(නාලක සංජීව දහනායක)
රටේ වේගවත් සංවර්ධනයක් සිදුකිරීමටනම් බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (10) පැවැසීය.
එමෙන්ම වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සහතික වන්නේනම් මෙරට අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදෙස් සිසුන්ද ආකර්ශණය කරගත හැකි බවද ජනාධිපතිවරයා කීය.
නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කරනවා මෙන්ම දරුවන්ට මුදල්ගෙවා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමේ පහසුකම් පුළුල් කිරීමෙන් විදේශ විනිමය උපයාගත හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (10) පස්වරුවේ පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ 2019 වසරේ උපාධි ප්‍රධානොත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී විද්‍යාර්ථයින් 1280 දෙනෙකුට උපාධිය ප්‍රධානය කිරීම ජනධිපතිවරයා අතින් සිදුවිය.
(ඡායාරූප - චතුර.එස් කොඩිකාර)








COMMENTS
දැන් මේ පොටෝ බලලා අපේ හරක් තප්පුලයි ඔය නෑ කිව්වට වාහන පිරිවරාගෙන එන්නේ කියලා. මේ හමුදාව විසින් සිය අමුත්තා හමුදා සිමාවේ සිට උත්සව භූමියට කැඳවාගෙන ඒමක් විනා ජනාධිපත් ආරක්ෂක අංශ පිරිවරාගෙන මහමග රඟ දැක්වීමක් නොවන බව සියලු දෙනා දැනගනිත්වා !
රටේ වේගවත් සංවර්ධනයක් සිදුකිරීමට නම් බුද්ධි ගලනය පාලනය කළයුතු බව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත් විදෙස් රටවල් පදිංචිව සිටින්නා වූ බොහෝ උගත් පුද්ගලයින් ලංකාවට පැමිණීමට පිළිකුලක් දක්වන්නේය. එයට ප්‍රධානතම හේතුව නම් සමහර අන්තවාදී දේශපාලකයින් සහ භික්ෂූන් වහනසේලා විසින් නොකළයුතු නමුත් රජයේ අාශීර්වාදය ඇතිව හෝ නැතිව මාධ්‍ය හරහා කරන්නා වූ පිළිකුල් දේශනාවන් නිසා වැදගත් උගත්, බුද්ධිමත් මිනිසුන් ලංකාවට පැමිණෙන්නට අකමැතිය. බුද්ධිගලනය නැවතීමට පෙර රට තුල ආගමික සදාචාරය තිබිය යුතුයි. නැතිනම් ඉතිරි උගතුන් සියලුදෙනාද දරුවන් සමග රටින් පිටවේ. රට ගොඩනැගීමට පෙර රටක් තුළ සැමට එක්ව ජීවත්වීමට හැකි පරිසරයක් රජය නිර්මාණය කළයුතු වේ. මාධ්‍ය සදාචාරයක් ඇති කළ යුතුවේ. රටේ එකම තේරුම ඇති ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කිරීමටත් තහංචි පනවන රටක උගතුන්ට ජීවත් විය හැකිද? ඇමෙරිකාවේ ජීවත් වූ ඔබට ලංකාවේ වෙනත් සිටි නායකයින්ට වඩා හොඳින් මෙය අවබෝධ විය යුතුයි. එය නොවීම කණගාටුවට කරුණකි.
ඔය බුද්ධිගලන කතාව නොකී ජනාධිපති කෙනෙක් හිටියද? නෑ. කවුරුත් ඕක කියනවා. හැබැයි ප්‍රායෝගිකව කරන දෙයක් නැහැ. ඇයි උගත්තු රට හැර යන්නේ? අංක එක, සුදුස්සාට සුදුසු තැන නොලැබීම. දෙක හිතට එකඟව වැඩකරන්න ගියොත් ජොබ් එක නැතිවීම. තුන මෝඩ දේශපාලුවන්ට වන්දිභට්ටකම් කිරීමට සිදුවීම. ලැයිස්තුව හරි දිගයි.... දේශපාලුවන් හිතන්නේ මේක මේ වැඩි පඩි හොයාගෙන උගත්තු පිටරට යාමක් කියලා. ඒක එක හේතුවක් හේතුවක් විතරයි.
