(ඩයනා උදයංගනී)
මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එම වගඋත්තරකරු සිටින බව කියන සිංගප්පූරු රජය මේ ගැන මීට වඩා වගකීමක් ගත යුතු බව කී ජනාධිපතිවරයා අඩුම තරමින් එම පුද්ගලයා එරට තුළ සිටින්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් හෝ සිංගප්පූරු රජය කළ යුතු යැයි සඳහන් කළේය.
මහබැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පරීක්‍ෂණ තවමත් කරගෙන යාම ගැන සතුටු විය හැකි වුවත් එහි ප්‍රධාන වගඋත්තරකරු තවම අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබීම ගැන තමන් කණගාටු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් අන්තර් ජාතික වරෙන්තු නිකුත් කර තිබියදීත් සිංගප්පූරු රජය මේ ගැන පසුබෑමක සිටින බව පෙනෙන්නේයැයි ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (18) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
තමන් පසුගිය දිනෙක සිංගප්පූරුවේ පැවති එක්සත් ජාතීන්ගේ ආසියාතික සංවිධානවල පරිසර සමුළුවට සහභාගීවීමට ගියේද එහි යාමේ අවශ්‍යතාවක් තිබූ නිසාම නොව මහබැංකු වංචාවේ ප්‍රධාන වගඋත්තරකරු භාරදීම ගැන සිංගප්පූරු රජය සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් යැයි ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී තමන් සිංගප්පූරු අගමැතිතුමා සමඟ සාකච්ඡා කර අන්තර්ජාතික වරෙන්තු නිකුත් කර ඇති සිංගප්පූරු පුරවැසියෙකු වන මෙම වගඋත්තරකරු අපට ලබාදිය නොහැකිදැයි ඇසූ බව කී ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ එරට අගමැතිවරයා සිංගප්පූරුවේ පුරවැසියෙකු වුවත් එවැනි ප්‍රශ්නයකට සම්බන්ධ නම් ඒ ගැන කටයුතු කිරීමට පසුබට නොවන බව පැවසුවේ යැයි ද කීවේය.
නමුත් අද වන තුරු සිංගප්පූරු රජය මේ සම්බන්ධ පැහැදිලි විවෘත ප්‍රකාශයක් කර නැතැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමා රටේ ජනාධිපතිවරයා වශයෙන් කළ මෙම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ සිංගප්පූරු රජයට වාර්තා කළත් තමන්ට ප්‍රශ්නයක් නැතැයිද ජනාධිපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ලොකු අල්ලසේ මොලකරු අල්ලන්න සහය හම්බුනාද?
කෝටියක් කම්ඹ හොරුත් එක්ක එකතුවෙලා ආණ්ඩුවත් හොරකම් කරපු එක්කෙනෙක්ගේ ඉල්ලීමක් තවත් රජයක් පිළිගනීද?
සිංගප්පුරුව හිතනවා ඇති එක ඒ තරමට වැදගත් දෙයක් නෙමෙයි කියල. මොකද? මිනිහ ලව්වා හොරකම කරවපු මහමොලකාරය අල්ලන්න ලංකාවේ ආණ්ඩුවට උනන්දුවක් නැතිකොට හොරා විතරක් අල්ලලා වැඩක් නැහැනේ?
මේ අයටද එහෙම නැතිනම් අපටද පිස්සු? කප්පරක් වැරදි හා හොරකම් වලට චෝදනා ඇතැයි කියා ජනවහරේ ඇති අයත් ළඟ තියාගෙන එක හොරකමක් ගැන පමණක් කතා කරනවා. සියලු හොරකම් ගැන කතා කිරීමට කොන්ද පණ නැත්තේ ඇයි?
හිරුණිකා කිව්වා වගේ මෙයා කවදාවත් වගකීම් බාර ගන්න නැහැ. මොරගහකන්දට මහ ලොකුවට නම් දාගත්තා. කිහිප අවස්ථාවලදී ඕක විවෘත කරන්න ගියා. මෙයාට අවංකවම හොරුන්ට දඬුවම් දෙන්න ඕනෑනං... දැන් රටතුළ ඉන්න හොරුන්ට දඬුවම් දීලා, ආදර්ශමත් වෙන්න තිබුණා...
ඇත්ත තමයි. එතකම් මෙහෙ ඉන්න ටික අල්ලමු. අර තමුන්නාන්සේම පත්කරපු මහාපරිමාණ වංචා විමර්ශන කොමිසමෙන් වැරදි කාරයෝ කරපු එවුන් ටික ලොකු චණ්ඩි වෙලා ඉන්නේ. අල්ලන්නත් ලේසියි... මොකද තමුන්නාන්සේට කිට්ටු වෙලා ඉන්න නිසා. පුළුවන්නම් අල්ලලා සිංගප්පූරුවට දාමු කිණ්ඩියක්...
ඔය මිනිහ රටින් පනිනකන් මොනවද අනේ ඔබතුමා කලේ? බලන්න පොඩ්ඩක් මතක් කරලා ඔය මොලෙන්ම...
මේවාට පිළිතුරු ජනතා ඡන්දෙකදී ලැබේවි...!!!
මහ මොලකරු අල්ලාගන්න එක ගැන නෙවේනේ දැන් මහන්සි වෙන්නේ...? ජනාධිපති කොමිසමක් එහෙම දාගෙන දඟලන්නේ කොහොම හරි දෙවෙනි මොලකරු කියලා ප්‍රචාරයාගේ ඇරපු කෙනාව අල්ලලා හිරෙ දාන්නනේ. බොරුද මම කියන්නේ?
මහ මොලකරු ඉන්නේ සිංගප්පූරුවේ නෙමෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇතුලෙයි. ඒ කියන්නේ බස් එක එහෙ තිබුණාට බස් ඩ්‍රයිවර් ඉන්නේ මෙහෙ... බස් එක අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ.
අර්ජුන් විතරක් නෙවි මිග් ගනුදෙනුවේ චුදිත උදයංග වීරතුංගවත් ගෙන්නන්න ජනාධිපති තුමෝ.....
ආයේ සිංගපුරුවෙන් සහයක් මොකටද හිටන්, ඊයේ පෙරේදා තිබුණු මගුල් ගෙදරටත් ඇවිල්ල හිටිය කිව්වේ. නිකම් අපිට බොරු සංදර්ශන දාන්නේ නැතුව ඉන්න.