IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


තිස්ස නාගොඩවිතාන සමුගනී

(නාලක සංජීව දහනායක)

ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදකවරයකු , අධ්‍යක්‍ෂකවරයකු මෙන්ම චිත‍්‍රපට සංරක්‍ෂකවරයකු වූ තිස්ස නාගොඩවිතාන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (25) අභාවප‍්‍රාප්ත විය.

1942 ජනවාරි 10 වැනිදා ගාල්ල නාගොඩ ප‍්‍රදේශයේදී උපත ලැබූ නාගොඩවිතාන මහතා අභාවප‍්‍රාප්ත වනවිට 78 වැනි වියේ පසුවිය.

80 දශකයේදී තිරගත වූ කැකිල්ලේ රජ්ජුරුවෝ හා කෝලම්කාරයෝ ඇතුළු තවත් චිත‍්‍රපට කිහිපයක් අධ්‍යක්‍ෂණය කළ නාගොඩවිතාන මහතා කැකිල්ලේ රජ්ජුරුවෝ, ගුත්තිල මූසිල, මහදැනමුත්තා වැනි චිත‍්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කළහ.

චිත‍්‍රපට සංරක්‍ෂකවරයකු ලෙස පසුකාලීනව සිනමා ක්‍ෂේත‍්‍රයතුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූ නාගොඩවිතාන මහතා අතිශයින් දුර්ලභ සිංහල, හිංදි, ද්‍රවිඩ හා ඉංග‍්‍රීසි චිත‍්‍රපට රාශියක් සංරක්‍ෂණය කර ඇත.

දරුවන් තිදෙනෙකුගේ පියෙකුවූ නාගොඩවිතාන මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට (26) පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

     



අදහස් (9)

තිස්ස නාගොඩවිතාන සමුගනී

කපුරුහාමි Wednesday, 25 March 2020 11:18 AM

ඔබට අමා මහ නිවන්සුව ලෙබේවා !

:       0       0

Channa Wednesday, 25 March 2020 11:23 AM

අපගේ ලාංකීය චිත්‍රපට ආරක්ෂා කර තබාගැනීමට ඔබ ගත් උත්සහය, ශ්‍රේෂ්ඨයි.

:       0       0

Gamekolla Wednesday, 25 March 2020 11:30 AM

ඔබට නිවන් සුව ලැබෙවා...!!!

:       0       2

siri Wednesday, 25 March 2020 11:46 AM

ඉතාම කණගාටුදායක ආරංචියක්. නිවන්සුව අත්වේවා !

:       0       0

විජිත් Wednesday, 25 March 2020 11:47 AM

නිවන් සැප ලැබේවා...!!!

:       0       0

තරිඳු Wednesday, 25 March 2020 11:51 AM

ඔබගේ නම චිත්‍රපට වල කොපමණ දැක තිබුනද ුව දැක්කේ අද මෙහි පළවූ පින්තූරයෙන්. ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම සංරක්ෂණයේ පුරෝගාමියකු වු ද තිස්ස මහත්මයාණෙනි.......... උඹට අජරාමර නිවන් සුව !

:       0       0

jayath Wednesday, 25 March 2020 12:17 PM

මුලින්ම මෙතුමා කරලියට ආවේ ගායකයෙක් විදියට " දැන් සමහරු විකෘති කරලා ගයන වාසනා ලොවක් ගෙනාව වගේ සුන්දර ගීත මෙතුමා ගැයුවා . නමුත් පස්සේ කාලකදී චිත්‍රපට සංරක්ෂකයෙක් වශයෙන් ලොකු සේවයක් කළා...

:       0       3

ධම්ම Wednesday, 25 March 2020 02:01 PM

තව බොහෝ කාලයකට "තිනා" නම් අමතකවෙන්නේ නැහැ. ස්තුතියි "තිනා" ඔබට නිවන් සැප ලැබේවා!

:       0       0

Bamunuarachchi Friday, 27 March 2020 02:32 AM

නිවන් සුව ලැබේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 913 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site