අලියා ලකුණ දීම නීති උපදෙස් අනුව
(දයාසීලී ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සිරිකොත මන්දිරයේදී සිකුරාදා සවස පැවැති සාකච්ඡාව බොහෝ දුරට සාර්ථක වූ බව හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (17) ප්‍රකාශයට පත් කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඒ අනුව දෙපාර්ශ්වයම එක්වී එක් සන්ධානයක් වශයෙන් පොදු ලකුණකින් තරගකිරීමට එකඟවූ බවද ඔහු කීය.
මේ අතර මෙම සාකච්ඡාවට සහභාගිවූ රනිල් පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේ අලියා ලාංඡනයෙන් සන්ධානයට තරග කළ හැකිද යන්න පිළිබඳව නීතිඥ මණ්ඩලයකින් කරුණු විමසා බැලීමක් කරන බවය.
සියයට 80ක් පමණ සාකච්ඡා සාර්ථකවූ අතර බොහෝ ගැටළු සාර්ථකව විසඳාගැනීමට හැකිවූ බවද ඔහු කීය.
ඡන්ද පත්‍රිකාවේ ලාංඡන දෙකක් තිබීම අවාසියක් බවට මෙහිදී දෙපාර්ශ්වයම එකඟවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙපාර්ශ්වයම පොදු ලකුණකින් සන්ධානයකට එකඟවෙති?