(එෆ්.අස්ලම්)
තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්‍රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සදහන් කරයි.
එමෙන්ම දෙමළ ජනතාවගේ ජාතික වීරයින් වීමට කිසිදු දෙමළ දේශපාලකයෙකුට නොහැකි බවත් තමා දුටු නියම ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බවත් හෙතෙම සදහන් කළේය.
එක්සත් නිදහස් පෙරමුණේ අම්පාර දිස්ත්‍රීක්කයේ පාන්ඩිරුප්පු කොට්ඨාසයේ ජන හමුව පාණඩිරුප්පු සංස්කෘතික මණ්ඩපයේදී අද(13) පැවති අතර එම හමුවේදී පාක්ෂිකයින් අමතමින් මුරලිදරන් මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේද කීය.
'දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් හටගෙන තිබෙනවා.මෑතකදී එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් කරන ලද ප්‍රකාශයක් කතිකාවක් වී තිබෙනවා.අද දෙමළ ජාතිකත්වය ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ එක්කෙනෙකුට විතරයි.ඒ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා,ට විතරයි.ඔහු හැර දෙමළ ජාතිකත්වය ගැන කතා කරන්න සුමන්තිරන්ට හෝ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රීක්කවල ඉන්න දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙකුට අයිතියක් නැහැ.
ඔවුන්ට යුද පිටිය ගැන දන්නවාද? යුද පිටියට තම දරුවන් යැවීමේ වේදනාව දන්නවද? අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයගේ හදවතේ තියෙන වේදනාව දන්නවද?මේ කිසිවක් නොදැනයි ඔවුන් ජාතිකත්වය කතා කරන්නේ.
අම්පාර දිස්ත්‍රීක්කයේ සිටින දේශපාලකයෙක් කංචිකුඩියාරු කැලයෙන් භාගයක්ම විනාශ කරල තියෙනවා.ඒ කැලයේ තිබූ ගස් වවන්න එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් දහස් ගණනක කොටි සාමාජිකයින් යොමුකළා' යැයිද කීය.


COMMENTS
කතාව ඇත්ත නමුත් උතුම්වූ ශ්‍රී දළදා වහන්සේට හානි කරන්නට තැත් කිරීමම මේ සිරිලක මහා පව්කාරයෙක් වී ඉතිරි කාලය ගත කිරීමට ප්‍රමාණවත්ය.
දෙමළ අයගේ දේශපාලන අවශ්‍යතා ඉටු කිරීම අරඹයා දැනුවත් හෝ නොදැනුවත්ව මිනී මැරීමට යොමු වූ ඔබ පසුව රටේ ඒකීයත්වය පිළිගැනීම සතුටට කරුණක් වුවත්, දෙමළ ජාතිකත්වයක් පිළිබඳ ප්‍රභාකරන් උත්කර්ෂයට නැංවීම පිළිගත නොහැකිය.
තමන් කරපු පව් වැඩ වලට අපාය මදි............. තව පුරසරම් දොඩනවා...........
තවමත් ඊළමට ආදරෙයි මෙයා. ප්‍රභා ගස් වවන්න කිව්වේ යුද්ධ කරන්න ලේසි නිසා.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතානනී මම එය 100% කින් අනුමට කරමි මැදවච්චිය කිලිනොච්චිය සහ පාමංකඩ අලිමංකඩ නොදන්නා, ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කී අය නියම ජාතිද්‍රෝහීන්ය.
සරළ ගනිතය.. ප්‍රහාකරන් යනු දෙමළ ජාතීන් වෙනුවන් අරගල කල උත්තමයෙකු නම් ඔහුට ද්‍රෝහී වීමම දෙමල ජාතිය වෙනුවෙන් ද්‍රෝහී වීමකි.
තමුන්ගේ කෙරුවාවල් ගැන මොකට කියනවද ?කරපු විනාශය හොදටම ඇති.
