(අංජුල මහික වීරරත්න)
දේශපාලන වාසි තකා ක්‍රියාත්මක කෙරෙන, ජාතීන් බේද කිරීමේ කුමන්ත්‍රණවලට මුහුණ දී ඒවා අසාර්ථක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතා මාවතගමදී අද(18) පැවැසීය.
මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන් කරන්නට අද ඇතැමුන් ක්‍රියාකරන බව කී අග්‍රාමාත්‍යවරයා එවැනි දෑ කරන්නේ තම දේශපාලන වාසිය සඳහා බව අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ‘වැඩ දහසක් ගමට හෙටක්’ වැඩසටහන යටතේ මාවතගම සංවර්ධන ව්‍යාපෘති දහසක් එකවර විවෘත කිරීමේ උත්සවයට සමගාමීව පරගහදෙනිය ජාතික පාසලේ නව පරීක්ෂණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
පළාත් සභා පළාත් පාලන අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘතකිරීමේ උත්සවය සංවිධානය කර තිබිණි.
වත්මන් රජයට වසර 4ක් පිරීමද සමරමින් මෙම විවෘතකිරීමේ උත්සවය සංවිධානය කර තිබූ අතර, මාවතගම ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි විවෘත කිරීම, ඉඩම් ඔප්පු ප්‍රදානය, කසළ කළමනාකරණ ව්‍යාපෘති විවෘත කිරීම යන කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුද මෙම උත්සවයට සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
“මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන්කරන්නට අද ඇතැමුන් උත්සාහ කරනවා. ඒ තමන්ගේ දේශපාලන වාසිය සඳහායි. ඕනෑම කණ්ඩායමක, ඕනෑම ජාතියක වැරදි කරන අන්තවාදීන් ඉන්නවා. එය නතර කරන්න බැහැ. ඔවුන් හඳුනාගෙන ඒ අය ඉවත්කිරීමෙන් එවැනි ක්‍රියා නතර කළ හැකියි.
මුස්ලිම් ජනතාව එදා සිංහල රජ සමයේදීත් සිංහලයන් ආරක්ෂා කරන්න කටයුතු කළා. දැන් අප ලාංකිකයන් ලෙස ඉදිරියට ආ යුතුයි. ජාතීන් බේදබින්න කරන සියලු ක්‍රියාවලට මුහුණ දී ඒවා අසාර්ථක කරනවා” යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
ගරු අගමැතිතුමනි, ඔබගේ අදහසට මම සම්පුර්ණයෙන් එකඟ වෙමි, නමුත් උතුරු නැගෙනහිර අපේ පෞරාණික සිද්ධස්ථාන විනාස කරමින් අන්‍ය ආගමික ස්ථාන ඉදිකිරිම ගැන මේ වනතෙක් කිසිම විසදුමක් නැති වග අප කල සංචාර වලදී අවබෝධ විය. උදාහරණය විදියට කන්නිය උණු වතුර ළිං රජමහ විහාරය සහ ඒ අසල ඉදිකිරීමට යන කෝවිල සහ දැනට උණුවතුර ළිං වලට ඉහලින් ඉදිකර ඇති වැසිකිලි පද්දතිය සඳහන් කල හැකිය. ඔබතුම අවංකව කතා කරනවානම් මේගැන ගන්න පියවර ගැන අවදානයෙන් සිටිමි .
ඔබතුමා විශිෂ්ටයෙක් ජය වේවා. මැතිතුමාට අපෙ බලාපොරොත්තුව ඔබයි ඉදිරියට යන්න ඔබට ශක්තිය
ලෝකයෙන් වදවිීගෙන යන ලෝකෙටම එන්න එකම ජාතිය ගැන කතා කරන්න බැරි මොකද ? මේ ලෝකයේ හැම රටකටම නෑකම් කියන ජාතිීන් ඉන්නවා. එත් මේ ලෝකෙටම ඉන්න එකම ජාතිය ගැන කතා කරන්න නායකයෙක් නැහැනේ මේ රටේ..
ජාතීන් සමගි කිරීමෙන් ප්‍රයෝජන ලබන්නේ කව්ද? බෙදී යන්නේ සිංහලයාට තිබෙන සම්පත් නේද? මොවුන් අබ ඇටයක ලංකාවට ගෙනාවාද? එකතුකරන් ඇති ධනය ඉඩකඩම් කාගේ ඒවාද?
මොනවා උනත් දැන් නම් ඉදල හිටලා ඇත්තත් කියනවා. දැන් එතකොට භේද බින්න කළේ අපි . ඔයාලා අහිංසක බබාලා.. කවුද ඔය නවකතාව ලියල දුන්නේ ඇවිත් කියවන්න .?
මුස්ලිම් ජාතිය කොන් කරන්න නොවෙයි මේ රටේ ජනතාව කියන්නේ පොදු නීතියක් සකස්කර සියලු ජාතීන් ඒ යටතට ගන්න ලෙසයි.
මට නම් හිතෙන්නේ, ජනතාව දැන් ඔබව හදුනාගෙන ඇති.
මෙයා කුමන්ත්‍රණ ගැන දන්නෙම නෑ....
අපි ඔබතුමාට ණය ගැතියි. අපෙන් මොන වරද උනත් අපිට සමාව දෙනවා. ඔබතුමා දෙවියෙක් විදියට අපි සළකන්නේ. ඔබතුමා ජනාධිපති උනොත් අපේ ජය මාවතට අපිට නිදහසේ යන්න පුළුවන්....
මෙම ඇනකොටා ගැනීම් බෝම්බ පිපිරීම් යුධ වැදීම දක්වා වර්ධනය වී අසරණ මිනිසුන් ඝාතන වීම අවාසනාවන්තම ඛේදවාචකයකි. නිරන්තරයෙන් පවතින මෙවන් බේද පාලනය කර යහපත මතුකරගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වඩා සුදුසුම ක්‍රමයයි. එනමුදු ඒකාධිපති රාජාණ්ඩු තවම පවතී. ජාති හා ආගම් බේද නිසා ඇතිවී තිබෙන බල අරගලය ලෝකයේ ඇති දරුණු ඛේදවාචකයක් නොවේද? හරි වැරැද්ද වටහාගැනීමට ජාතිය හෝ ආගම අවශ්‍ය ද? එහි අදහස ආගම් හා ජාති ප්‍රතික්ෂේප කිරීම නොවේ. සහජීවනයෙන් විසීමට ආගම් හා ජාති අතර පරස්පර ජිවන රටා හා මත අනුව ක්‍රියා කිරීම පාලනය කිරීමට පාලකයින්ට සහය වියයුතු නොවේද? උදාහරණයක් ලෙස වයස අවුරුදු 18ක් වත් වනතුරු ගැහැණු ළමුන් විවාහ නොකිරීම රටේ නීතියක්ව තිබියදී වයස අවරුදු 12දි විවාහ කිරීම ආගමික හෝ ජාතික න්‍යායක් නිසා නොකළයුතු නොවේද? ගැහැණු පිරිමි සියල්ලටම සමාන මානව හිමිකම් තිබිය යුතු නොවේද? යම් ආගමක් හෝ ජාතියක් එසේ මානව හිමිකම් අහිමි කරයි නම් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කිරීම නොකළ යුතුද ?