IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අරන්තලා භික්ෂු ඝාතනයේ 33 වැනි ගුණ සැමරුම ශ්‍රී ඉන්දසාර පිළිරුව අසළදී

(වසන්ත චන්ද්‍රපාල , සදරු බංඩාර සහ කුමාර  සී ලියනආරච්චි)
 
කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි ඝාතනය කරන ලද හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමි ඇතුලුව භික්ෂුන් වහන්සේ ලා 32 නම සිහිකිරිමේ 33 වැනි ගුණ  සමරුව නිරෝධායන නිති රීති වලට යටත්ව අරන්තලාව ශ්‍රි ඉන්ද්‍රසාර පිළරුව අසලදි  අද(02) පැවැත්විණි.
 
මහා සංඝරත්නය විසින් හෑගොඩ ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා උපහාර දැක්විමෙන් අනතුරුව බුද්ධ ශාසන සහ සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ස්ථිර ලේකම් බන්දුල හරිශ්චන්ද්‍රල අම්පාර දිසාපති බී.එම්.එල්. බණ්ඩාරනායක, ශ්‍රිලංකා යුද යහමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ යන මහත්වරුන් විසින් ශ්‍රි ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා උපහාර කළහ.
 
පසුව මහා සංඝරත්නය ඇතුලු ගිහි පිරිස විනාඩියක නිශ්ශබ්දතාවය රකිමින් මියගිය භික්ෂුන් වහනසේලා  සිහිපත් කරනු කළහ.
 
ඉන් අනතුරුව අරන්තලාව භුමියේ තැන්පත් කර ඇති හිමිවරුන් ගමන් කළ බස් රථය ඇති ස්ථානයේ අධිෂ්ඨාන පුජාවක් පවත්වනු ලැබිය.
 
නැගෙනහිර පලාතට  විශාල බෞද්ධ ප්‍රබෝධයක්  ඇතිකල අපවත් වි වදාල හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර හිමියන් ගේ සේවය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හැටියට නොකඩවා කරගෙන යන බව උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝ නායක අම්පාර මහාවාපි විහාරාධිපති  අරන්තලාව බෞද්ධ  හිමියෝ පැවසූහ.
 
 
එදා ධර්ම ප්‍රචාරක කටයුත්තක් සදහා යමින් සිටියදි අපේ නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය 32 නමක් කොටි ත්‍රස්තවාදින විසින් ඝාතනය කරාගමේ අරන්තලාව භුමිය රක්තවරණ රැධිරයෙන් තෙත්වි ගියා .  මුලු රටම එකම මළ  ගෙයක්  බවට පත්උනා. මෙම ප්‍රහාරයෙක් දිවි ගලවා  ගත් අදා උල්පත බුද්ධසාර හිමියන් සහ හගුරන්කෙත පුඤ්ඤාර හිමියන් අදත් රෝගතුරව සිටිනව‍ා.
 
උන් වහන්සේලා දිවිපිදු මේ භුමිය පසු කලෙක අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස වැඩ කටයුතු ආරම්භ කරා  . අදවෙන විට මෙම ස්ථානය පිරිවෙණක් පවා ආරම්භ කිරිමට අපි කටයුතු කර තිබෙනවා. මෙම ස්ථානය පුජා භුමියක් ලෙස කටයුතු කිරිමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් සහය අපට අමතක  කරන්න බැහැ.
 

 
ත්‍රස්තවාදය නිසා අපේ රටේ හිමිවරුන් 69 ක් පමණ  ඝාතනය උනා වැඩි පිරිසක් ඝාතනය උනේ අරන්තලාවේදි . ඒක නිසා ජුනි 02 වෙනි දින ත්‍රස්තවාදයෙන් මියගිය සියලුම හිමිවරු සිහිකිරීම සදහා ජාතික අනුස්මරණ දිනයක් හැටියට නම් කර ලෙසට අපි රජයෙන් ඉල්ලා  සිටින බවද කිරිදිවැල සෝමරතන හිමියෝ සඳහන් කළහ.
 
බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු පිලිබද අමාත්‍යංශයේ ස්ථිර ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර ,අම්පාර දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක  යන මහත්වරුන්ද මෙම අවස්තාවේ අදහස් දැක්වූහ.
 
