( තිළිණි ද සිල්වා )
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලණ අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංවිධානය වෙනුවෙන් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් මෙරට රජයෙන් මෙම ඉල්ලීම කරන බව ෂින්හුවා පුවත් සේවය ඊයේ (20) වාර්තා කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පැවසුවේ මහ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා සමඟ කටයුතු කිරිමට නියමිත බවය.
මෙම නිලධාරියා සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන මානව හිමිකම් චෝදනා පිළිබදව වාර්තාවීමත් සමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලධාරියා සම්බන්ධයෙන් මානව හිමිකම් චෝදනා මතුව ඇතැයි කියන්නේ කව්ද...? දෙමල ඩයස්පෝරාව වෙන්නැති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන්නේ කට කතා වලට අනුව නම් එය කොතරම් කණගාටුදායක තත්ත්වයක්ද...? අයි මේ ක්‍රියා පිළිවෙත අපට විතරක්...? ලෝක ලොක්කෝ මොන තරම් මානව හිමිකම් අමු අමුවේ කඩකලත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇහැ කන පියාගෙන ඉන්නේ අයි...?
මානව හිමිකම් චෝදනා නැති අය ඕන තරම් හමුදාවේ ඉන්නවනේ. එහෙම කෙනෙක් යැව්වම ප්‍රශ්නේ ඉවරනේ.
අනුන්ට ගැතිකම් කරද්දී ඔලුවට අතහොදනවා වැඩියි තමයි.
මේ වගේ අය බේරගන්න තමයි ඔය නිලධාරීන් ජීවිතේ පරදුවට තියල සටන් කරල තියෙන්නේ
මෙවැනි දේවලට මුහුණ දෙන්න අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත්, රාජ්‍යතාන්ත්‍රික අංශයත් ශක්තිමත් වියයුතුයි.
ජනාධිපති සිරිසේන කිව්වේ ලෝකය දිනුවා කියලා නේද.?
ඒ කියන්නේ ලුම්බිණි පිලිගන්නවා මේ නිලධාරියා වැරදිකාරයෙක් කියලා.? එහෙම නම් ඔබත් දෙමල ඩයස්පෝරාවේ අභූත චෝදනා අනුමත කරනවා.