂණ
තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාටත් ඔවුන්ගේ පුහුණුකරුට සහ බේරාගැනීමේ මෙහෙයුමේදී මියගිය කිමිදුම්කරුවා වන සමන් කුනන් මහතාට සෙත් පතා බෝධි පූජා පිංකමක් අද (10) කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානෙයේ දී පැවැත්විණි.
විහාරාධිපති ආචාර්ය ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරුණු පිංකම සඳහා විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහාභාගී වී සිටි අතර කොළඹ තායිලන්ත තානාධිපතිනිය චූලාමනී චන්සුවන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරවීසිටි සියලුම දරුවන් ( පුහුණුකරු ඇතුළුව ) බේරාගත් වීරයන්ට චිරජීවනය උදාවේවා! ! මියගිය වීරෝධාර කිමිදුම්කාර මහත්මාට භවගමන නිමවී අජරාමර නිවන් සුවය ලැබේවා!!!.
සියලුම දරුවන් හා පුහුණුකරු බේරාගැනීමට කටයුතු කල සියලු දෙනාට චිරජීවනය උදාවේවා. ඒ අය දෙවිවරු වැනිය . මියගිය වීරෝධාර කිමිදුම්කාර සමන් ගුණාං මහත්මාගේ භවගමන නිමවී අජරාමර නිවන් සුවයම ලැබේවා!!!. සාදු සාදු මේ සියලු බොහොම ලොකු පින්කමක් කරගෙන තිබෙන්නේ.
තායි දරුවන් වෙනුවෙන් බෝධිපුජාවක් කරන එක හොදයි , නමුත් බෞද්ධ රටක් වන තායිලන්තයත් ඔවුන්ව බේරාගත්තේ ලෝකයේ රටවල් ගණනක දැනුම පළපුරුද්ද සහ තාක්ෂණය නිසා
මෙම දරුවන් මුදාගැනීමේ සාර්ථකත්වයේ රහස මාධ්‍යයට ඒ පළාතේ එන්න නොදී සිටිය එක සහ මුදා ගන්නා දරුවන් සියල්ල අවසන් වන තුරු දෙමව්පියන්ටවත් බලන්න නොදීම. අනෙක ලංකාවේ වගේ දෙමව්පියන් කැරලි නොගැසීම සහ මාධ්‍ය ඉවසීමෙන් සහය ලබා දීම
මේක හොඳ වැඩක් ඒ වුනත් අපේ ඉන්න අහිංසක දරුවන් වෙනුවෙනුත් පින්කමක් කරන්න කියලා ඉල්ලනවා.
අපේ දරුවන් වෙනුවෙනුත් පින්කම් කරන්න කිව්වම සීයකට වඩා වැඩි දෙනෙක් ඩිස්ලයික් දාලා. මොකක්ද අප්පා අපේ අය දිහාත් බලන්න කියන එකේ වැරැද්ද?
ලංකාවේ ළමයි වෙනුවෙන් පින්කම් කලාට ආධාර ලැබෙනවද
මෙච්චර දවසක් බලන් ඉදලා දරුවන් එලියට ගත්තම බෝධි පුජා තියනවා.