IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කන්දකාඩු ආශ්‍රිතයන් සොයා ගම් පීරයි

 

 

(දයාසීලි ලියනගේ)  

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 339 දෙනකුට කොරෝනා ආස‌ාදනය වී ඇති බව පී.සී.ආර්. පළමු පරික්ෂණයෙන්ම අනාවරණය වීමත් සමග එම පිරිස ආශ්‍රය කළ තැනැත්තන් සොයා ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරයි.  


මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 400 ක පමණ පිරිසක් ද සේනපුර මධ්‍යස්ථානයේ 150ක් ද පරීක්ෂාවට ලක්කර තිබෙන බව වාර්තාවේ.   

කන්දකාඩු කොරෝනා පොකුර පිළිබඳව කළ විමසීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ මෙම රෝගී පොකුර හරහා කොරෝනා රෝගය සමාජයට එක්වී ඇති බවක් පෙන්නුම් කරන බවයි. මෙය බරපතළ නොවන අතර වැලිසර නාවික හමුද‌ා කඳවුරේ දුර්වල කළමනාකාරිත්වය නිසා උද්ගත වූ තත්ත්වය මෙහිදී සිදු නොවීමට වගබලා ගතයුතුව ඇති බව ද කීය.  
විශේෂයෙන් මත්කුඩුවලට ඇබ්බැහිවී සිටි මෙම පිරිසගේ ප්‍රතිශක්තිය බිඳ වැටෙන තත්ත්වයට පත්වෙන අතර සංකූලතා වැඩි නිසා විශේෂයෙන් පරෙස්සම් විය යුතු තත්ත්වයක් පවතින බව ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.  


මෙතෙක් පැවැති තත්ත්වයට වඩා මෙම අලුත් තත්ත්වය සරලව සිතිය හැකි දෙයක් නොවන අතර අදාළ තීන්දු තීරණ ගැනීමට කොරෝනා මර්දන තාක්ෂණ කමිටුව මෙතෙක් රැස්වී නැති බව ද කීය.  
කොරෝනා ප්‍රතිකාර රෝහල් ගණනාවක් මේ වනවිට හිස්ව තිබෙන නිසා මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමු කිරීමේ හැකියාව තිබෙන බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. 


මේ වන විටත් පොළොන්නරුව දැඩි අවදානම් ප්‍රදේශයක් බවට පත්වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය. සිකුරාදා වන විට කරන ලද පී.සී.ආර්. මූලික පරීක්ෂණයෙන් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුද්ගලයන් 339කට කොරෝනා වැළඳී තිබෙන බව අනාවරණය වී ඇතැයි ද ඔහු කීය.


කොරෝනා රෝගයට ගොදුරු වී ඇති අයට ප්‍රතිකාර කිරීම සඳහා ආරක්ෂාව සහිත රෝහල්වලට ඇතුළත් කිරීමට සිදුවී ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

කන්දකාඩු ආශ්‍රිතයන් සොයා ගම් පීරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site