අද (25) අලුයම ‍‍කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියකු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වැනි කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.‍‍

මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුලු වීම ‍හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇත. රෝගියා මිය ගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙනි.