IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


‘රැකියා ලක්ෂය සම්පූර්ණයෙන්ම වංචා සහගතයි‘

(  රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 

විරැකියාවෙන් සිටින තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සම්පුර්ණයෙන්ම වංචාසහගත ව්‍යාපෘතියක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය. 

යහපාලන රජය සමයේ රැකියා ලබා දුන් විසිපන්දහසකට ආසන්න පිරිසක් මේ වනවිට ඉන් දොට්ට දමා ඇති නිසා එම පිරිස ඔවුනට නැවත රැකියා ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කළ බැවින් ඔවුන් ද දමා ඇත්තේ ඉහත කී ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළටම බවද ඔහු කීවේය.

 වැඩිදුරටත් අදහස් දැක්වූ  මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

අලුතින් රැකියා ලබා දෙන්නේ හැත්තෑපන්දහසකට විතරයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමසේවා වසම් 14,323 ඇති නිසා එක් ග්‍රාමසේවා වසමකට  ලබා දිය හැක්කේ රැකියා 04 ක් පමණයි.  ඒ අනුව එක ගමකට එක් කෙනෙකුට විතර රැකියාවක් දීමට පුළුවන්. අනික් කාරණය තමයි මේ විරැකියා ළමයින් ව සම්මුඛ පරික්ෂා කරන්න යන්නේ හමුදා නිළධාරීන් විසින්. ඒක බරපතල තත්වයක්. රජයේ රැකියාවක් ලබාදීමේ සම්මුඛ පරික්ෂා යුද හමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා හෝ පොලීසියේ නිළධාරීන් යෙදවීම කිසිසේත් අනුමත කරන්න බැහැ‘

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

(ඡායාරූප සහ වීඩියෝ-රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (14)

‘රැකියා ලක්ෂය සම්පූර්ණයෙන්ම වංචා සහගතයි‘

Nuwan Monday, 02 March 2020 09:52 AM

ඕක මොකක්ද? රටේ මිනිස්සු දැන් වොඩ්කා බෝතල් වලනේ වතුර බොන්නේ...!

:       72       264

විපරමා Monday, 02 March 2020 09:58 AM

ආණ්ඩුව ඉන්නේ ආර්ථික අර්බුදයකලු... රැකියා ලක්ෂයක් දෙන එකත් ආසියාවේ ආශ්චර්යය වගේ වැඩක් වෙන්ටැ...

:       83       122

Raveendra Monday, 02 March 2020 10:06 AM

අප දැනට බලයේ ඉන්න තක්කඩි රැලට කඩේ යනවා නොවේ. එම තක්කඩින්ගේ බලුවැඩ අනුමත කරනවද නොවේ. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලාගේ කටින් පුළුවන් නම් මම කිසිඳු වංචාවක් මෙතෙක් කරලා නැහැ කියලා... මම සත්ගුණවත් පිංකඳ කියා.

:       22       261

Sidath Monday, 02 March 2020 10:39 AM

යහපාලන බූරුවන් කියන බයිලා අපි ගණන් ගන්නවද ? රටක් අවුරුදු ගානක් ආපස්සට ගෙනිච්ච සාපේ මේ අයගේ හත්මුතු පරම්පරාවටම වදින්න ඉඩ තියනවා.

:       209       227

අසේල Monday, 02 March 2020 11:02 AM

ඇයි මොකක්ද මේ ආණ්ඩුවේ අවුල. 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ඉල්ලුවේ ජාතික ආරක්ෂාව විතරයි. ආණ්ඩුව ආපු දේ දැනටමත් කරලා ඉවරයි. දැන් අපිට ජ්‍යාත්‍යන්තර බලපෑම් නෑ. මට හිතාගන්න බැරි ඇයි මේ ආණ්ඩුව රස්සාවල් දෙන්න බඩු මිල අඩු කරන්න මෙච්චර මහන්සි වෙන්නේ කියලා. මේ රටේ කොච්චර කොස් තියෙනවද? හමුදාව යොදවා කොස් පොළොස් පරිභෝජනයට ජනතාව යොමුකළ යුතුයි.

