IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා

2016-11-11-ent-76

වර්තමාන කලා ක්‍ෂේත‍්‍රය ආලෝකමත් කරන්නට මෑතකදී බිහිවුනු හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල. ඇය කලා ක්‍ෂේත‍්‍රයට පැමිණ ඉතා කෙටි කලකදීම ක්‍ෂේත‍්‍රයේ වැඩි කතා බහට ලක්වුණු චරිතයක් වුණා.

පේ‍්‍රක්‍ෂකයන් අතර වැඩි කතාබහකට ලක්වුණේ මෑත කාලයේදී සිරස ඔඪ හි විකාශය වූ සුජාතා ටෙලිනාට්‍ය නිසා ඇය මෙම ටෙලිනාට්‍යයේ ‘‘සුජාතා ’’ චරිතය ඉතා හොඳින් රඟපෑ නිසායි ඒ වෙනුවෙන් ඉහළ ප‍්‍රතිචාර ලබාගන්නට හැකිවුණේ.

ඒ පිළිබඳව වැඩි විස්තර කතා කරන්නට මෙවර සිත්ගත් රංගනයෙන් එකතු කරගත්තේ ‘‘ සුජාතා’’ වු ෂෙහානි කහඳවල රංගන ශිල්පිනියයි.

 

ෂෙහානිගේ ජීවිතේ වෙනසක් කරපු ‘‘සුජතා’’ ටෙලිනාටය ගැන කතාකරමුද?

සුජාතා කියන්නෙ මගේ දෙවනි ටෙලිනාට්‍යය. රවීන්ද්‍ර විජේරත්න තමයි අධ්‍යක්‍ෂණය කළේ. සිරස නාලිකාවේ තමයි විකාශය වුණේ. මම දෙරණෙ

 

‘‘ඇසිඞ්’’ කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍යයෙන් පසුව තමයි මට ‘‘සුජාතා’’ චරිතයට කතා කළේ.

 

‘‘සුජාතා’’ ගැන කතා කළොත්

2016-11-11-ent-77සුජාතා චරිතය තමයි පේ‍්‍රක්ෂකයන් මාව හදුනාගත් තැන. ඔවුන් අතරට මට එන්න ලැබුණේ මෙමඟින් සුජාතා ටෙලිිනාට්‍යයෙන් පසුව මට ක්‍ෂේත‍්‍රයේ වැඩ ගොඩක් ලැබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම අද යම් තැනක ඉන්නවානම් ඉන්නෙ ඒ සුජාතා හරහා ලැබුණු ආදරය සහ ප‍්‍රතිචාර නිසා. ඉතින් මම ‘‘සුජාතා’’ ටෙලිනාට්‍යයෙ චරිතයට ගොඩක් ආදරෙයි.

 

නෙහාරා පීරිස්ගෙන් පසුව නෙ ඔබට මේ චරිතය ලැබෙන්නෙ. ඉතින් වෙනත් කෙනෙක් කරපු චරිතයක් කරන එක ප‍්‍රශ්නයක් වුණේ නැද්ද?

නෑ. කිසි ප‍්‍රශ්නයක් වුණේ නෑ. මම ඒක සතුටින් බාරගත්තා. මොකද මම දන්නවා. මට හැඟුනා මේ තමයි මට එන්න තියෙන තැන කියලා. සහ මේ තමයි මගේ අවස්ථාව කියන දේ. ඉතින් මට ඒ මොහොතෙ කිසිදු බයක් ඇතිවුණේත් නෑ. ඒ චරිතය කරන්න. මොකද ඒ මගෙ ආරම්භය නිසා. වෙනකෙනෙක් කරපු චරිතයක් කරන්න ටිකක් අමාරුයි තමයි. මොකද මෙහිදී නෙහාරා අක්කා මේ චරිතය කළේ එයාගේ ස්ටයිල් එකටනෙ. එතකොට එයා මඟින් නතර කරලා ගිය සුජාතා මට මගේ කරගන්න බෑ. මොකද ඒ චරිතය එයාගෙ කරගෙන තිබුණු නිසා. එතකොට පේ‍්‍රක්‍ෂකයෝ සුජාතාව බලාපොරොත්තු වෙන්නෙ නෙහාරාගෙන්. ඉතින් මට පුළුවන් විදියට මම ඒ චරිතය කරගෙන ගියා. නෙහාරා අක්කව හොඳින් අධ්‍යනය කළා. එයා ඒ චරිතෙ කොහොමද කරලා තියෙන්නෙ කියලා.

 

නෙහාරා පීරිස්ගෙන් පසුව ඒ චරිතයට ෂෙහානිවම තෝරා ගැනීම පිළිබඳව මොකද හිතෙන්නෙ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මාව ඒ සඳහා තෝරාගැනීම අහම්බයක් වුණත් ඒ කොහොමත් මට එන්න තිබුණු එකක් කියලා හිතෙනවා. මොකද ඒ චරිතෙ නෙහාරා අක්කට පසුව එයාගෙ විදියට සුදුසු වෙන කෙනෙක් නෑ. එයාගෙ පාට. කොණ්ඩෙ උස හැමදේම ගැලපෙන කෙනා තමයි මම. ඒ නිසා මට හිතෙනවා. ඒ චරිතය මට ලැබෙන්නම තිබුණු චරිතයක් කියලා.

 

සුජාතා චරිතය ඔයාට දැනුණෙ කොහොමද?

