(නිමල කොඩිතුවක්කු)
වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී අද (12) පැවසූහ.
ජනතාව පීඩාවට පත්ව සිටියදී ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ විසඳනවා වෙනුවට දේශපාලඥයන් ඔවුන්ගේ දුක් අදෝනා නගමින් එකිනෙකාට චෝදනා කරමින් රටට විහිලූ සපයමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ.
රට පුපුරවන පාර්ලිමේන්තු බෝම්බය නිශ්ක‍්‍රීය කරනු, ජනපති, අගමැති, කථානායක සහ ආණ්ඩුවෙන් රට බේරා ගනිමු යන මැයෙන් තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී යුතුකම සංවාද කවය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසුහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංස හිමියෝ මෙසේ ද කීහ.
‘‘මේ ලෝකේ කිසිදු රටක ජනතාවකට සිදු නොවූ දේවල් සිදුවූ ජනතාවක් ඉන්න රටක් බවට අපේ රට අද පත්ව තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවෙන් අපේ රටත් ජනතාවත් බේරගමු කියන ස්ථාවරයේ අද අපි ඉන්නවා.
අද අපේ රටේ ආණ්ඩුවක් තිබුණත් කිසිම ගැටලූවකට වගකියන ආණ්ඩුවක් මේ රටේ අද නැහැ. කිසිම ප‍්‍රශ්නයකට පිළිතුරක් දෙන රජයක් නෙමෙයි මේ පවතින්නේ. අද අපිට අසාගෙන ඉන්න තියෙන්නේ මේ ආණ්ඩු කරන පුද්ගලයන්ගේ ප‍්‍රශ්න සහ රණ්ඩුයි.
අද ජනාධිපතිට අගමැති චෝදනා කරනව. අගමැතිට ජනාධිපති චෝදනා කරනවා. එවැනි නාටකයක් මේ රටේ ජනතාව හැටියට අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අද මේ පාලකයන්ගේ එකම වගකීම වෙලා තියෙන්නේ තම තමන්ගේ බලය රැක ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් ජනතාව රවටමින් උදේ, දිවා නැතිව කැපවෙනවා.
අද ජනතාවට තමන්ගේ දුක් ගැනවිල්ලක් කියන්න පුලූවන් දේශපාලඥයෙක් මේ රජය තුළ නැහැ. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය නිසා මේ රට අද තවත් ප‍්‍රපාතයකට වැටිලා තියෙනවා.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට අද වනතෙක් මේ ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නැහැ. ජේ. ආර් ජයවර්ධන මහතා ඒ කාලේ ප‍්‍රකාශ කළා වගේම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපුරා ගත යුතුයි කියන පණිවිඩය මේ ආණ්ඩුවත් අපිට ලබා දීලා තියෙනවා.
නිතරම රටේ අර්බුදයක් නිර්මාණය කරලා මේ රජය ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹෙමින් සිටිනවා. මේ ගැටුම් අස්සේ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට භාර දුන්නා. මේ ආණ්ඩුව අද වැඩ කරන්නේ පිට් පොකට් කාරයෝ වගේ. මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා.
මේ ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයන්ට රැවටෙන්න අපි සූදානම් නැහැ. මේ ආණ්ඩුවේ කටයුතු දෙස අපි වෙනදටත් වඩා විමසිල්ලෙන් බලා සිටිනවා. දැන් මේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ගැටලූව විසඳීමටත් මේ ආණ්ඩුව ඉදිරිපත් වෙන බවක් පේන්න නැහැ.
අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න කියලා අපි මේ පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ බෝඩිංකාරයේ වගේ කටයුතු කරන්නේ නැතිව රටේ භාරකාරයන් යැයි සිතමින් වගකීම් සහගතව කටයුතු කරන ලෙසට අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
මහ මැතිවරණයක් උදෙසා වු ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු අනූප පැස්කුවල් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි චීන කොලනියක් වෙන එක ගැන කතා නෑ.
අනේ හාමුදුරුවනේ දන්නේ නැති ආර්ථික විද්‍යාව හා වෙනත් විෂයන් ගැන කතා නොකර ඉන්න බැරිද? පින් සිද්දවෙයි.
රටට ආදරයක් ඇති සෑම කෙනෙක්ම අවදිව කටයුතු කරන්න අවශ්‍ය කාලයකයි මේ අප ඉන්නේ. මේ නිල්, රතු, කොල පක්ෂ කාරයන් රටේ ජනතාව දාම් බෝඩ් එකෙ ඉත්තන් කරගත් කාලය ඉතින් ඇති. මෙහෙම ගියොත් අපේ දරුවන්ට රටක් ඉතුරුවෙන්නේ නැහැ. අවුරුදු 5කට බලය අරන් පරදේසක්කාරයින්ට රට විකුණනවා... හරියට අම්මාගෙ අප්පාගේ දේපල වගේ.
පසුගිය රජය මේ රට ණය අගාදයකට ඇද දැමුවා. දැන් මතක නැහැ. එම නිසා මේවා දියුණු කරීමට අවශ්‍ය ධනය හා තාක්ෂණය ලබා ගැනීමට රටට හැකියාවක් නැහැ. එම නිසා මෙම ක්‍රමයට හෝ මේවා දියුණු කිරීම් හොදයි. මේවා නවලෝක ආර්ථිකයේ බහුලව විවිධ රටවල දක්නට ලැබෙනවා. මේ මගින් ප්‍රාග්ධනය, තාක්ෂනය හා වෙළදපල ලැබෙනවා.
හාමුදුරුවනේ.. අර ඇලෝසියස්ගෙන් ගත්ත ලක්ෂ 10 අහවරයිද?
පසුගියදා ඇතිවූ බෝම්බ ප්‍රහාරයට, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා යම් වගකීමක් භාර ගත යුතුබව ඇත්ත. බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම හෝ මරණයට පත් කිරීමෙන් අද තත්වය යම් දුරකට පාලනය වී ඇත. ලංකාව ප්‍රාග්ධනය අඩු, දුප්පත් රටක් බැවින් අපේ තරුණ, තරුණියන් හට රැකියා අවස්ථා ජනනය කිරීම රජයට තනිවම කළ නොහැක. ඒ සඳහා විදේශ ආයෝජන රට තුළට ගෙන ඒම වැදගත් බැවින්, සිදුවන සියලු දේ "වෙන්දේසියක්" සේ සැලකීම යෝග්‍ය නොවේ.
1983දී ඔබවහන්සේ රටට කළ සේවයේ ප්‍රතිඵල අවුරුදු 30ක් තිස්සේ අත්වින්ද බවත් අමතක නැහැ.
වර්නන් තාරක කියන දෙන්නගේ කමෙන්ට් දැක්කම ශුවර් 62ලක්ෂේ මීහරකුන් කියලා තේරෙනවා. මේ තියෙන දේවල් විකුන විකුණා හෝරාකන්නේ ඔබලට, අපිට, අපේ දරුවන්ට දෙන්න නෙවෙයි. ඔවුන්ටයි, ඔවුන්ගේ හත්මුතු පරම්පරාවටයි සැප ගන්නයි මේ කතාකරන්නේ... එව්වට විරුද්ධව තේරුම් ගනිල්ලා..
එදා චීනා සල්ලි පොදියක් දීලා තිබුනේ පන්සලත් චීන වෙන්දේසියට ගියාද කියා සැකයක් එනවා..