(අංජුල මහික වීරරත්න)
සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (22) දහවල් ඉදිරිපත් කර තිබේ.
ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැලකළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව, කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දහවල් පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් සහභාගී වූ ඉහත හමුව පැය භාගයකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝ ඔත්තු සේවයේ පඹ ගාල ගැන වෙන්න ඇති...
අයියා මල්ලි වාගෙයි අපි දෙන්නා...ෂුවර් එකටම ගජබින්නයක් අතහැරලා ලොක්කව බය කරන්න අැති. මට නම් මේ උත්තමයන් දෙන්නා දකින වාරයක් පාසා මතක් වෙන්නේ පිස්සු පූසා කාටුනයයි.
මේ මේ මට ඕවා කියන්න එන්න එපා. ඉන්දියන් කාරයින්ට මේවා දෙන්න පොරොන්දු වුනේ මං ගැන තියලා නොවෙයි.
කවුද දන්නේ ඇත්තම කීවද කියලා? අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල නිවේදනයේ "රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති මෝදි මහතා හමුවූ අවස්ථාවේ මෝදිගේ කණස්සල්ලත් කණගාටුවත් රනිල්ගේ මුහුණටම ප්‍රකාශ කර ඇති බව සඳහන්ලු... 2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අගමැතිගෙන් ඉල්ලා සිටිබවත් එහි සඳහන් වෙනවාලු. එම නිවේදනයෙහි තවදුරටත් සඳහන්ව ඇත්තේ "රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැයකර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදුකරන සත්කාරයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙසද" ඉල්ලා සිටි බවලු. මුණ ගැහෙන්න ඉස්සර ඔය නිවේදනය දුන්නානම් වැඩේ අහවරයි.
බොළඳ කතා නතරකරලා රටේ මිනිසුන්ට බඩ පිරෙන්න කන්න දෙන්න බලන්න. අැමතිලගේ ගමන්, සුඛෝපභෝගී ජීවිත ඒවාට යටකරපුවා ඇති. තව ටික කලයි. පක්ෂේත් තාමත් ඉන්නේ ජනතාවගේ පොරොන්දු ඉටු කරන්න. හාමතේ මැරෙන්න නොදී... ඉන්දියාවේ ජයග්‍රහණයෙන් කාලක්වත් ලංකාවේ නැහැ. මේ ටිකදෙනා පාලනය කරගන්න. බැරිනම් වැඩක් තියෙනවද යන රටවල... නායකයින් අපේ රටට හිනහවෙන් බව. මතක තියාගන්න. අබඇටය අරක්ෂා කරගන්න බැරිව ලොකු දේවල් කරන්නේ.... කොහොමද?
මෙච්චර සම්පත් තියෙන රටක් දියුනු කරන්න බැරුව නය ගොඩක හිරකරගෙන ලෝකේ රටවල් ඉස්සරහා දනින් වැටෙන අනුවන නායකයෝ ඉන්න තවත් රටක් මේකත්. අපි, වෙනිසියුලාව වගේම බෝහොමයක් අප්‍රිකානු රටවලත් සම්පත් තියන් අනුවන පාලකයෝ නිසා දුක් විදින රටවල්. මේ තට්ටු මාරු නායකයෝ වෙනුවට අලුත් යහමින් මුදල් තියෙන දක්ෂ ව්‍යාපරිකයෙක් ( මොකද තමන් හැදිලා ඉන්න ඔන රටක් හදන්න . නැත්තම් කොච්චර උගතෙක් වුනත් හොරා කනවා සල්ලි නැත්තම් ) රටේ නායකයා කරගෙන නුතන තාක්ෂණය සහ ලෝකය ගැන අවබෝධයක් තියෙන පිරිසක් හදාගන්න ඕන.
තව අවුද්දක් විතරයි තියෙන්නේ. මේක අපිට දෙන අවසන් අවස්ථාව.