:       12       262

චිත්‍රානන්දMonday, 02 March 2020 11:55 PM

ජාතික ආරක්ෂාව, එම්.සී.සී. ගිවිසුම, වගේ ව්‍යාජ බිල්ලෝ මවලා බොරුවෙන් බලය ගත්ත ආණ්ඩුවක්. ජාතික ආරක්ෂාව යහපාලන කාලේ අවුල් නම් කොහොමද ජනාධිපති ධුරයට පත්වුණු ගමන් තමන්ගේ ආරක්ෂාව අඩු කරගත්තේ. එහෙනම් කාලයක් ගිහින් ඕනනෙ ඒක කරන්න.

:       43       4

athuraTuesday, 03 March 2020 04:23 AM

ඇත්තද අසේල, ආණ්ඩුව ආපු දේ දැනටමත් කරලා ඉවරද.

:       0       3

Raveendra Monday, 02 March 2020 11:07 AM

අනේ අපොයි පුත්තලම පැත්තේ ඉන්න ඒ අහිංසක සත්තුන්ටත් අවනම්බුවක් මේ වගේ තුට්ටු දෙකේ සත් ගුණවත් පින් මාමලා ඉන්න එක...තමන්ගේ රෙදි ටික හොදට හෝදලා එනවා. අනුන්ගේ රෙදි හෝදන්න කලින්....එනවා මෙතන අනිත් කෙනාගේ බොරු ගැන කතා කරන්නේ. කතා කරන්නකෝ මෙතෙක් කල් කළ සහ කරමින් පවතින බොරු ගැන...

:       4       230

කපුරුහාමි Monday, 02 March 2020 11:21 AM

අපේ අගමැති තුමා ඉන්දියාවෙන් හරි උදව් අරන් මොනවා හරි කරාවි.?

:       0       1

tikiri Monday, 02 March 2020 12:11 PM

ඕකත් යහපාලනෙන් නිවාස දුන්නා වගේද?

:       4       50

මුණසිංහ Monday, 02 March 2020 04:58 PM

ඉතිං තමුන්ලා එහෙමවත් දුන්නද? අනෙක ඡන්දෙ කිට්ටුවෙලා ඔයාලා බඳවා ගත්තු ටිකක්... ස්ථිරත් නැතිව. ඒව වංචා සහගත නැත්ද?

:       1       91

athuraTuesday, 03 March 2020 09:18 AM

මුණසිංහ දැනුත් එහෙමනේ. පාර්ලිමේන්තුව විසුරවලා තියෙද්දී අන්න ජොබ් දෙන්න යනවලු.

:       0       0

මුණසිංහTuesday, 03 March 2020 03:33 PM

දැනුත් එහෙමද? නැත්ද? කියන එක නෙමෙයි මම කිවුවේ. මෙයාට එහෙම කියන්න එයාල හරියට කරල තියෙන්න ඕන. තමන් වැරදි කරල අනුන්ට දොස් කියන එක කොහොමත් වැරදියි.

:       0       0

Vijitha Friday, 06 March 2020 07:11 AM

රටේ රැකියාදීම ජාතික ප්‍රතිපත්තියක් වියයුතු කරුණක් මිස දේශපාලනයට සම්බන්ධ වියයුතු නැහැ. විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබුණු ගමන් අදාල සුදුසුකමට අදාල ආයතනවලට පුහුණුව සඳහා යොමුකළ යුතුය. පසුව පුරප්පාඩු අනුව ලැයිස්තුවකට අනුව රැකියා දියයුතුය. මෙයට රජයක් තිබුණද නොතිබුණද අදාල නැහැ. ජාතික කොමිසමේ ලැයිස්තුවට අනුව අනුපිළිවෙලට රැකියා දියයුතුය. ලැයිස්තුව ප්‍රසිද්ධ කළයුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site