(දයාසීලි ලියනගේ)
රජය තුළ තම සහභාගීත්වය වෙනුවෙන් ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ ඇතුළත් යෝජනාවලියක් මේ මස අගදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් පිරිසක් තීරණය කර ඇත.
මෙම යෝජනාවලිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් දැනටමත් සකස් කරමින් සිටින බව ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.ඒ. නිමල් ලංසා මහතා “ඉරිදා ලංකාදීප”යට පැවැසීය.
ගතවූ වසර දෙකක කාලය තුළ රජය ගෙන ගිය ආර්ථික, සංවර්ධන කටයුතු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ඉදිරි කාලය තුළ රජය ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර මෙම යෝජනාවලිය සකස් කරනු ලබන බවද නිමල් ලංසා මහතා පැවැසීය. මෙතෙක් රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත් නොවී බලවත් කළකිරීමට පත්ව සිටින රජයේ මැති ඇමැතිවරුන්ගේ අත්සනින් ඉදිරිපත් කරන යෝජනාවලිය අවධානයට ගෙන ඒ සඳහා තීන්දු තීරණ නොගතහොත් තදබල තීන්දුවලට එළඹීමට ඇතැම් මන්ත්‍රීවරුන් දැනටමත් තීන්දුකර සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් ජනපතිට යෝජනාවලියක්