(විනීතා එම් ගමගේ)
පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායකවරයා ලෙස කටයුතු කළ මධු මාධව අරවින්ද මහතා ගම්පහ දී කළ ප‍්‍රකාශයකින් පක්ෂයකට සිදුවන හානිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පෙන්වා දීමෙන් පසු ඔහු සමාව ගෙන සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
ඔහු කළ වරදට තමන් විසින්ම දඩුවම් කරගත් ඔහු නිහතමානී මිනිසෙකියැයි තමන් විශ්වාස කරන බවත් මීට වඩා බරපතල වැරදි කළ මිනිසුන් ඒවා නොකළ බව කියන රටක මෙසේ නිහතමානි වීම ගැන ගරු කළ යුතු යැයි ද හෙතෙම සදහන් කළේය.
පාර්ලිමේන්තු ව තුළ විවිධ ජාතිවාදී ප‍්‍රකාශ සිදුවූ බවත් ඒවායින් වන හානිය පෙන්වා දුන්නත් කිසිම අවස්ථාවක ඒ ගැන කනගාටුව පළ කිරීමක් පවා සිදු නොවූ බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා මහ බැංකු හොරකම සිදුකළ පිරිස් වෙනුවෙන් පොත් ලියු රටක පුංචි වරදක් කර පුංචි මිනිසෙක් එම වරද පිලිගෙන ඉල්ලා අස්වී ඇති බවත් එවැනි මිනිසුන්ට ගරු කළ යුතු බවත් කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කළේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
ඔහෙත් ඉල්ලා අස්වෙලා තොලොංචි වෙලා පුළුවන් නම් එ්ක රටට කරන විශාල සේවයක්...
එතකොට තමන් අතින් සිදුවූ වැරදිවලට සමාව අරගෙන ඉල්ලා අස්වෙන්න තරම් කොන්දක් නැත්ද? නායකයෙක් විදියට රටට මොනවද කෙරුවේ...? මහින්දයට අදටත්, හෙටටත් කඩේ යන එක විතරයි කරන්නේ.., ඔය පක්ෂය අමතක කොට, වැටුපක් ගන්න රැකියාවක් කෙරුවා නම් නරකද? නිකම් පව් පුරවා ගන්නේ නැතිව...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර අනෙක් සියලු මහජනයා ගොන්නු කියලා හිතුවද? කරපු වරද වහන්න කොහේදෝ යන කතා අහන්න තරම් සිංහලයා මෝඩ නැහැ...
ලැජ්ජා නහරය කපාගත්තද? අස් උනාට අදහස් වෙනස් කරගෙන නැහැනේද මහත්තයෝ?
ඔබතුමාට මේක පුංචි වරදක් උනාට මුස්ලිම් ජාතියට කළේ ලොකු වරදක්. ඔහු මුලු මුස්ලිම් සමාජයෙන්ම සමාව ගත යුතුයි. ඡන්දය බලාගෙන නිකම් මිනිස්සු රවට්ටනවා. කොහොමත් සුළු ජාතීන්ගේ ඡන්ද ගැන දෙවරක් හිතන්න වෙනවා. මේ වගේ කතා හින්දා තමයි 2015 ත් පැරදුනේ.හිත ඇතුලේ තියෙන දේ එලියට ආවා.
නමට පමණක් පිරිසිදු වූ හෙළ කරුමය රටට කරුමයක් හා කන්දොස් කිරියාවක් වූයේ අද පමණක් නොවේ. එහි සිටිනුයේ පුහුතර්ක ගෙනෙන වාචාලයින්ය. ඔවුන්ට ඡන්ද පදනමක්ද නැත. අනුන්ගේ නැට්ටේ එල්ලීම හැර වෙන පැවැත්මක්ද නොමැත...
මධු මාධව වරද පිළිගෙන ඉල්ලා අස්වුණා. මධු මාධව සහ ඔබ අතර කිසිම වෙනසක් නොමැත.
ප්‍රභල මුස්ලිම් අයෙකු ගේ මැදිහත් වීමක් නිසා මෙය සිදුව ඇත. සිංහල ඡන්ද 65% ඉලක්කය ගන්නේ කෙසේද? මේ විදිහට ඔබ කියනා පරිදි සුළු වැරද්දක් නම් එළවලා දාල සිංහල ඡන්ද ගන්න පුලුවන්ද? ඔබලාත් සුළු ජාතික ඡන්ද හිඟා කනවා නේද?
