හර්ෂණ තුෂාර සිල්වා
බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කෑ හොරුන් සහ මිනීමරුවන් තවමත් මෙරට සිටින්නේ යැයි ද ඔවුන් දැනටත් බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (8) පැවැසුවාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය සහ බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පියාණන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ඒ මහත්මිය ඒ බව සඳහන් කළාය.
එම උත්සවය අවසානයේ දී ‘මාධ්‍යවේදීන් පියාණන්ගේ ඡන්ම දිනය දවසේ කීමට ඇත්තේ කුමක්දැයි ?’ විමසූ විට කීමට බොහෝ දේ ඇතත් මේ සුදුසු වේලාව නොවේ යැයි ද කීවාය.
නියම බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ අප ළඟ බව ද ඇය එහිදී සඳහන් කළාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කොළඹ ගාලු මුවදොර පිටියේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා පැමිණියේය.
ජනාධිපතිවරයා බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පිටව යන අවස්ථාවේදී හිටපු ජනාධිපතිනිය එම ස්ථානයට පැමිණියත් ඔවුන් දෙදෙනා කතාබහ නොකරම තම තමන්ගේ ගමන් යන අයුරු දක්නට ලැබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිටව ගියේ මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහාය.
පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී සහ දේශපාලන කරළියේදී මෙන්ම ඊයේ (7) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී නොසිටි බව කියූ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන පියදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ එම පක්ෂයේ සාමාජිකයන්, බණ්ඩාරනායක පවුලේ ඥාතීන් හා හිතමිතුරන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
මොනවද නියම බණ්ඩාරනායක ප්‍රතිපත්ති? සාමාන්‍ය මිනිස්සුන්ගේ ළමයින්ට ඉග්‍රීසි ඉගෙන ගන්න එපා කියලා තමන්ගේ ළමයි එංගලන්තේ යවලා උගන්නපු එකද.?
"කන්න දුන්න අත සපා කනවා" කියන එකට උදාහරණයක් ඇහුවොත් ශිෂ්‍යත්ත්ව ප්‍රශ්න පත්තරයට, ළමයින්ට දෙන්න පුළුවන් උදාහරණයක් කියන්න බලන්න .
ඔයාගේ ඒ ටිකත් නෑනේ. නම විතරයි
පොඩි වෙනසක් තියෙනවා මැඩම්. අනුර මල්ලි බණ්ඩාරනායක ප්‍රතිපත්ති අත් ඇරලා යු.අන්.පී. එකට ගියා. ඔබ තුමිය බණ්ඩාරනායක ප්‍රතිපත්ති අත් ඇරලා මහජන පක්ෂය පිහිටුවා ගත්ත. ඔය කියන හැටියට එහෙනම් බණ්ඩාරනායක ප්‍රතිපත්ති තියෙන්නේ යු.අන්.පී. එකෙයි, දැනට අභාවයට ගිහින් තියෙන මහජන පක්ෂෙයි වෙන්න ඕන නේද?
බන්ඩාරනායක ප්‍රතිපත්ති කියන්නේ රට විකුනගෙන කන එක නෙවෙයි. මේ නෝනාගේ කාලේ කලේ අම්මා රටට ඉතිරි කරපු දේවල් විකුණන එකයි. මෙයා දැන් ඉන්නේ රටේ හතුරොත් එක්ක එකතු වෙලා. මෙයාට කොහේද ප්‍රතිපත්තියක්
බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් රටට සිදුවූ යහපතක් නැත. සිදුවූ එකම දේ එජාපයට සැබෑ විකල්පය වූ වම දිය වී යාම පමණයි. පැරණි වමේ නායකයින්ගේ කල්ලිවාදී ක්‍රියාවන් නිසා අපේක්ෂා භංගත්වයට පත් වූ වාමාංශික ජනතාවගේ ඡන්දය කොල්ලකෑම සඳහා ඊනියා වාමාංශික මුහුණුවරක් ගත් නමුත් සැබවින්ම බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් රටට සිදුවුනු සෙතක් නැත.
බණ්ඩාරනායක ප්‍රතිපත්තිවල රටේ සම්පත් විකුණන එකට උදව් කරනවා කියලා තිබුනද? නොදන්නා කමටයි අහන්නේ.
පක්ෂයේ අනිත් උපදේශක වරයා සහභාගී උනේ නැද්ද? නෙලුම් මල් පොහොට්ටු මිටියකුත් අරගෙන ඇවිත් සේරටම පෙනෙන්න පුෂ්පෝපහාර කරන්නයි තිබුනේ. හිත මිත්‍ර මාධ්‍ය සියල්ලම මඟින් හොඳ ප්‍රචාරයක් ලබා ගන්න තුබුණු අවස්තාවක් මඟ හැරුනා වගෙයි පෙනෙන්නේ. පොහොට්ටු කන්තෝරුවේ පදිංචි වෙලා සියලුම දේශපාලන කටයුතු කරගෙන ගියාට තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ඇරියේ නැහැ කියලනේ කියන්නේ.
රට කන ව්‍යවස්ථා හදන්න කොන්ත්‍රාත් අරන් තව ප්‍රතිපත්ති ගැන කියනවා.
බණ්ඩාරනායක පුතිපත්තියන් ගැන කථා කරනවා මැන්ටල් අපිට බණ්ඩාරනායක මහත්මයා මෙන්ම ප්‍රේමදාාස මහත්තයගෙ පුතිපත්තිත් වැදගත් නමුත් එවා දැන් අයිති අතීතයට. අතීතයෙම එල්ලී සිටින තාක් රට දියුණු වෙන්නෙ නැහැ රට වනසපු අෑයො දැන් කථා කරන්නෙ රට සුඛිත මුදිත කරලා වගෙ.
"අපි ළඟ" කිව්වේ ඔබ තුමිය සහ සුනේත්‍රා මහත්මිය ළඟ වෙන්න ඇති. මොකද ශ්‍රීලනිප සියලු දෙනා පොහොට්ටුව සමග එක් වෙනවා.
රට ඉහටත් උඩින් නය වෙලා තිබුනට, මේ අය පාවෙන වාහන නම් එංගලන්තේ මහා රැජිනටවත් නැතිව ඇති.
මේ හෝන්තුව ගාව නැත්තේ මොකද්ද...ඉතින්?
පලවන පින්තූරේ උඩ බලාගෙන ඉන්න එක්කෙනා මොකට දයාසිරියි, චන්ද්‍රිකා ලඟයි ඉඳ ගත්තද හිතනවා වගේ...