
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවට හෙට (22) ඉදිරිපත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් සිදුවන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කර 18 වැනි සංශෝධනයට නැවත යාම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) රාත්‍රියේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එසේ වුවද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයන් හඳුන්වා දෙනු ලැබූ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කට සීමා කිරීම , දෙවතාවකට වඩා ධූරය දැරිය නොහැකි වීම සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කට සීමා කිරීම යන වගන්ති වෙනස් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
තමා ඉකුත් මහමැතිවරණයේදී ජනතාවට පොරොන්දු වුයේ 19 වැනි සංශෝධනය අහෝසි කරන බව යැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ අනුව 19 වන සංශෝධනය අහෝසි කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමක් ලෙස ඇතමුන් අර්ථ දක්වා ඇතත් එවැන්නක් මෙයින් සිදු නොවන බවත් 20 වන සංශෝධනයෙන් පසුව රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත
19 අහෝසි කිරීම අයවැයට පෙර සිදුකළ යුතු බවත් එසේ නොකළොත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (21) රාත්‍රී පැවැත්විණි.
COMMENTS
වැඩකරන අපේ විරුවා ඉස්සරහට යන්න හදන්නේ... රිවර්ස් ගියර් එක දාගෙනද?
නොහැක්කක් නොමැත.
19 අහෝසි කරලා 18ට ආවෙත් 2015දී ලැබුණු ප්‍රතිඵලම 2026දී ලැබේවි.
හොඳයි.., යහපාලන කාරයෝ කරපු දේවල් නිවැරැදි කරන්න.
18 වෙනි එකේ පහළ බාලාංශයේ ජනාධිපති කෙනෙක් පත් කරන්න බලයක් දෙනවද? හයිබ්‍රිඩ් ජනාධිපතිලාට අවසර තියෙනවාද?
18 වෙනි එකේ පහළ බාලාංශ ජනාධිපති කෙනෙක් පත් කරන්න බලයක් දෙනවද.?
35 ජනාධිපති කලින් තිබ්බේ 30ද? දන්නේ නැති නිසා අහන්නේ?
නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්නේ මේ වගේ කයිවාරු වලට.
මේ තර්කවලට උත්තර දෙවනවට වැඩිය හොදයි, මේ වගේ අය පත් කරපු අය හොයලා කියලා දෙන එක.
කාට කොහොම වුණත් සැමදා මල් පිපේවා..!!!
අනේ අපි මෝඩ වුණා. අපිට සමාවන්න. අපිට වැරදුණා. අපි දුන්නු ඡන්දෙ නිසා ඇමැතිකම් වැඩි වෙයිද? නිදහස අඩුවෙයිද? බදු වැඩිකරයිද?
වැඩකරන අපේ විරුවා.
ඡන්දෙ තියෙනවට විරුද්ධව නඩු කියන ස්වාධීන කොමිෂන් සාමාජිකයන් ආයිත් අපිට දක්න්න බැරිවෙයිද? ජාතික ආරක්ෂාව අච්චාරු කරන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ආයිත් අපිට දකින්න බැරි වෙයිද? සිංහල බෞද්ධ බහුතරය ගොනාට අන්දවන යහපාලන සහජීවන විගඩම් අපිට ආයිත් දැකගන්න බැරිවෙයිද? අනේ එහෙම කරන්න එපා...