මනෝප්‍රිය ගුණසේකර
විදේශිකයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහබැංකු අධිපතිධූරය පිරිනැමුවේ ජනාධිපතිතුමා බැවින් බැඳුම්කර වංචාවට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද වගකිවයුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතා මෙසේ කීය.
මේ දිනවල රෑට රෑට ජනාධිපති නිල නිවසේ දී අගමැති හා ජනාධිපති හොරගල් අහුලනවා යැයි ද ඔහු පැවසීය.
තවද පළාත් පාලන පවත්වා දින 10ක් ගතවී ඇතත් මේ වනතුරු රජයක් පිහිටුවා ගැනීමට බැරිව සිටීම පිළිබඳව ජනාධිපති හා අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි ද පැවසීය.
COMMENTS
එතකොට හොරට නීති විභාග ලිව්වට වග කියන්න ඕන කව්ද????????????????
කටට පන ඇවිල්ල වගේ.................
එතකොට උබලා හොරකම් කරපුවාට වගකියන්න ඕනේ මහින්ද රාජපක්ෂද ?
එතකොට රජයේ නාලිකාවලින් පෞද්ගලික පාවිච්චියට රුපවාහිනී නාලිකා දානකොට, ගුවන් සේවිකාවන්ට ලක්ෂ 42 පඩි දෙනකොට ඔබ සමග සිටි පිරිස කසාය බීපු ගොලුවන්සේ සිටිය බව ඔබ දන්නවද?????
එතකොට අර නීති විභාග වංචාවට කවුද වග කියන්න ඕන ?
දන්නා දේශපාලනයක් ගැන කතා කරන්න.
මොනවද දේශපාලනේ ගැන දන්නේ.?
එතකොට අනික් මහා පරිමාණ දුෂණ වංචා වලට වගකියන්නේ අපිද ?
ඕනෑම දක්ශයෙක් මහ බැංකුවක ලොක්ක වෙන්න පුලුවන්. ඒත් ඕනෑම හොරෙකුට රටක මන්ත්‍රී කෙනෙක්, පාලකයෙක් වෙන්න වෙන රටවල බෑ...!
එතකොට හේජිං,ග්‍රීක්බොන්ඩ්,ශ්‍රිලන්කන්,ඇxඅන්ට් ගාඩ්,සැන්ග්‍රිලා යන ඒවාට හිටපු පාලකයා වග කිය යුතුයි නේ.
අම්මට සිරි..!!! මං බය වෙච්ච තරමක්. කොහෙද ආයිබෝවන්.. මෙච්චර කල් හිටියේ?
දැන් එතකොට 2015 බැඳුම්කර වංචාව බිලියන 11 ගැන පරීක්ෂණ පවත්වලා ජනපතියි සහ අගමැතියි වගකියන්න ඕනෑ කියනවා. අඩුගානේ රටට වෙච්ච පාඩුව ආපසු ලබාගන්න දෙයක් තියනවා. නමුත් 2008 - 2014 බැඳුම්කර වංචාව බිලියන 4000.00 (තොරතුරු අනුව) ට වගකියන්න ඕනෑ මහජනතාවද? බිලියන 11 ලොකුයි බිලියන 4000.00 පොඩියි? අනික 11 ට පරීක්ෂණ තිබ්බ නමුත් 4000.00 ක් කියන දේට උත්තරයක් දෙන්න කෙනෙක්වත් නැද්ද? අඩුගානේ කිසිම නාලිකාවත් මොකුත් කියන්නේ නැහැනේ. ඒ ඇයි? තොරතුරු දැනගන්න ක්‍රමයක් නැද්ද?
කරපු හොරකම් ගැන නම් කියලා වැඩක් නැහැ?
අවුරුදු 10ක් තිස්සේ චීන ණය ඩොලර් බිලියන 52 ක් අතුරුදහන් කළාට කවුද වගකියන්න ඕනෑ?
පටුදේශපාලන වාසි සදහා කටයුතු නොකරන්න. රජයක් තිබෙනවා.
හොරකම කවුරු කලත් හොරකම තමා.
මේ ගහපු ගැහිලි හෙට අනිද්දා එළියට එයි.
අජිත් නිවාඩ් කබ්‍රාල්ව සභාපති කරලා කරපු වංචාවන්ට වගකියන්න ඕනෑ.. දූෂිත පවුල් පාලනේ නේද? මෙයාටත් ඒ අය කරපුවා පේන්නේම නැහැ..
මේ කරපු හොරකම් වලට කවුද වග කියන්නේ?
මේ උගත් මහත්මයා කට අරින වාරයක් පාසා තාත්තාගේ ඡන්ද කැඩෙනවා.
ඕකත් ලැජ්ජාවට කාරණයක්ද? ලැජ්ජා වෙන්න ඕනේ අප්පච්චිගේ කාලේ කරපුව ගැන හිතලානේ...
මුන් හොරු ගැන කතාකරනවා දැක්කහම දුක හිතෙනවා අපේ රටේ ජනතාව ගැන , මෙයාගේ එක ගිනුමක විතරක් ඩුබායි බැංකුවක dollar මිලියන 1,800 ක් ( එකියන්නේ අසන්න වශයෙන් රුප්යල් කෝටි 40,000 ක් ) ඉතින් රටක් ඉතුරු වේවිද ? කඹ හොරු අනෙක් හොරුන්ට ඔච්චම් කරනවා
"තවද පළාත් පාලන පවත්වා දින 10ක් ගතවී ඇතත් මේ වනතුරු රජයක් පිහිටුවා ගැනීමට බැරිව සිටීම පිළිබඳව ජනාධිපති හා අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි ද පැවසීය." මේක ටිකක් තේරුම් මදි . තිබ්බේ පාරිල්මේන්තු චන්දයක්ද නීතීඤ මහත්මයා ?
හොරුන් ගැන කියවන තවත් හොරදෙටුවෙක්............
මම මේ කල්පනා කරන්නේ බැරි වේලාවත් නීති විභාග හරි හමත් විදියට පැවැත් වුනේ නැති නම් , ඒකට කවුද වග කියන්න ඕන කියලා.
මේවගේ කතා අහන්නේ ආණ්ඩුවේ ඉබිගමන නිසා නොවේද?