(මනෝප‍්‍රිය ගුණසේකර)
නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.
සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබු ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.
සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය පිළිගැනීම අවංකකමේ ප්‍රතිමූර්තියයි
නිකන් දේශපාලනය කරන අයගේ කුණුගොඩවල් නිසා රැකියාවත් නැතිකරගන්න වෙන්නේ.. ඔය දේශපාලනය කරන නිල්, කොළ සහ රතු එකම කණ්ඩායමක්. ඔවුන් එකිනෙකා රකිනවා. අන්තිමට ගිරේට අහුවෙන්නේ නිලධාරීන් විතරයි. හැබැයි ඔය ඇවන්ගාර්ඩ් සිද්ධිය තනිකරම ඉරිසියාවට කරපු දෙයක්..
ලංකාවේ ගෑණුද? අම්මෝ ගාවගත්තොත් ඉවරෙටම ඉවරයි. හරි ලස්සනයි මෙයාගේ කෙරුවාව. දැනට මේ ඇති...
මෙවැනි දේවල් මුලින්ම පිළිගන්න රාජ්‍ය නිලධාරියන් ලංකාවේ ඉන්නවා කියලා දැනගැනීමත් සතුටක්.., සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්නේ ජනාධිපති කොමිසමට ගිහින් මම ඉන්න ගෙදර අයිති කාටද? එම නිවස මගේ බිරිඳට තෑගිදුන්නේ මොන මිනිහද කියලා දන්නේ නැහැ කියලා කියන ජාතියේ නිලධාරින් සහ දේශපාලකයන්...
ලංකාවේ දේශපාලනය කියන්නේ ගල් තියල හරියට බැදපු නැති අප පරණ ගමේ ගෙවල් වල තිබ්බ වල වැසිකිළි වගේ. වළ කඩන් වැටුනොත් වැටුනම තමයි
අර පහුගිය දවස්වල ආරංච්යක් ගියේ අස්වෙන්න ලිපියක් බරදුන්නයි කියලා. ඒ මේ දුරකථන සංවාදයෙන් පසුවද?
කාට වැඩ කලත්, නිවෙන්න නොදී අවුලපු එක නම් හොඳයි. ඒත්, මේ යන ගේම් එක්ක බලපුවහම මේක කාට ඇදපු ඉත්තෙක්ද දන්නේ එයාලම තමයි.
දුරකථන සංවාදය විකෘතියක් කියන එක ඕනෑම කෙනෙකුට තේරෙනවා.මට තේරුම් ගන්න බැරි මෙච්චර ලොකු නිළයක් දරන ගමන් චූදිතයෙක් සමග දුරකථනයෙන් කතා නොකළ යුතුයි කියන එක මේ මනුස්සයාට තේරුම් ගියේ නැත්තේ මොකද කියලා.
ගෑණුන්ගේ නුවණ හැදි මිටේ තරම්ලු. වැඩත් එ් වගේමයි.
රජයේ නිලධාරීන් චූදිත පුද්ගලයකු සමග පෞද්ගලික මත ඉදිරිපත් කිරීමට යාම ඉතාමත් අනුවණකමක්... මෙවැනි උගත් රජයේ නිලධාරීයකු මගින්. මෙයින් කියැවෙන්නේ රාජකාරිය කරන අතරේ දේශපාලනය කරන රජයේ නිලධාරීන් ගැනයි. ඒ කියන්නේ පසුගිය වකවානුවට පක්ෂපාතිය රාජකාරී කරපු නිලධාරීන් විදියට සලකන්න වෙනවා. පසුගිය අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැන මෙයින් මොළේ කළඳක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්ද?
ජනාධිපතිවරණයටත් ටිකක් එන්න හිතුණා නේද? බැරි වෙලාවත් වුණා නම් ගම්පහ පැත්තේ එක්කෙනාට හපන් වෙයි.
