IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 20 වැනිදාට පෙර

නව ඇමැති මණ්ඩලය ලබන සතියේ

(අජන්ත කුමාර අගලකඩ)  

ලබන බදාදා (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනිදාට පෙර රැස්වනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  


නව පාර්ලිමේන්තුව කැඳවන දිනය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන සතියේ දී නිකුත් කෙරෙනු ඇති බව ද එම ආරංචිමාර්ග කියයි. 

මහ මැතිවරණයෙ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙන අතර ප්‍රතිඵල නිකුත් කිරීම ලබන 6 වැනිදාත්, මනාප නිකුත් කිරීම ලබන 7 වැනිදාත් සිදු කෙරේ.  


ඒ අනුව තේරීපත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන සති අන්තයේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මැතිවරණයේ ප්‍රතිඵල අනුව පිහිටුවන නව ආණ්‍ඩුවේ ඇමැති මණ්ඩලය ද ලබන සතියේ පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇත.  


කෙසේ වෙතත් නව පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරෙනු ඇත.  


අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ගැසට් නිවේදනය නිකුත් කෙරෙන දිනයේම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීම මීට පෙර සිදුකරනු ලැබුවද මෙවර කොවිඩ් 19 වයිරසයත් සමග ඇතිවූ තත්ත්වය හේතුවෙන් එය වෙනස් විය.  



අදහස් (0)

පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 20 වැනිදාට පෙර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site