IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


‘ජනපති හෝ අගමැති කිව්වොත් ඇමැතිධූරෙන් අස්වෙනවා’

(අජන්ත කුමාර අගලකඩ)
 
ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා ඇමැතිධූරයෙන් ඉවත්වන බව වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අද(21) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
 
එහෙත්, ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව මගින් තමාට එරෙහිව නගන චෝදනා අසත්‍ය බවද, ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැති කැබිනට් රැස්වීමේදී පවසා ඇත.
 
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මෙය තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් බව සඳහන් කර තිබේ.
 
තමා හමුදාපතිවරයාට බලපෑමක් නොකළ බවත්, හමුදාපතිවරයාට ඇමතුමක් දුන්නේ සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරක් දැනගැනීමට බවත්, ඇමැතිවරයා සඳහන් කර ඇත.
 
තමා විශ්වාසභංගයට මුහුණදීමට භය නැති බව පවසා ඇති ඇමතිවරයා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා පමණක් නොව තම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත.



අදහස් (14)

‘ජනපති හෝ අගමැති කිව්වොත් ඇමැතිධූරෙන් අස්වෙනවා’

කුමාර Tuesday, 21 May 2019 07:16 PM

අනේ බලන්න කොච්චර හොද ඇමති කෙනෙක්ද.?

:       0       37

Dhammasiri himi Tuesday, 21 May 2019 10:08 PM

ඒ දෙන්න විතරද ඡන්දෙ දුන්නේ පාර්ලිමේන්තුවට යන්ඩ. ඔය කවුරුත් තනතුරුවලට පත් කලේ ජනතාව. ජනතාව කියන්නේ තමුන්ට විතරක් නෙවෙයි වැඩ බැරි ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවටම අස්වෙන්න කියලා.

:       0       141

Ruwan Tuesday, 21 May 2019 11:12 PM

බය වෙන්න එපා .. ඒගොල්ලෝ කවදාවත් කියන්නේ නෑ..

:       0       119

chandima Tuesday, 21 May 2019 11:27 PM

ඒ දෙන්න යන්න කියන්නේ නැතිනම් තව මාස කිහිපයක් ඉඳලා ඒදෙන්නත් එක්කලම යන්න පුලුවනිනේ.

:       0       116

sugath Wednesday, 22 May 2019 12:38 AM

ජනාධිපති කෙසේ වෙතත් අගමැති කියයි මෙන් කියලා. අයින් වුනත් ආපහු ඇමතිකමක් අරන් එයි. මතකනේ රවී.

:       0       112

Newsy Wednesday, 22 May 2019 01:56 AM

කව්රුවත් කියන්න ඕන නෑ

:       0       140

sampath pathirana Wednesday, 22 May 2019 03:17 AM

ඔහොම කියපු තව කෙනෙක් හිටියා.. එයා තනතුර අත ඇරියේ නෑ.. අන්තිමේදී එයා අනිවාර්ය නිවාඩු ගියා.....

:       0       111

jayath Wednesday, 22 May 2019 03:18 AM

අතැඹුලක් සේ පැහැදිලියි නොව ඔය දෙන්නගෙන් කවුරුවත්. විතරක් නෙමි ඔය අනිත් කට්ටිය ලොකු තැන් වල හිටියත් කටක් ඇරලා මෙයාට යන්න කියන්නේ නැහැ යන්න කියල ප්‍රකට සහ පැහැදිලි හේතු හින්ද

:       0       3

R Vickramasingha Wednesday, 22 May 2019 04:26 AM

මුස්ලිම් ජනතාව කිව්වොත් සාලි තනතුරෙන් පහකරනවා,

:       0       37

සේන Wednesday, 22 May 2019 05:23 AM

දැන් ආණ්ඩුවේ ලොක්කො දෙන්නා කියයි බබා ඔයා අයින් වෙන්න කියලා.

:       0       20

Chama Wednesday, 22 May 2019 07:26 AM

ඒ කියන්නෙ ජනපති සහ අගමැති ඇමති ධුරයෙන් අයින් වෙන්න කියන්නෙ නැහැ කියලා දන්නවා........

:       0       36

isurandi Wednesday, 22 May 2019 07:55 AM

කියනවනම් මෙලහටත් කියලනේ.

:       0       58

Anura Wednesday, 22 May 2019 08:11 AM

මොකද ඒ අය කියනකං ඉන්නේ. හෘද සාක්ෂිය කියන්නෙ නැද්ද?

:       2       122

Wasudewa Wednesday, 22 May 2019 09:28 AM

අද මුළු රටම් දන්නවා මෙයා අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ට යහමින් උදව් කල බව. කොහෙද... අපේ නායකයන්ට කොන්දක් ඇත්තෙම නැහැනේ.

:       0       370

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1282 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site