IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තවත් කාර් මගඩියක්

(දයාසීලි ලියනගේ)
නිෂ්පාදන වටිනාකමට අඩුවෙන් මිල සඳහන් කරමින් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමෙන් බිලියන ගණනක තීරු බදු වංචාවක් සිදුවී ඇති බවට රේගුවේ සිටි ඉහළම නිලධාරියකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ.


වර්ෂ 2015 දී සිදු වී ඇති බව කියන මෙම තීරු බදු වංචාව සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ මැදිහත්වීම සිදුවී ඇති බවද වාර්තා වේ.


මෙම වංචාව සිදුකිරීම සඳහා ජර්මනියේ අදාළ සුඛෝපභෝගී වාහන නිෂ්පාදනය කරනු ලබන මව් සමාගමින් වාහන කෙලින්ම ආනයනය නොකර, මෙරට සමාගමක් විසින් වෙනත් සමාගමක් එරට ලියාපදිංචි කර, ඒ සමාගම නමින් නියමිත වටිනාකමට අඩුවෙන් ණයවර ලිපි විවෘත කර මෙම වාහන මෙරටට ගෙන්වා ඇති බව කියති.


තීරු බදු රහිත වාහන ගෙන්වීමට රජයේ නිලධාරීන්ට ලැබී ඇති වරප්‍රසාදය යටතේ මෙම වාහන මෙරටට ගෙන්වා නිසි පරිදි රේගු බදු ගෙවීම පැහැර හැර ඇති බවට මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව කියති.


රාජ්‍ය සේවකයන්ට තීරු බදු රහිතව වාහන ගෙන්වීමේ වරප්‍රසාදය යටතේ මෙම වාහන ගෙන්වා ඇතත්, රජයේ සේවකයන් මෙම වාහන ගෙන්වීමට සම්බන්ධ නැති බවද වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රේගු අධ්‍යක්‍ෂ, මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් රේගුව මට්ටමින් ද පරීක්‍ෂණයක් කරන බවයි.


එම පරීක්‍ෂණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

තවත් කාර් මගඩියක්

Nandalal de Silva - France Tuesday, 09 May 2017 10:34 AM

මේක නම් ඉතාමත් වැදගත් පුවතක්. පසුගිය සතියේ අති විශාල පරිපුරක ඇස්තමේන්තුවක් මැති සබයට ඉදිරිපත් කර තිබුණා, සමහර ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම වෙනුවෙන්. මේ පුවතට අනුව "තවත් කාර් මගඩියක්" යටතේ ගෙන්වා ඇති මෙම සුඛෝපභෝගී වාහන සියල්ලම වන්දි නොගෙවා, කිසිම අනුකම්පාවක් නොපෙන්වා වහාම රාජසන්තක කරන්න. සුඛෝපභෝගී වාහන නොමැතිව සිය රාජකාරි හරියට කරන්න බැරිබව කියමින් නහයෙන් අඬන මැති ඇමතිවරුන්ට, කොන්දේසි සහිතව මෙම වාහන ඉක්මනින් බෙදාදී මහජනයාට සේවය කිරීමටත් විශාල විදේශ විනිමයක් ඉතිරිකර ගැනීමටත් රජයට පුළුවන් නේද ??????

:       0       0

anoj Wednesday, 10 May 2017 04:25 AM

තවත් වාහන ගෙන්වන එක නවතනු . රිය අනතුරු වැඩි

:       0       0

Abaran Wednesday, 10 May 2017 11:00 AM

මේවා හෙන වදින්නේ නැති වාහනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 40 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 169 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 164 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 100 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site