සුජාතා කියන්නෙ හොඳට ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවක්. ඒ වගේම ඇයට පවුලෙ ප‍්‍රශ්න බොහොමයකටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ ප‍්‍රශ්න විසදගෙන පොඩි ආරවුල් මධ්‍යයේ යන චරිතයක් විටෙක අභිරහස් ලෙස ගලා ගෙන යනවා. ඇත්තටම ඒ චරිතය හරි ප‍්‍රාසාංගිකයි කියලා හිතුණා. මොකද මට ඒ චරිතයෙ කරන්න දේවල් ගොඩක් තිබුණා. බයික් පදින්න, පීනන්න, ඒ වගේ දේවලූත් ඉතින් මම මේ කතාවෙන් මගේ ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සහ අත්වින්දා ඒ ගැන හරි සතුටුයි.

 

ඒ සඳහා දායකවුණු අනිත් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහය කොහොමද?

හොඳ සහයක් ලැබුණා. මේ නාට්‍යය කණ්ඩායමේ හැම දෙනාගෙන්ම. මම මේ ක්‍ෂේත‍්‍රයට අලූත් මගේ දෙවනි නාට්‍යය තමයි සුජාතා.ඉතින් මම රංගනය කියන දේ ගොඩක් දැනගෙන හිටියෙ නෑ. දෙබස් ටිකක් කියන්න විතරයි පුළුවන්කම තිබුණේ ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මේ නාට්‍යයෙ අධ්‍යක්‍ෂවරයා රන්ජන් ප‍්‍රසන්න ඇතුළු මගේ මවට රඟපෑ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය. ඒ වගේම මගේ සහය නළුවන් වන මාධව විජේසිංහ, කසුන් යසස් ඇතුළු ඒ හැම දෙනාගෙන්ම ඉතා ඉහළ සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ කණ්ඩායමේ හැම දෙනාගෙන්ම ලැබුණ සහය මත තමයි මේ චරිතය සාර්ථක කර ගන්න හැකිවුණේ.

 

සැබෑ ජීවිතයේ ෂෙහානිව සහ කතාවෙ සුජාතාව සංසන්දනය කළොත්?

ඒ චරිත දෙක වෙනස්. මම වෛද්‍ය ශිෂ්‍යාවක් නෙමෙයි. ඒ දේවල් නැති වුණත් දඟලලා. දුවලා, පැනලා ඉන්න කෙනෙක් තමයි මම ඉතින් මගේ ජීවිතේ සමහර දේවල් ඒ චරිතෙ තියෙනවා.

 

මේ කතාවේදී ෂෙහානිට ආදර ජවනිකාවලට මුහුණ දෙන්න වුණානෙ. ඒ දේවල් කරන්න අපහසු වුණේ නැද්ද? නැත්නම් මීට පෙර අද්දැකීම් තිබුණද?

අයියෝ....... ඒවා කරන්න අද්දැකීම් ඕනෙ නෑනෙ. මට කරන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම සුජාතාද? ඒක රඟපෑමක් විතරනෙ. ඒ නිසා අපහසුවක් නෑ. රංගන ශිල්පිනියක් වුණාම ඒ හැමදේමට මුහුණ දෙන්න වෙනවනෙ.

 

සුජාතාට ලැබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර කොහොමද?

අම්මෝ ඉතාමත් ඉහළයි. ආදරණීය පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර නම්. මගේ ඇත්ත නම ඒ කියන්නේ ෂෙහානි කහඳවල කියන කෙනාව කව්රුත් දන්නේ නෑ. හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා. ඉතින් ඒ ආදරේ හැමදාටම ඒ විදියටම තියෙනවා.

 

මේ චරිතයට සහ ඔබට පේ‍්‍රක්ෂකයො මේ තරම් ආදරය කරයි කියලා හිතුවද?

එහෙම හිතුණෙ නම් නෑ. ඇත්තටම මගේ ඔළුවට මුළින්ම ආවෙ කොහොමද මේ චරිතය කරන්නේ කියන දේ විතරයි. ඉතින් මේ ලැබුණු ප‍්‍රතිචාර මගෙ ඉදිරි ගමනට ලොකු ශක්තියක් කියලා හිතෙනවා.

 

මේ චරිතය සහ ටෙලි නාට්‍යය නිසා ජීවිතයට ලැබුණු වටිනාකම් ගැන කිව්වොත්?

මම කළින් ටෙලි නාට්‍ය කරලා තිබුණෙ නෑ. ක්ෂේත‍්‍රයට ගොඩක් අලූත්. මෙමගින් තමයි මාව හැමෝම දැන ගත්තේ. අපි තැනකට ගිහින් හැසිරෙන්නෙ කොහොමද? කණ්ඩායමක් එක්ක වැඩ කරන විදිය.

ඒ හැමදේම ඉගෙන ගත්තා. රංගන ක්ෂේත‍්‍රයේ තියෙන නීති රීති සියල්ලක්ම ඉගෙන ගත්තෙ ”සුජාතා” හරහා තමයි. මගෙ ජීවිතේට වටිනා දේවල් ගොඩක් එකතු කර ගන්න හැකි වුණා. මම අදටත් දුක් වෙනවා ඒ නාට්‍යය අවසන් වීම ගැන. ඇත්තටම සුජාතා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය.

 

ධනු විජේරත්න

 

2016-11-11-ent-78



අදහස් (0)

හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 952 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1019 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site