තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් රාත්‍රී 7 පමණ වන තෙක් ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
යළිත් වරක් ඒ මහතා හෙට උදෑසන 9.00ට රහස් පොලිසියට කැඳවනු ලැබ ඇත.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාගෙන් පැය 28කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.
මෙම විමර්ශන යන අතරතුරු චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ද පොලිසිය කටයුතු කළේය.
COMMENTS
සාමාන්‍ය මනුස්සයෙක්ව නම් මෙහෙම හවසට ගෙදර යවලා නැවත උදේට කැඳවලා ප්‍රශ්න කරන ක්‍රමවේදයක් රහස් පොලිසියේ නැහැ. ගෙදර යවනවා තියා ගෙදරින් එන ළඟම ඥාතියෙක්ටවත් බලන්න දෙන්නේ නැහැ. මෙයාට විතරක් මෙහෙම විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ පොලිසියේ ඩී.අයී.ජී කෙනෙක් නිසාද? නැත්නම් රටේ ජනාධිපතිවරයාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කල බවට චෝදනා ලද නිසාද?
නීත්‍යානුකූල පුද්ගලයින්ට පොලිසිය වැඩකරන හැටි තමයි.
අත්අඩංගුවට ගන්න බැරිද?