ශ්‍රිලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේලමහඔය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුනවර්ධණ, මහඔය ප්‍රාදේශිය ලේකම් සුදර්ශන ගුනවර්ධන, අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, සිවිල් ආරක්ෂක බලකායේ  මහඔය කලාප අණදෙන නිළධාරි කර්නල් චින්තක අතපත්තු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (27)

අරන්තලා භික්ෂු ඝාතනයේ 33 වැනි ගුණ සැමරුම ශ්‍රී ඉන්දසාර පිළිරුව අසළදී

mohomed Tuesday, 02 June 2020 01:25 PM

යාපනය පුස්තකාලය ගිනි තියපු එකට?

:       380       154

SLTuesday, 02 June 2020 02:04 PM

තව මොනවද ඕනේ මොහොමඩ් පාස්කු ප්‍රහාරයට? නැගෙනහිර පන්සල් ටිකට අයිති ඉඩම් අල්ලනවට, විල්පත්තුව කපනවට අමතක වුණා.

:       1       268

විමලාවතී Tuesday, 02 June 2020 02:33 PM

ඒකට වග කියන්න ඕනෑ ගාමිණි දිසානායක ප්‍රමුඛ එවක පැවති ජාතික පක්ෂ ආණ්ඩුවයි. දිසානායකගේ සොහොනටත් හෙන වදින අපරාධයක් ඒක.

:       24       151

chinthakaWednesday, 03 June 2020 12:40 PM

ගාමිණී දිසානායක කිසිම වරදක් කරලා නැහැ. එතුමා හදපු මහවැලි යෝජනා ක්‍රමයෙන් අදටත් මොනතරම් නම් සිංහල පවුල් ගාණක් ප්‍රතිලාභ ලබනවද? ගාමිණිත් හොඳ සිංහල නායකයෙක්, ප්‍රේමදාසත් හොඳ සිංහල නායකයෙක්, DB හොඳ සිංහල නායකයෙක්, මහින්ද සහ ගෝඨාත් හොඳ නායකයින් දෙදෙනෙක්. මහින්ද අවියෙන් දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ට කරපු දේ ගාමිණී, ප්‍රේමදාස වැන්නවුන් මොලෙන් කළා.. ඔවුන් ඔක්කොම අපේ හොඳ සිංහල නායකයෝ...

:       0       16

subhaniWednesday, 03 June 2020 01:49 PM

ඔව්, ගාමිණී තමයි කට්ටියක්ව අරන් ගිහින් යාපනේ පුස්තකාලේ ගිනි තියෙව්වේ. එකෙන් එයා අදහස් කලේ යාපනේ උගතුන් ඇතිවීම අඩු කරන්න. කෙසේවෙතත් ඒ වැඩේ මහාම මහා අසාධාරණ වැඩක්. කෙසේවෙතත් දැන් යාපනේ පුස්තකාලයේ හොඳපොත් එකතුවක් තියෙනවා...

:       2       35

PradeepTuesday, 02 June 2020 03:10 PM

ඒකට විතරක් නෙමෙයි.. කොටි සංවිධානය විසින් සිදුකල කිසිම දෙකට ඔවුන්ට සමාවක් නෑ. යම් දිනක ඔවුන් වපුරාලු බෝගවල අස්වැන්න ඔවුන් විසින්ම නෙලා ගනු ඇති. හොඳම විනිසුරුවා තමාගේ හෘද සාක්ෂියයි. එයින් කිසිවෙකුටත් ගැලවීමක් නැත..

:       1       221

තරංගාTuesday, 02 June 2020 03:20 PM

පාස්කු ප්‍රහාරය එතකොට...!!!

:       2       143

Hafeel Tuesday, 02 June 2020 07:33 PM

යාපන පුස්තකාලය ගිනි තියපු එකට මේ අහිංසක භික්ෂූන් වහන්සේලාගෙන්ද පළිගන්නේ? එදා මේ සිදුවීම් රූපවාහිනී ප්‍රවෘත්තියේ දැකල, මටත් කම්පාවුණා.

