IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


‘‘ධූර කාලය තුළ ඇති ප්‍රධානම කාර්යය ආර්ථිකය නඟා සිටුවීමයි‘‘

(නාලක සංජීව දහනායක)

තම ධූර කාලය තුළ අපේක්‍ෂිත ප්‍රධානතම කාර්යය බිඳවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (14) විදෙස් නියෝජිතයෝ හමුවේ පැවැසීය.

මෙරට සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීන රජයේ විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් සහ ජපාන විදේශ අමාත්‍ය කොසේ යමමතෝ යන මහත්වරුන් සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ එම විදෙස් නියෝජිතයෝ සඳහන් කර සිටියේ රජය ආරම්භ කර තිබෙන ආර්ථික ප්‍රථිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තම උපරිම සහය ලබාදෙන බවය.

තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජීවිතය යතා තත්ත්වයට පත්කරමින් රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සම්බන්ධයෙන් විදෙස් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයාට තම ප්‍රශංසාව පළ කළහ.

එමෙන්ම සෑම ක්‍ෂේත්‍රයක්ම කඩිනමින් සංවර්ධනය කරමින් රට ඉදිරියට ගෙනයාමේ ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාවට පූර්ණ සහය ලබාදෙන බවට ඔවුහු ප්‍රතිඥා දුන්හ.

 

 



අදහස් (1)

‘‘ධූර කාලය තුළ ඇති ප්‍රධානම කාර්යය ආර්ථිකය නඟා සිටුවීමයි‘‘

De Tuesday, 14 January 2020 04:53 PM

සහතික ඇත්ත... ඔබතුමා එ්ක කළොත් ඔබට පින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 471 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site