(පාලිත ආරියවංශ )
පවතින ආනාරක්ෂිත තත්වය හේතුවෙන් අප්‍රේල්මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (13) පැවසීය.
ඡන්දය පැවැත්වීමට නම් ජනතාව ආරක්ෂා කාරීව සිටිය යුතු බ වද දේශප්‍රිය මහතා අවධාරණය කළේය .
ජනතාව කෙරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.
අද බදුල්ලේ පැවැති හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
කොරෝනා වෙනත් අයට පැතිරයාම වැලැක්වීමටත් එම වසංගතය සිර කර තැබීමත් වැදගත් බව අවධාරණය කළ දේශප්‍රිය මහතා එම වෛරසය පිළිබදව සැකයක් ඇතිවු සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධානයට ලක්වීම මෙම වෛරසය එළවා දැමීමට ඇති හොදම පිළිවෙත බව සදහන් කළේය .
ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතත් රජයේ වාහන පාචිච්ය අද ව න විට නතරවී ඇති බවද පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මහජනතාවගේ ආරක්ෂාව ගැන රටේ ආරක්ෂාව සේම සැලකිලිමත්විය යුතුයි යන්න සම .." හරක් " දේශපාලුවන්ට නොතේරීම පුදුමයකි. අවාසනාවකට ගොන් කතා කියන එම දේශපාලුවන්ගේ ළඟින්ම ඉන්න අයවත් ඒ බව එම මෝඩ දේශපාලුවන්ට කියානොදීම පුදුමයකි.
සමහර දේශපාලුවෝ නම් ජනතාවට ඕනේ දෙයක්.....තමන්ට බලය ලබාගන්න එක තමයි එකම අරමුණ.
බලලෝභී, බඩගෝස්තරවාදි දූශිත, දේශපාලුවන්ට නම් ප්‍රශ්නයක් නැතුව ඇති... බලය නැත්නම් ඔවුන්ට පැවැත්මකුත් නැහැ...
ඇත්තටම අපේ දේශපාලුවෝ මොලේ නැති අයද? ලෝක සුව සංවිධානයෙන් භයානක, මරණීය වයිරසයක් කියලා කියද්දීත් කතාකරන්නේ මැතිවරණයක් ගැන.