:       31       56

dilanWednesday, 03 June 2020 12:35 PM

ඔහෙලට මොන පුස්තකාලද? ඔය කාටහරි කඩේ ගිහින් ඉන්නවලා...

:       31       3

samantha Wednesday, 03 June 2020 12:42 PM

කලබල වෙන්න එපා, මෙයා එහෙම කෙනෙක් නෙවෙයි.. ඒ අයට කඩේ යන අපේම වර්ගයේ ජාතියක්, ජම්මයක්, ජාතකයක් නැති කෙනෙක්..

:       0       2

විජිත් Tuesday, 02 June 2020 02:19 PM

රට වෙනුවන් දිවි පුදා අපවත්වූ මේ සියලුම ස්වාමින් වහන්සේලාට මම හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා....!!! ඒ වගේමයි.. මේකත් නොකීවොත් මෙය සම්පුර්ණ වෙන්නේ නැහැ.. කුරා කුහුඹුවෙකුටවත් අපරාධයක් නොකළ මේ ස්වාමින් වහන්සේලාව අපවත්කල කෘර ඝාතකයින්ට අන දුන් ත්‍රස්තයා - කරුණා ( නම කරුණා වුනාට කරුණාවක් තිබුනානම් මේවගේ මහා ඝාතනයක් කරයිද..?) අද කොහෙද..?කා සමගද..? මොනවාද කරන්නේ..? 2009 දී මොහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වරයෙක් ලෙස පත්කරගත්තා. මෙයිනුත් පැහැදිලිවම කියන්නේ එකම කතාවයි...දේශපාලුවා සිංහල වුත්,දෙමල වුණත් , මුස්ලිම් වුණත්.. ඔවුන් එකම කුලකයකයි..කියලා. මේ දේශපාලුවන් තුන් ගොල්ල අතරේ ලොකු සහජීවනයක් තියෙනවා. සිංහල, දෙමල, මුස්ලිම් මිනිස්සුනේ.. මේ ටිකත් හිතන්න. ශ්‍රී ලංකාවේ දේශපාලුවන්ට නුඹලාව අවශ්‍ය නුඹලාට හිමි නිදහස් චන්දය " හොරා ගන්නකම් " පමණයි.. ඊට පස්සේ ඔවුන් කියන විදිහට නුඹලා නටන්න ඕනා.. "බැහැයි." .කිවොත්.. උන් නුඹලාව "ජාති වාදියා " කියලා හංවඩු ගහනවා.."...දැන්වත් මේ ඇත්ත ගැන හිතන්න. සිංහල දෙමල මුස්ලිම් මේ ඔක්කොම අහිංසකයෝ. .දුෂ්ට දේශපාලුවන්ගේ පව් ගෙවන......

:       3       896

දේශපාලනයේ හෙළුවTuesday, 02 June 2020 10:09 PM

ඉතාම හොඳ අදහස් ප්‍රකාශ කිරීමක්. සැබෑ සත්‍ය මෙයයි. මේ සිදුවන සියලු රගපෑම් වල සත්‍ය දකින්න එක්කෙනෙක්වත් ඉන්නවනේ කියලා හිතනකොට දැනෙන්නේ කුඩා හෝ බලාපොරොත්තුවක්. මේ රජ දේශපාලනයේ හෙළුව සැමට මොනවට පසක් වූ වර්තමාන අවස්ථාව වන්නේ හිටපු අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතාගේ මරණය, අවමගුල් උත්සවය හා අාදාහනයයි. බහුතරයකගේ සිතීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වඳවී හෝ විහින්ම වැඩ කරගෙන ඇත. වර්තමානයේ පවතින තුට්ටුදෙකේ අසීලාචාර මාධ්‍යවල ප්‍රවෘත්ති හා වැඩසටහන් තනි ක්‍රම සත්‍ය ලෙස ඔලුව පුරවා ගැනීම හා ඒ අනුව රූකඩ බවට, අනිකාගේ අතකොලු බවට පත්වීම පමණක් සිදුවේ. මේ රට මෙහෙයවන්නේ සියලු ජාතීන්ට අයත් හොරුන්, දූශිතයින්, කොමිස් කාරයි, කුඩු කාරයි, ස්ත්‍රී දූෂකයින්, කසිප්පු කාරයින් හා මිනීමරුවන් පිරිසකි. ඔවුන් ජනතාවට පෙන්වන මුහුණට රඟපෑමකි. තිරය පිටුපස ඔවුන් සැම එකම පවුලකි. එකම පැලැන්තියකි. එය මහින්ද රාජපක්ෂගේ සිට සිරිසේන ඇතුළු රනිල් වික්‍රම සිංහ දක්වාද, කරුණා අම්මාන්ගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වාද, විමල් වීරවංස සිට ගම්මන්පිල ඇතුළුව සජිත් ප්‍රේමදාස, මංගල, මහින්දානන්ද, රවී, වාසුදේව, ...බදුර්දීන්, හකීම්, ඉස්බුල්ල, කරුණ, උතුරේ දකුණේ... ඉඩ මදි..!!! 

