(ශිරාන් රණසිංහ)
වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර බඩු මිල ඉහළයෑම නතර නොකළහොත් එළඹෙන අයවැයට පසු රටතුළ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇත.
අගෝස්තු මස සැකසු ජීවන වියදමට සාපේක්ෂය වැටුප රුපියල් 5649.60 කින් වැඩිකළ යුතුව ඇතැයි ද ගෑස් පොල්තෙල් , සීනි , තිරිඟු පිටි ආදිය මෙන්ම දුම්රිය හා බස් ගාස්තු ආදී දේවල් වල මිල ඉහළ යෑමත් සමඟ මේ තත්ත්වය තවත් නරක අතට පත්ව ඇතැයි ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා කියා සිටී.
ජනතාව හා කම්කරු ජනතාව මේ පිළිබඳ දැනුම්වත් කරමින් අත්පත්‍රිකා හා පෙත්සමකට අත්සන් ගැනීම මේ වනවිට සිදුකර ඇතැයි ද ඒ මහතා කීය.
ඒ අනුව ලබන අයවැය මගින් ජනතාව සහන නොදුන්හොත් අනිවාර්යයෙන්ම ජාතික වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා තවදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පඩි වැඩි කළා කියලා ඉහළ යන බඩු මිල අල්ලන්න බෑ. පඩියට වඩා වේගයකින් බඩු වල මිල ඉහළ යනවා. හැමෝම පඩි ගන්න රස්සා කරන්නේ නෑනේ. කරන්න ඕනෑ බඩු මිල ඉහළ යන එක පාලනය කරන එකයි. ඒකට වාණිජ බැංකු පද්ධතියෙන් ණය ගන්න එක අඩු කරන්න ඕනෑ. රජයේ හා පුද්ගලික අංශයේ වියදම් රටේ ජනතාවට ලැබෙන විදිහට හරි ගස්සන්න ඕනෑ. හොඳම උදාහරණය තමයි රටේ ගුවන් සේවයට කජු ගේන්නේ කජු නොවැවෙන ඩුබායි වලින්. ඕක කජුගමින් ගත්තා නම් ඒ සල්ලි රටේ ඉතුරු වෙනවා.
වැටුප් වැඩිකරන්න සල්ලි හොයාගන්න විදිහක් කියන්න.
කොතැන බැලුවත් මේවගේ දෙයක් තමයි දකින්න ලැබෙන්නේ... දියව් , දියව්... අපිට දියව්.!!! මෙවැනි තකතීරු විප්ලවකාරයින් නිසා තමයි අපේ රටට ණයවීමෙන් නිදහසක් නැත්තේ ..!!!
ආපහු රජයේ සේවකයන්ගේ විතරක් පඩි වැඩි කරලා තවත් රට පස්සට යවන්න වෙන්න ඇති කල්පනාව.. කරන්න ඕනේ රටේ ආදායම වැඩි කරලා ජීවන වියදම අඩු කරන එකයි.. 80%ක් ඉන්නේ පුද්ගලික අංශයේ අය.. ඒ මිනිස්සුන්ට තවත් බර උහුලන්න බැහැ.. අනික මේ උදවිය මේ ආණ්ඩුවට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ.
මේ ජවිපය තමයි රට කන්නේ.... රාජ්‍ය සේවකයින් විතරද අපේ රටේ ඉන්නේ... රැකියා නැතිඅය, ස්වයං රැකියා කරලා එදා වෙලා හොයාගන්න අය, පින් පඩියෙන් යැපෙන වයස්ගත අය. මේ අයට පෙනෙන්නේ රජයේ සේවකයින් විතරද? මමත් රජයේ සේවකයෙක්. නමුත් දුප්පත් රටක ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දීලා, නොමිලේ ඉස්පිරිතාලවල සේවය දීලා, කරන තරම හොඳටම ඇති. රට පොඩ්ඩක් ඔලුව උස්සනකම් ඔය ආත්මාර්ථකාමී ඉල්ලීම් හකුලා ගන්න. නැත්නම් පාර්ලිමේන්තුවෙන් යන්න. අර කළු කුමාරයා කෝ. අයර්ලන්තයේ ඉගනගන්න පුතා බලන්න ගිහින්ද? මේ ආණ්ඩුවට අපිත් කැමති නැහැ. නමුත් රට තවදුරටත් අාගාධයට ගෙන යන වැඩ වර්ජනවලට කැමැතිත් නැහැ.
රටේ ප්‍රශ්න තියනවා. හැබැයි ඒවාට විසදුම් ජනතාව තුලින්ම එනවනං තමයි හොද. එහෙම නැතුව මේ නුගත් , ආර්ථිකය ගැන ප්‍රයෝගික දැනුමක් නැති ජවිපේ මැදිහත් වෙන එකෙන් වෙන්නේ රට අවුරුදු ගානක් පස්සට යන එක.
හැමෝම රට ගැන හිතලා හොද ප්‍රතිචාර ටිකක් දක්වා තියෙනවා
මේකට එකම විසදුම රජයේ සේවකයන්ගේ පඩි අඩු තරමේ 10000වත් වැඩි කරන එක.
පඩි වැඩි කරන්නත් වියදම අඩු කරන්නත් එකවිට කරන්න කිසිම ආණ්ඩුවකට බැහැ, අද මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා වැඩි වෙලා තියෙන්නේ , 50000 ක් ගන්න කෙනත් පඩි මදි කියනවා 100000 ක් ගන්න කෙනත් පඩි මදි කියනවා. හැබෙයි හෙමෝම තමන්ගේ අවශ්‍යතා අඩු වැඩි වශයෙන් ඉටු කර ගන්නවා. පවුලේ වියදම් පාලනය සහ ඉතුරුම් / අායෝජන වැඩි කරගන්න කල් පඩි 100000 කින් වැඩි කලත් වැඩක් නැහැ.................
රටේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට අනුව වැඩ කරන ජනතාවට වැටුප් වැඩි විමක් අනිවාර්යෙන්ම ලබා දිය යුතු වෙනවා. එහෙම පඩි වැඩි කිරිමක් ඉල්ලන්නේ තරු පහේ හෝටලයකින් කාලා බෙන්ස් බී.එම් ඩබ්ලිව්.කාර් එකකින් ෂොපිං කරන්න නොවෙයි යන්තම් තුන්වේල පිරිමහා ගන්න තමන්ගේ දූ දරුවන්ට අධයාපනය ලබා දෙන්න ඉද හිටලා ඇදුමක් පැලදුමක් අර ගන්න.ඒක ඒ මිනිසුන්ගේ අයිතිය .ඒකට විරුද්ධ වෙනනේ ' සමහරක්' ගේ දේශපාලන ගැතිභාවය නිසා සමහර විට එකාබද්ධයේ නඩය මේ යෝජනාව ගෙනාවා නම් මේ කුහක හා දුෂ්ඨ මනසින් විරුද්ධ වෙන බහුතරය දැත් ඔසවා එයට පක්ෂ වෙනු ඇත.
ඉල්ලන ප්‍රමාණයට කජු ලංකාවේ නැතිලු. එතකොට ඩුබායිවල තියෙනවා ද?