රජයේ නිලධාරීන් චූදිත පුද්ගලයකු සමග පෞද්ගලික මත ඉදිරිපත් කිරීමට යාම ඉතාමත් අනුවණ කමක්... මෙවැනි උගත් රජයේ නිලධාරියකු මගින්. මෙයින් කියැවෙන්නේ රාජකාරිය කරන අතරේ දේශපාලනය කරන රජයේ නිලධාරින් ගැනයි. ඒ කියන්නේ පසුගිය වකවානුවට පක්ෂපාතිය රාජකාරී කරපු නිලධාරීන් විදියට සලකන්න වෙනවා. එමෙන්ම දේශපාලනය කිරීම නීතිවිරෝධි වේ. පසුගිය අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැන මෙයින් මොළේ කළඳක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් ලැබුණත් ආරක්ෂක කටයුතු සම්බන්ධව පුද්ගලික ආයතනයකට රාජකාරී පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිවිරෝධියි. එමෙන්ම මෙවැනි වෙළඳ ගනුදෙනු ටෙන්ඩර් ක්‍රමයකට හෝ පුද්ගලික ආයතනයකට පැවරීම ඉතාමත් නීති විරෝධීය.
මෙතුමිය තම සේවය පෞද්ගලිකව අරගෙන. ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට උගන්වන්න ඕනේ තම සේවය පෞද්ගලිකව නොගෙන රාජකාරි කරන්නේ කොහොමද කියන එක... හැම කරදරයකටම මුල් වෙලා තියෙන්නේ තමන්ගේ රාජකරි පෞද්ගලිකව අරගෙන එයි කියලයි මට හිතෙන්නේ. මේක මෙතුමියටත් කරදරයක්, අහන් ඉන්න අපිටත් කරදරයක්... ලංකාවේ තත්වේ මේක නම් හෘද සාක්ෂියට එකඟව ජීවත් වීමට හැකිද? අනික ලංකාවේ රෝහල් නැතිවටද ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති සිංගප්පූරුවේ වෙදකම් ලබන්නේ..? මහබැංකුවේ සල්ලි වලින් බෙහෙත් හම්බ වෙන්නේ නොමිලේද දන්නේ නැහැ.. දිල්රුක්‍ෂි මහත්මියට වගේ සිංගප්පුරුවටත් ලංකාවේ මිනිස්සු ගැන අනුකම්පාවක් ඇතිවුණාද?
රාජපක්ෂවරුන් සොරාගත් බව දිල්රුක්ෂි මැතිණිය පැහැදිලිවම කිව්වා.
මේ අයට තමා උගත් මෝඩයන් කියන්නේ...
කියන්න තිබෙන්නේ එක දෙයයි. මේ නෝනත් මඩ ගාගත්තා කියන එකයි. දැන් ඉතිරිවෙලා ඉන්නේ එක හොඳ නෝනයි. ඒ නොනවත් රත්තරන් මුදාහරින වගේ වැඩක් නොකර ඉන්නවා නම් තමයි හොඳ.
යහපාලනය කියන්නේ බොරුවක්ම විතරයි. අවුරුදු 5ක් තිස්සේ බොරු චෝදනා හැදුවා. නමුත් එකම එකක්වත් ඔප්පුකරගන්න බැරි වුනා. මේකෙනුත් පේන්නෙ යහපාලනයේ නිරුවත විතරයි
දිල්රුක්ෂිට මඩ ගහන්න එපා.
දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට මුළු සංවාදයම නිදහස් කරන්න.
එතුමිය තම තනතුරින් ඉල්ලා අස්විය යුතුයි.
කට පරිස්සම් කරගෙන කටයුතු නොකිරීමේ විපාකය. අර 64 ක් තියෙනවා කියන ඒවා කොහෙද තියෙන්නේ මෙයාගේ. කොහොමත් මේ වගේ දේවල් හෙළි වෙන එක රටට හොඳයි.
අජන්ත සහ අසංක ඇතුළු 'ගැහැණු සංහතියටම' පහර දෙන්නෙනි, මෙන්න ඔබට 'පිරිමි සංහතියටම' පහර ගහන්න අවස්තාවක්. ඔබටට මේවා පෙනෙනු ඇති අපි බලාපරොත්තු වෙමු.
සම්පුර්ණ රේකොඩින් එක දැම්මොත් කුලප්පු වුනු හරක්ට පුන්නක්කු කන්න වෙන්නේ.....