(විනීතා එම් ගමගේ)
රාජ්‍ය සේවයේ දිනෙක අවම වැටුප රුපියල් 1281 ක් වන අතර වතු සේවක අවම වැටුප ද එම ප‍්‍රමාණය දක්වා වැඩිකරන ලෙස ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ වනවිටත් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 400 ත්, 500 ත් අතර වන බව කියා සිටි සමරසිංහ මහතා අගෝස්තු මාසය වනවිට ජීවන වියදම රුපියල් 5649 කින් වැඩිව පවතිද්දී මෙම වැටුප කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව ද සඳහන් කළේය.
මේ නිසා වතු කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් 1281 ක් හෝ ඊට ගැලපෙන මාසික වැටුපක් දක්වා වැඩි කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය හා පෞද්ගලික අංශවලට ද මෙම ජීවන වියදම වැඩිවීම දරාගත නොහැකි තත්ත්වයක් පවතින බව කී සමරසිංහ මහතා ඔවුන්ගේ වැටුප වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය.
2016 ජනවාරියේ සිට කපා හැර ඇති රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන ලෙස ද ඉල්ලා සිටින බව කී සභාපතිවරයා මෙම ඉල්ලීම් ඉටු කර ගැනීමට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සැලසුම් කර ඇතැයි ද සඳහන් කළේය.
COMMENTS
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වෑඩි කරන්න කියලා ඒ අයගෙන් ඉල්ලන්නෙ නෑද්ද? අහින්සක ජනතාව මේ තෑන්වලට ගියාම විදින්න වෙන වදය, කරදර, දෙන්න වෙන පගා ගෑන , නාස්ති වෙන වෙලාව ගෑන මේ අයට හෑගෙන්නෙ නෑද්ද?
රුපියලට නහුතෙට නැති වෙලා තියෙන වෙලවේ රටේ ආදායම වැඩි කරගන්න විදියක් නෙවෙයි තියෙන අදයමත් නැති කරලා එකේ බරත් පොදුජනයගෙ ඇගේ ගහන්න ගදන්නේ. 2004 රැකියා 50000, 2015 දස දහසේ පඩි වැඩි කිරිම කරලා රට කන සෙට් එකක්.
මන්ත්‍රීතුමෝ රාජ්‍යසේවයේ සිටිනවාට වැඩි පිරිසක් පුද්ගලික අංශයේත් ස්වයං රැකියාවලත් නිරත වෙනවා. ඔවුන්ටත් ජීවන බර තියෙනවා. කලයුතු වන්නේ සෑම දෙනාටම වැඩි ආදායමක් ගතහැකි ලෙසට රටේ ආදායම වැඩිකිරීමයි. එවිට රටත් දියුණු වෙනවා. සේවා නියුක්තිකයන්ගේ ආදායමත් වැඩිවෙනවා. රුපියලේ අගයත් වැඩිවෙනවා. හැබැයි මිනිස්සු පිකටින් හා උත්ඝෝෂන වලටනම් එන එකක් නැහැ.
කාට හරි පඩි වැඩි වෙනවනම් කිසිම හේතුවක් නැහැ විරුද්ධ වෙන්න. නමුත් රාජ්‍ය සේවකයන් විතරද ඇට මස් ලේ නහර තියෙන මිනුස්සු? පුද්ගලික අංශයේ ඉන්නේ ඔටුවොද? වැඩියෙන් ශ්‍රමය උරා ගන්නේ පුද්ගලික අංශයේ සේවකයන්ගෙන්. රාජ්‍ය සේවකයන් වැඩිම වැඩි හරියක් වැඩ කරන හැටි මුළු රටම දන්නවා. ඕක අමුතුවෙන් කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. පදුරකරට ගැහුවම ඕනේ තරම් හොයා ගන්න පුළුවන්. ඒ තරමටම රාජ්‍ය සේවය පිරිහිලා තියෙන්නේ (අවංකව, කාර්යක්ෂමව වැඩ කරන අයට අදාලම නැත). ඒ නිසා පුද්ගලික අංශය ගැනත් කතා කල යුතුමයි. ඔබලාට ඡන්දය අවශ්‍ය රාජ්‍ය සේවකයන්ගෙන් විතරද?
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව කියලා මොකටද.. ඔව් ඔව් පඩි වැඩි කරන්නම ඕන තමයි ඒගොල්ලන්ගේ නම්..
දැන් පටන් ගත්තා. කොහේ ඉවරවෙයිද දන්නේ නැ
රට අගාදයට වැටුන මොහොතක රජයේ සේවකයින්ගේ පඩි වැඩිකර ගැනීමටයි මොහු කතා කොරන්නේ. ඡන්දය ලබාගන්න රජයේ සේවකයින්ට 10000 වැඩිකරපු එක තමයි එක හේතුවක් මෙරට අමාරුවේ වැටෙන්න. සල්ලි අච්චු ගහලද අපිට බදු ගහලද රජයේ සේවකයින්ට ඔය සේවකයින්ට පඩි වැඩිකොරන්න හිතන්නේ. සියලුම ජනතාවට සෙතක් වෙන ක්‍රමයක් කතා කොරන්නේ නැහැ.
රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ ටැක්ස් වලින් ගන්න සල්ලි වලින්.... ඔබ කියන විදිහට පඩි වැඩි කරලා ගෙවන්න වෙන්නේ ටැක්ස් වැඩි කරලා....සල්ලි අච්චු ගැහුවොත් තවදුරටත් රුපියලේ අගය අඩුවෙයි....
රාජ්‍යය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න ඉස්සෙල්ල හරියට සේවය කරානම් නේද හොඳ? දුප්පත් මිනිහෙකුට රජයේ ආයතනයකින් වැඩක් කරගන්න කොහෙත්ම බැහැ. මේවා අසික්කිත වැඩ. තමන්ගේ රටේ ඉන්න දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩක් කරන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික දේවල් කර කර ඉන්න මේ මිනිස්සුන්ට පඩි වැඩි කරන්නත් ඕනෙද. මේවා ජාතික අපරාද.