ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද(20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදීත් එංගලන්ත කණ්ඩායම ලකුණු 18 ක ජයක් අත්කරගත්තේය. මෙම ජයත් සමගින් 3-0 ක් ලෙසින් ඉදිරියට පැමිණි එංගලන්ත පිල තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ජයගත් අතර තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
අදත් වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරිණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.
වර්ෂාවෙන් බාධා ඇතිවන විට එංගලන්ත පිල ඕවර කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියද ඒ වන විට තරගයේ සම ලකුණු මට්ටම වූයේ ලකුණු 114 කි. ඒ අනුව ඩක්වර්ත් - ලුවිස් න්‍යාය මත එංගලන්ත පිලට ලකුණු 18 ක ජයක් හිමිවිය.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න

ඡායාරූපය - චතුර එස්.කොඩිකාර
COMMENTS
ලංකාවට හැම පැත්තෙන්ම අපලයි. මේකට තමා කියන්නේ "ඇගේ වෛරයේ" ශාපය කියලා.
ලංකාවේ ක්‍රීඩකයන් දක්ෂයි නමුත් දක්ෂ මදි....
ක්‍රිකට් හරියට හදාගන්න බැරි සහ ඡන්දටික තියාගන්න බැරුව දගලන අය තනියෙන් රටක් කරන්න තමයි දවල් හීන බලන්නේ.
අනේ පින්සිද්දවෙයි දැන්වත් ලංකාවේ ක්‍රිකට් නවත්වලා දාලා ක්‍රිකට් වලට වියදම් කරන සල්ලි වලින් මේ රටේ යුද්දය අවසන් කරන්න තම අනාගතයම කැපකරලා අත පය නැති කරගත්තු අපේ අහිංසක රණවිරුවන්ට ගෙවල් ටිකක් හදලා දෙන්න.
අපේ කට්ටිය මන්ද පෝෂණයෙන් පෙළෙනවා, ඒවගේමයි සැර බිමජාති පානය කරනවා, සමහරු කුඩුත් ගහනවාලු. සමහරු කාමේසු මිච්චාචාරා කියන එකත් කරනවාලු.ඉතින් කොහේ තියෙන ශක්තියක්ද..සෙල්ලම් කරන්න. අනිත් හේතුව මේ අය දැන් මහලුයි. ඒ නිසා ශක්තිමත් කණ්ඩායමක් එක්ක තරඟ කරන්න අපේ අයට බැහැ . දැන් ඉතින් ගමේ ගොඩේ ශක්තිමත් කොල්ලෝ ටිකක් පුරුදු කරලා අලුත් ටීම් එකක් හදලා ..මේ වැඩකට නැති කට්ටිය ටීම් එකෙන් එළවලා දමන්න.
දුකයි මේ මැච් එකත් පරදුනයි කිව්වම...