(රංජන් කස්තුරි)
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන සාකච්ඡා කිරීම සදාචාරාත්මක නොවන හෙයින් කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඊට විරෝධය දැක්වූ බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කොළඹදී අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.
එවැනි යෝජනාවක් කාගේ උවමනාවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා දැයි තමා නොදන්නා බවද එහිදී ඇමතිවරිය කීවාය.
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ බහුතර සහායක් ලැබී ඇති හෙයින් ඔහුට අනිවාර්යෙන්ම අපේක්ෂකත්වය හිමි වන බවද ඇමතිවරිය පැවසුවාය.
එක්සත් ජාතික පෙරමුණේ ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවා ඉන් අනතුරුව විධායක ජනපති ක්‍රමය අහෝසි කළ හැකි බවද තලතා අතුකෝරාල මහත්මිය කීවාය.
පොහොට්ටුවේ නායකයින්ටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්දැයි සැකමතුවන බවද ඇමැතිවරිය පැවසුවාය.
COMMENTS
ඇත්තම කියනවා නම්, ඔය කිසිම කෙනෙකුට විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න වුවමනා නැහැ. ජනපතිවරණයෙන් පස්සේ ඔන්න බලන්න ඔය පුරසාරම් දොඩන අපේක්ෂකයන් ඕක නැතිකරයිද කියලා...
ඔය ගොල්ලන්ට ලොකු ඇමතිකමක් ගන්නට, උගත්කමින් අඩු, අනාගත දර්ශනයක් නැති අයෙක් ඉස්සරහට ගේනවා. උගත් අය ඇයි මේ නූගතුන් ඉදිරියට ගේන්න වලි කන්නේ. කලින් වෙච්ච දෙයින් වත් පාඩමක් ඉගෙන ගන්න මොලයක් නැහැ. උගත්, දක්ෂ කෙනෙක් නැත්ද? අනෙක මෙයා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා රටම දන්නවා. එයයි, මෙයයි එකතු වෙලා හොඳට රට කරාවි...
සජිත් හිතන්නේ ජනපතිවරණය දිනන්න පුළුවන් කියල . ඒ නිසා මේක අහෝසි කරනවට මිනිහ කැමති නැහැ .ඒ කලබලය තමයි කැබිනට් රැස්වීමේදී ගෝලයෝ මගින් කරවගත්තෙ . නමුත් මිනිහම දන්නේ නැහැ මිනිහ විධායක ජනපතිකමට ඉල්ලුවොත් ඇපත් නැතුව කන බව . ඊට පස්සේ ගෝටා ආවට පස්සේ ආය කට්ටියවම එකතුකරගෙන මේක අහෝසිකලයුතුයි කියල උද්ගෝෂණ කරයි . තාත්ත කරපු වැඩ වලට පුතාට බලය දෙයිද ? නැහැ ... එකම ජානනේ තියෙන්නේ ..
හප්පොච්චියෙ.....දී කිරට බැලලියොත් සාක්කි කීවාලු!
මේ ඔබ දකින්නේ ඉතා සූක්ෂම ලෙස සංවිධානය කළ අැස්බැන්දුමකි. මෙමගින් මිනිස්සුන්ට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තිබුණු විරෝධය මුළුමනින්ම රනිල් විරෝධයක් බවට හරවාගැනීමට මගපෑදේ. මේ සූදානම් වන්නේ රනිල් අධම තුච්ච පුද්ගලයෙකු බව තමන්ගේ ආධාරකරුවන්, අනුගාමිකයින් ලවාම හංවඩු ගසාගෙන, පක්ෂයේ අනෙකුත් සියලු හොරුරැලට සුදුහුණු ගමටයි. සජිත්ව වීරයෙක් කරලා රනිල් පරදවා සජිත් දිනනවිට ජනතාව හුරේ දමන තත්වයක් මවාපෑමෙන් පසුව මඩ නාගත්බව පෙන්වා රනිල් පසෙකට වී සුදු හුණු ගෑ සජිත් වීර සෙයියාවෙන් ඇප තැම්පත් කරනු ඇති. එදාට සියල්ල මතක වූ අපේ මිනිසුන්, සජිත් පසුපස ගොස් නැවතත් එජාපය දිනවූ පසුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොඑසේ නම් නව ආණ්ඩුක්‍රම සංශෝධනයක් මගින් රටේ විධායක අගමැති වනහැටි අපට බැලීමට පුළුවනි. සජිත්ගේ පදවි ප්‍රාප්තිය හරහා වහා ආණ්ඩුව විසුරුවා හැරීමේ භීතිකාවෙන් මිදී රනිල් රිසිදේ රටටත්, ජාතියටත් තොණ්ඩුව දමනු.. අද පෙළපාලි යන උන්නාන්සේලාට ගිලන්පස වළඳමින්, දැහැත් සපමින්, පඩික්කම් පුරවමින්, බලාසිටීමට පුළුවනි.