ඇත්ත මෙය තමයි ගොඩක් දේවල් එල්ටීටී එකෙදී කරේ. ඒත් තමන් පස්සේ හරි, හරි මාර්ගයේ ගියේ නැතිනම් ප්‍රභාකරන් තවමත් යුද්ධ කරනවා. මොහු නැතිනම් ලේසි නෑ ප්‍රභාව මෙල්ල කරගන්න. එකත් අපි දැනගත යුතුයි.
දෙමළ ජාතික සන්ධානයට දොසාරෝපණ කරන විමල්, ගම්මන්පිල මේකට මොනවද කියන්නේ?
"ද්‍රෝහියා" කියන්නේ නැහැ කව්රුවත්. සමහරුන්ටනම් දැන් "අමු දේශප්‍රේමියෙක්".
එතකොට අප්පච්චියි රට රකින විරුවයි නායකයො නෙමෙයි ද අපේ හාමුදුරුවනේ ??
ඇත්ත නේන්නම්. මහජනයාට හිතකර හෝ අහිතකර අරමුණක් / ප්‍රතිපත්තියක් තිබුනා. ඔහු උඩදාගෙන දඟලන දේශපාලුවෝ ටික තමා නියම දේශද්‍රෝහීයෝ. උන්ගේ එකම අරමුණ මහජනයාට හෙණ ගැහුනත් කමක් නැහැ මගේ හා මගේ හෙන්චයියලාගේ සාක්කු ටික පිරෙනවානම් ඒ ඇති කියන ප්‍රතිපත්තිය. අරමුණක් ඇත්තෙම නැහැ.
එතකොට එයාව උපසභාපති කර ගත්තු කට්ටියට.?
යු.ඇන්.පී කාරයාගෙයි මෙයාගෙයි වෙනසක් නැහැ. තමන්ගේ පැත්ත පාවා දෙනවා.
"ද්‍රෝහියා" කියන්නේ නැහැ කව්රුවත්. සමහරුන්ට නම් දැන් "අමු දේශප්‍රේමියෙක්". රනිල්ට, රවීට, කිරිඇල්ලට, ප්‍රේමදාසලට සංසන්දනය කරනවිට මෙයා "අමු දේශප්‍රේමියෙක්" තමයි.. ආයි කතා දෙකක් නැහැ. යුද්ධය දිනාගන්න කෙලින්ම උදව් කළා.
කරුණා අම්මාන්ට හොර පාස් පොර්ට් එකක් හදලා දීලා රට යැව්වෙත් නිකන්ද?
"ද්‍රෝහියා" කියන්නේ නැහැ කව්රුවත්... සමහරුන්ට නම් දැන්" අමු දේශප්‍රේමියෙක්". ඔව් සිංහලයාට විරුද්ධව ත්‍රස්තයෙක් හැටියට ත්‍රස්තවැඩ කරනකොට සිංහලයාට ඔහු "ද්‍රෝහියා" දෙමළුන්ට "අමු දේශප්‍රේමියෙක්" ත්‍රස්ත වැඩ නතර කර සිංහලයාට එකතුවී දෙමළ ත්‍රස්ත මර්දනය කළාම කරුණා සිංහලයින්ට "දේශප්‍රේමියෙක්" දෙමළුන්ට "ද්‍රෝහියා" දැන් ඔහෙට මොනවද කියන්න තිබෙන්නේ? මෙවැනි සිදුවීම් ලෝකයේ වුණු පළමු වතාව නොවෙයි. ඉංග්‍රීසින්ට එකතු වුණු ඇහැලේ පොළ නිලමේ ගැන දන්නේ නැද්ද? රාජසිංහ රජු ඇහැලේපොළගේ පවුලම විනාශ කලේ අැයි කියා සොයා බැලුවද? සිංහල අපේ ළඟම ද්‍රෝහිකම් ඕනෑතරම් තිබෙනවා හලෝ...
තමා දුටු නියම ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බවත් හෙතෙම සදහන් කළේය.