සම්පුර්ණ ඇත්ත. ලංකාවේ ජනතා බදු මුදලින් උසස් අධ්‍යාපනය කළ කිසි කෙනෙකුට පිටරට රැකියාවට යන්න දෙන්න හොද නැහැ. අඩුගානේ ඊලග වසර 5 තුළ.....ඔවුන්ගේ ඉඩකඩම් දේපල ඇපයට ගෙන අවශ්‍යනම් වසර 2 කට පමණක් යන්න දෙන්න. දැනට කෝටි කියක් නම් ලංකාවට වංචා කරලා තියනවද ? විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු රට පැන තම කොන්දේසි කඩකිරීම මගින්.
ගැළපෙන වැටුපක් ගෙවන්න ඕන මුලින්ම. ශ්‍රි ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ට වැඩිය විදුලිබල මණ්ඩලයේ, පෙට්‍රොලියම් එකේ ලිපිකරුවන් වැඩ වැටුප් ගන්නවා..... ඒත් ඒවා පාඩු ලබන ආයතන...
ලංකාවේ බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව නම් රටේ රැකියා අවස්ථා නොමැති වීමයි. ගුණාත්මක භාවයකින් යුතු රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම හොඳ දෙයක්. මෙය අද එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් සිදු කරමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගන්නවා. මෙවැනි ආයතන බිහි කිරීමෙන් ලංකික සිසුන්ට රට තුළ උසස් අධ්‍යාපන අවස්ථා උදාවෙන අතර එවැනි ආයතනවල රැකියා අවස්ථාද බිහි වේ.
එසේනම් පොදු මුදල් සොරකම් කිරීමෙන් වළකින්න. එවිට ඔවුන් ගෙදර නවතීවී.
අපේ පාලනය හොඳ නැතිනම් යන්න නේද කියන්නෙ? කැඳ ඕනේ නම් උණු වතුරට සහල් දමන්න ඕනෙ.
සියලුම උගත් අය රට හැර ගොස් හෝ රට හැර යාමේ දී ගෞරවනීය මධ්‍යම පාංතික පවුල් සමඟ රැඳී සිටින්නේ අන්ත ධනවතුන් පමණි. අනෙක් සියල්ලන්ම පවතිනු ඇත්තේ නීතිවිරෝධී ව්‍යාපාර කරන පුද්ගලයින් සහ බයියන්ය.
කලින් ජනපති 2015 දී පත්වෙලා පිටරටවල වැඩ කරන බුද්ධිමතුන්ට ලංකාවට එන්න කියල ආරාධනා කළා. එත් එතුමාට කිසිම වැඩපිළිවෙලක් තිබුනේ නැහැ. ආවනම් මිනිස්සු අනාත වෙනවා. ඔබතුමාට වැඩපිළිවෙලක් තියෙනවා කියලා පැහැදිලියි. එත් මිනිස්සුන්ගේ ඇගට දැනෙන වෙනසක් වෙනකම් වෙනකම් අපේ රටට එන්නේ නැහැ. මේ අවුරුද්දේ විශ්වවිද්‍යාල වලට වැඩිපුර ගන්න එකත් ඉතාම හොද තීරණයක්. අපේ රටේ සුදුසුකම් තියෙන දක්ෂ දරුවෝ මොනතරම් ඉන්නවද ?
අද සාමාන්‍ය පෙළ ඉවර උන ගමන් හරි උසස් පෙළ කරගෙන යන ගමන් බොහොමයක් සිසුන් විදේශ ගත වෙනවා. මේකට හේතුව උසස් අධ්‍යාපනය ගැන ඔවුන්ට හෝ දෙමවුපියන්ට කිසිම විශ්වාසයක් නැතිකම. අනික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල ඇතුළුව කරගෙන යන පාඨමාලා අද කාලේ අවශ්‍යතා අනුව යාවත්කාලීන වීමක් වෙලා නැහැ. පරණ සිලබස් කරනවා ප්‍රැක්ටිකල් හෝ කාලීන අවශ්‍යතා ගැන අවධානයක් නැතුව. මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනි. අනික් හැම රටකම සිලබස් කාලෙන් කාලෙට අවශ්‍යතා අනුව වෙනස් කරනවා පාසල් පාඨමාලා ඇතුළුව......................