වැදගත්ම ප්‍රශ්නය. සදාචාරාත්මක දේශපාලනයක් ලංකාවේ තියනවාද?
තමන්ගේත් පක්ෂයේ අනිකුත් හොරුන්ගේත් තලතෙල් ගාන්නට යන එක නමටටත් ලැජ්ජයි...!
විධායකය අහෝසි කිරීම 2015 ඔබලාගේ මැතිවරණ ප්‍රකාශයේ මුඛ්‍ය ප්‍රකාශයයි. ලක්ෂ 65ක් ඡන්දය දුන්නේ ඒ සඳහායි. එහෙනම් කොහොමද ඔබ කියන්නේ මෙය සාදාචාරාත්මක නැහැ කියලා? අපි කියනවා ඔබ ඇතුළු ඊට විරුද්ධ සියලුම දෙනා කර තිබෙන්නේ සදාචාරාත්මක ක්‍රියාවක් නොවේ කියලා...
අනේ නෝනා අර කොළඹ නගරාදිපතිනියත් එක්ක එකතුවෙලා ගැහැණු දරුවන්ට සහ අම්මලාට යන්න පිරිසිදු වැසිකිලි ටිකක් හදන්න පිළිවෙලක් ගැන කතා කරන්නකෝ . තව ටික දවසකින් අපේ රටත් කල්කටාව බවට පත් වෙයි .
සදාචාරය ගැන කතා කරන මෙයට පෙන්නේ නැද්ද මේ දවස්වල දෙන පත්වීම්,උසස්වීම් වගේ දේවල්?ඒවා සදාචාරාත්මකද?
මොකක්ද එතන තියෙන සදාචාර විරෝධී බව? අපි ඡන්ද දායකයෝ අපිට ඒවගේ දෙයක් පේන්නේ නැහැ. මෙය කළ යුතු දෙයක්... ඔයගොල්ලන්ට ඕනේ ඔතෙන්ට වෙලා බලය පවිච්චි කරකර සැප ගන්න. ඔයාගේ කට විතරයි. අර එක් හොරෙක් විදේශ සේවකයින්ගේ ඇමති වෙලා ඉන්න කාලේ කරපු දේවල් හොයයි කියලා අපි හිතුවා. තාමත් එ්ක කයිවාරු ගහ ගහ ඉන්නවා. ඔහෙලා මක බෑවිලා යන්න ඡන්දෙ දෙන්න අපි බලාගෙන ඉන්නවා. අපිට ඕනේ ඔය දියවන්නාවේ ඉන්න හොරා හැත්ත පන්නන්න.
ඕක අර පොරොන්දු වුණු විදිහට දින 100න් කළා නම්, අද සිරිසේන කියන්නේ ජාතික වීරයෙක්, එසේ කළානම් ඔහු මේ විදිහට නිකන් නෝන්ඩි වෙන්නේ නැහැ. සමහරවිට නොබෙල් ත්‍යාගයක් පවා ලැබිලා ජාත්‍යන්තරව පවා ජනප්‍රිය චරිතයක් වෙන්න තිබුණා. ලංකාවේ විධායක අගමැති වෙන්න තිබුණා. මොනවා නැති වුණත් අර විජේතුංග ජනපතිට වගේ.., විශ්‍රාමික ජනපතිවරයෙකුට තිබෙන වරප්‍රසාද භුක්ති විඳිමින් ගෙදරට වෙලා නම්බුපිටින් ඉන්න තිබුණා. අද තිබෙන තත්වය අනුව ජනපතිවරණයෙන් පස්සේ ඔහුට ෆොන්සේකාට වගේ හිරබත් කන්න වෙන්න පුළුවන්...
සජිත්ට අත උස්සන වැඩිදෙනා මහබැංකු කොල්ලයේදී කෝප් වාර්තාවට ෆුට් නෝට් ගැසූ කල්ලියේ සාමාජිකයින්ය. ඒ නිසා රනිල් ආවත්, සජිත් ආවත් අැලෝසියස්ලා දිනනවා.
අපේ ගොනා අපිට හොඳයි. මේ පාර තලතා දේවී ඕක කියන්නේ සජිත් ගැනද? කලින් නම් ගොන් කරත්තෙක නැගලා ඔය කතාව කෑගගහා ගියේ රනිල් වෙනුවෙන්.
වාසි පැත්තට හෝයියා ....
මෙයා මේ සදාචාරයක් ගැන කතා කරනවා.ඒ ගොල්ලෝ සල්ලිකාරයෝලු. වංචා කරන්නේ නැතිලු.