භික්ෂූන් වහන්සේලා සිරගත කිරීමට එරෙහිව, සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මාතෘභූමි සුරක්ෂයෝ සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව ලෝටස් පාරේ දී පැවැත්වේ.
විරෝධතාවය හේතුවෙන් මේ වන විට ලෝටස් පාර වසා තිබේ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩු පෙරලන ගාය මිසක් මේ ස්වාමින් වහන්සේලාට තමන්ට සිව් පසය ලබාදෙන දායකයින් හට අර්ථයෙන්, ධර්මයෙන් ධර්මානුශාසනා කරන්නට හිතෙන්නෙම නැද්ද? ශාසනය පිරිහෙනවා, බුද්ධාගම අනතුරේ කියලා කාටවත් දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. වැරැද්ද අපේම නම්...
මෙය නීතියට එරෙහි වීමක් නොවේද.. ?
බන්ධනාගාරගත කරපු හාමුදුරුවන් වහන්සේලා නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරන අය... හාමුදුරුවන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් වී සිල් රැකගෙන, පන්සල් දියුණු කරගෙන, ශාසනය රකින්න ධර්ම ප්‍රචාරන කටයුතුවල නියැලෙන්න කියලා මුළුරටම එකතුකරගෙන එකහඬින් උද්ඝෝෂණය කළානම් මව්බිමත්, ශාසනයත් රැකේවි.
මෙය අධිකරණ තීන්දුවට එරෙහිව කරන විරෝධයක් .....මෙය අධිකරණයට එරෙහි වීමක් අධිකරණයට අපහාස කිරීමක්, තරාතිරම නොබලා මේ අයට නිසි දඩුවම් දිය යුතුයි .
මොවුන්ව පන්සල් වලින් එළියට අරගෙන යලිත් ගිහි ජීවිතයට පුනරුත්ථාපනය කල යුතුයි... එහෙම නොවුනොත් මෙයාලා බුද්ධ ශාසනය විනාශ කරලා තමයි පස්ස බලන්නේ.. ! බෞද්ධයිනි අවදිවෙයව් !!!
මේ අය කියන්නේ හරියට... නිස්සරණ වනයේ භාවනා යෝගීන් සමවැදී සිටින මාර්ගඵල ලබාසිටින හිමිවරුන් කුදලාගෙන ගොස් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරලා වගේ ... අබුද්ධස්ස කාලේ..
අනේ අම්මෝ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනේට ගිය කලක්...
මේ විකාර මේ අයටත් බෝවෙලාද?
ශ්‍රී ලංකාවේ ගිහියන්ට ලොකු ගැටළුවක් ඇත ...මහන වෙන්නේ ...දේශපාලනේ කරන්න ද ? උද්ඝෝෂණය කරන්න ද ?...බුද්ධ ශාසනේ රකින්න ද ...???
අනේ බුදුහාමුදුරුවේ හිටියා නම් ශාසන ගැනත් කලකිරෙනවා එතකොට මේ මල විකාර ....පස් පෙර නිමිත් වේවිදෝ මන්දා ...?
"සිංහල අපට විතරද සුද්දගේ නීතිය" කියල අහන එකේ තේරුම මොකද්ද? සිංහල රජ කාලේ නීතිය නම් ඉල්ලන්නේ අන්තිමට උල තියල තමයි නවතින්නේ.
දෙකක් නෑ මේවා පිටිපස්සේ ඉන්න රාජපක්ෂලා තමයි .
සුද්දගෙ නීතිය හොඳ නැත්නම් රජ නීතියට යමු. රජා තින්දුව දුන්නට පස්සෙ උල තියනව.. නඩු කල් යන්නෙ නෑ.. ඇපිල් නෑ.. "අපි නම් බය නෑ.. අපි වැරදි කරල නෑ."
අද අපේ හාමුදුරුවරු බොහෝ දෙනෙක් දන්නේ නැහැ තමංගේ තත්වය හා සඟ ගෞරවය ආරක්ෂාකරගෙන ඉන්න. දින කීපයකට පෙර මා විද්‍යුත් මාධ්‍යයෙන් දැක්ක සිද්ධස්ථාන හත අටකටම අධිපති හාමුදුරුනමක් දේසපාලන නායකයෙකු සමග ගමන්කරනවා ......එහිසිටි සුදු ඇඳගත් අය අපේ හාමුදුරුවන්ට වදින්නෙ නැතුව දේසපාලන නායකයට වඳිනවා.
මේ වෙලාවේ රට පාලනය කරන්න තිබුණේ සර් ජෝන් කොතලාවල මැතිතුමායි.