






ළහිරු හර්ෂණ
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාදා නිමකළ අංග සම්පූර්ණ ගොඩනැඟිලි ද්විත්වය අද(28) එයාර් කමාන්ඩර් උදුල විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙන ලදී.
ගුවන් හමුදා දායකත්වයන් පැය 24 පුරා සේවය කර දින 10 කට අඩු කාලයකින් සාදා නිමකල මෙම ගොඩනැගිල්ල කාමර 16 කින් සමන්විතය.
අනිල් ජාසිංහ මහතා විසින් අනතුරුව අයිඩිඑච් රෝහලේ අධ්‍යක්ෂක හසිත අත්තනයක මහතා වෙත මෙම ගොඩනැගිල්ල බාරදෙනු ලැබීය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ දායකත්වය අනුව මෙය සිදු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් නුවර ප්‍රදර්ශන ශාලාවක ඇඳන් 4000 ක රෝහලක් යුධ හමුදාව විසින් සතියක් ඇතුලත ඉදිකරගෙන යනවා කියල වාර්තාකර තිබෙනවා දුටුවා. එම රෝහල ලබන සතියේ විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ මඟින් රෝගීන් ඇතුලත් කිරීමෙනුයි. ඒ රටවල දොරවල් අරින පින්තුර අරගෙන පත්තරේ දාගන්න, සුවවෙන ලෙඩ්ඩු ඉඹින්න, මැති ඇමති වරු හෝ රාජ්‍ය නිලධාරින් කවුරුවත් එන්නේ නැහැ.
අපේ විරුවන්ට ජය වේවා....!!!
මෙන්න තම යුතුකම් රට වෙනුවෙන් කරන පුරවැසියන් අරක නැහැ මේක නැහැ ... අරක අඩුයි, මේක අඩුයි කියන අයට මේවා ආදර්ශයක් වේවා !!!
COVID-19 වෛරසය මැඩපැවැත්වීම සදහා යොදාගෙන ඇති සාම රෝහලකම සේවයකරන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා " Army's Chemical, Biological, Radiological and Nuclear (CBRN) unit 5HA බැගින් සෑම රෝහලකටම ස්තපිතකළහොත් රෝහලේ සිට නිවෙස් වෙත යාමට පෙර ඔවුනට මෙම " Disinfecting UNIT " එක තුලින් ගමන් කර පිටව යාමට සැලසීමෙන් රෝහල් කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේත් එම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයට ගත හැකි හොදම පියවරකි. ඔවුන් සියලු දෙනා එය අගයකරනු නොඅනුමානය
මම මේ කොමෙන්ට් දාන අයගෙන් අහන්නේ පහු ගිය අවුරුදු වල නිතර හිටපු පාලකයෝ කියපු දෙයක් තමයි පසුගිය පාලනය කරපුව නිසා අපට කරගන්න බැහැ කියලා කරපු අදෝනාව. එක දැන් ඇහෙන්නේ නැත්තේ කියලා සබුද්ධිකව කල්පනා කරලා බලන්න. රට හදා ගන්න ලැබුන අවස්ථාවක්. ඕන දෙකෙන් වැඩක් ගන්න, නායකයෙක් අවශ්‍යයි.