ඔයා මේ දවස්වල මාධ්‍ය සාකච්ඡා වලට කාලේ නාස්ති කරන්න එපා.ගෝඨා අමාරුවේ දාන්න වැඩ කරන්න තියෙනවා නේද?
අයි මෙයත් අස්වෙන්නේ නැද්ද? කමක් නෑ අපි ඡන්දෙන් ඉවත් කරන්නම්.
බ්‍රයන් ෂැඩික් ගෙන් ඔහේ සමාව ඉල්ලන්නේ කවද්ද?
ඡන්ද 200ක් නැති ගම්මන්පිලලා හොරුන්ට එකතුවෙලා ගොඩයන්න කල්පනාව... මොහු මේ බොරු කීවාට ගෝඨාගේ පුරුදු මව් භාෂාවෙන් ගම්මන්පිලලාට පලුයන්න දීලා තිබෙනවා. ඔහු අස්වුණා කීවාට 2015 ලැබුනේ නැහැ වගේම සුළුජාතික ඡන්ද සාටකයින්ට මේ පාර ලැබෙන්නෙත් නැහැ.
තව දෙන්නයි නේද පක්ෂේ ඔක්කොම ඉන්නේ පරිස්සමින් පුතෙ
සුළු ජාතික චන්ද කපා ගැනිමට කල නාඨකයෙකි. එක්නැලිගොඩ කතාවත් හේතුවක් වන්නට ඇත. නොරැවටෙන්න. මේ පැසිස්ට්වාදීන්ට අහු වන්න එපා . හිට්ලර් බලයට පත්වූපසු ජර්මන් දේශපාලන කියවන්න මේ ඉත්හාසය නැවත සිදුවීමක් විය හැක.
මේ වගේ වාචාලයෝ නිසා තමයි පොහොට්ටුව පරවෙන්නේ... :(
මෙයාගේ වැඩේ මහරජාට ගොට්ට අල්ලන එක විතරයි මෙයා වගේ දේශ පාළුවෝ මුළු රටටම පිළිලයක් .
හරි හරි ඡන්දෙ ඉවර වුනු ගමන් උසස් වීම් සමග නැවත පත්වේවි
පිරුණු කලේ දිය නොසැලේ කියපු එක හරියටම හරි. වැඩිපුර සද්දේ එන්නෙත් හිස් භාජනවලට තඩි බාපුවම නේද? මෙයත් ඒ වගේම තමා. තව ගොඩක් ත්‍රී වීල් පක්ෂවල කට්ටියත් එහෙම තමා. ප්‍රධාන පක්ෂ නායකයෝ සංවරව ඉන්නවා. මේ අය කච පච ගාලා ඡන්ද කීයක් හරි අඩු කරනවා.
ඉතින් ඕගොල්ලොත් එයාව ආදර්ශයට ගන්නකො... මුළු රටටම කිරි උතුරයිනේ.
අනේ මහජනයා මෝඩයන් කියලා හිතාගෙන ඉන්න එපා
මෙහි ඔබතුමා කියපු දෙයක් තමා කල වරදට නිහතමානි ලෙස පිළිගත්තා.
මධු මාධවගේ කොන්ත්‍රාත් එක ඉවරයි. පැවරුණු රාජකාරිය උනේ හනුම වගේ රට ගිනි තියල ජාතිවාදී කෝලාහලය අවුස්සලා. බොරු මුස්ලිම් විරෝධී දේශප්‍රේමීත්වයක් ගොට්ට ආරෝපණය කර සිංහල ඡන්ද වලින් ඇමෙරිකානු පුරවැසිය ජනපතිකරවීම.
ඒ කියන්නේ මෙයාලගේ පක්ෂේ ඉන්නේ ඇති උතුම් පිවිතුරු කට්ටිය වෙන්නට ඕනි. අපි නොදන්නා මොණරතැන්න.
ඕස්ට්‍රේලියන් ජාතිකයාගේ වංචාවට ඔයා අස්වුණාද? ගෝඨා පත්කරගන්න බලනවා.... නඩුකාරයින්ට බලපෑම් කරලා නඩු නවත්වගන්න.