:       2       196

sampathWednesday, 03 June 2020 05:37 PM

එතකොට "ලප කුමාරව" අමතක උනේ ලියන්න ඉඩ මදි හින්දද? නැත්නම් කවදාවත් කාගෙවත් හොදක් නොදකින, කවදාවත් promote කරන්න බැරි "කුහකම" දේශපාලන පක්ෂෙට කඩේ යන හින්දද? එහෙමත් නැත්නම් තමාගේ පක්ෂේ සාමාජිකයෝ අවුවේ කට්ට කාගෙන, මිනිස්සුන්ගේ තාඩන පීඩන නින්දා අපහාස විදගෙන කැට හොල්ලල හොල්ලල අර තමන්ගේ මරා දමපු නායකතුමාගේ වැන්දඹු බිරිදට ගෙයක් හදාගන්න දුන්නු සල්ලි ටිකටත් හොරා කාපු ඊනියා නායකතුමාට පොඩි සප් එකක් දෙන්න හිතන් ඉන්න හින්දද?

:       1       161

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 June 2020 06:09 AM

විජිත්, ඔයා මට ලියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. උදාර අදහස් වලට අනෙක වාරයක් ස්තුතියි.

:       2       291

Champa Tuesday, 02 June 2020 03:13 PM

අරන්තලාවේ භික්ෂු සංහාරය රටම කම්පා කල ඛේදවාචකයක්. හැබැයි පන්සල් කීයකද? අද එදා අරන්තලාවේ ඝාතනය කරපු හාමුදුරුවරු සිහිපත් කරලා බෝධි පූජාවක්වත් තියන්නේ? අඩු ගානේ පහනක්වත් පත්තු කරන්නේ? දේශපාලකයන්ගේ උපන් දිනයක් කිව්වොත් නම් පන්සල්වල බෝධි පූජා ඉවරයක් නැහැ.

:       0       108

Siva Tuesday, 02 June 2020 04:05 PM

ගරු හිටපු ඇමති කරුණා අම්මාන් මැතිතුමාටත් ඕකට ආරාධනා කරන්න තිබ්බා. මොකද ඕක සමරන්න එතුමාටත් සාධාරණ අයිතියක් තියෙන නිසා.

:       1       686

Janaka Tuesday, 02 June 2020 07:40 PM

"අරන්තලා භික්ෂු ඝාතනයේ 33 වැනි ගුණ සැමරුම" අපි සමරන්නේ ඝාතනයේ ගුණද ?

:       3       7

පූජා Wednesday, 03 June 2020 03:12 AM

රට වෙනුවෙන් දිවි පුදා අපවත් වූ , සියලුම ස්වාමින් වහන්සේලාට , නිවන් සුවය ලැබේවා !

:       0       123

විජිත් Wednesday, 03 June 2020 10:30 AM

පුජා කොහොමද..? වේගයෙන් යන කොස්මික් තරංග ගැන අහලා තියෙනවාද..?

:       19       16

dilanThursday, 04 June 2020 06:26 AM

අනේ නිකන් නොදන්නා පණ්ඩිත වාක්‍ය නොදා ඉන්න සහෝදරයා... තැනගේ පණ්ඩිතකම ඕනෑවට වඩා පෙන්නන්නේ අනුවණයින් කියලා කතාවක් තියනවනේ, ඔබතුමා අහලා නැද්ද?

:       31       4

fairoos Wednesday, 03 June 2020 07:07 AM

අරන්තලාවේ භික්ෂු සංහාරය රටම කම්පා කල ඛේදවාචකයක්.. නිවන් සුව!

:       11       89

rana Wednesday, 03 June 2020 07:22 AM

ගුණ සැමරුමක්?

:       1       4

Nandalal DE SILVA - France Wednesday, 03 June 2020 11:16 AM

මුළු රටක්ම කම්පාකළ, කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ච අරන්තලා භික්ෂූන් වහන්සේලාගේ 33 වැනි ඝාතන සංවත්සරය බැති සිතින් සිහිපත්කර උන්වහන්සේලාට පින් අනුමෝදන්කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට බොදු බැතිමතුන් ගත් මේ උදාර කටයුත්ත අගය කළයුතු වෙනවා. "කරුණා අම්මාන්" ඔඩොක්කුව තබාගෙන සිටින රාජපක්ෂ රජයේ බුද්ධ ශාසන සහ සංස්කෘතික සහ ආගමික කටයුතු ඇමති මේ සිහිකිරීමේ පින්කමට සහභාගී නොවුයේ මොන හේතුවක් නිසාද කියා රජය පැහැදිලි කළයුතු වෙනවා. සමහරවිට මූලික ඝාතකයා වන කරුණා අම්මාන් අමනාප කරගෙන ළඟ එන ඡන්ද ප්‍රතිඵලය බකල් වෙයි කියා හිතාගෙන උඩින් ආපු නියෝගයක් නිසාද? ඇමතියෙක් නොමැතිව, පොදු වැසිකිලියක් හෝ බස් නැවතුම්පොළක් හෝ බෝක්කුවක් පවා විවෘත කිරීමට නොහැකි ශ්‍රී ලංකාවේ මෙවැනි වැදගත් සිදුවීමක් "යුද්ධය දිනුවේ අපි කියා" උදේ හවා පාරම්බාන රජයේ ලොක්කන්ගේ මතකයෙන් ගිලිහි ගියේ මොකොද කියා මගේ ආච්චි අහනවා ...

:       93       13

chinthakaWednesday, 03 June 2020 12:48 PM

ගොබ්බ කතා කියන්න එපා, ඒ ඔහෙලගේ යහපාලන කාලයේ තමයි.. වැසිකිළි, කැසිකිළි වගේ හැම මගුලක්ම විවෘත කරන්න දේශපාලකයින් ගියේ. මම දැක්කා මේ ආණ්ඩුවෙන් හදපු ඉස්කෝලයක්.. ඒ ඉස්කෝලෙම ප්‍රින්සිපල් විවෘත කරනවා. හොරු කිඹුල් කඳුළු හෙලන්න එපා, ඔහෙලගේ දේශපාලකයින්ට 1948 ඉඳන්ම නිදහස් කරන්න කොන්දක් නොතිබ්බ මුහුදු මහා විහාරය මේ ආණ්ඩුවෙන් මාස හයක් ඇතුළත ආරක්ෂා කරලා, නීතියෙනුත් සවිවර කරලා දුන්නා. අන්න ඒවගේ කරන හින්දා ඔය "කරුණාව" මාකට් කරාට රටේ මිනිස්සුන්ට මාකට් වෙන්නේ නැහැ ලොක්කා...

:       48       153

sunimalWednesday, 03 June 2020 01:18 PM

කරුණා කියන මිනීමරුවා දැන් ඉන්නේ පොහොට්ටුවේ..!!! ලැජ්ජයි..

:       6       118

vidya Wednesday, 03 June 2020 07:26 PM

ඔබවහන්සේලාට නිර්වාන සම්පත්තිය ලැබේවා...!!!

:       0       38

Perera Thursday, 04 June 2020 01:30 AM

ඔය භික්ෂු ඝාතනය මෙහෙයවපු නැගෙනහිර ත්‍රස්තවාදී ලොක්කා අද ඉන්නේ වර්තමාන ආණ්ඩුවේ වරප්‍රසාද ලබමින්.

:       0       29

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site