
(මුදිතා දයානන්ද)
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනයට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පිහිටුවා ඇති බව හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව හෝ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදි අනාවරණය වන තෙක් තමන් නොදැන සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (01) පැවසීය. එහි වැඩමුළු හා සාකච්ඡාවලට තමන් යටතේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධ වී ඇති බවද කොමිසමේදි අනාවරණය වන තෙක් තමන් දැන නොසිටි බවද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
“ආරක්ෂක අමාත්‍යංශය යටතේ ආයතන රැසක් පවතින බව දැන සිටියත් මෙවැනි ආයතනයක් ගැන මම අසා තිබුණේ නැහැ” යනුවෙන් කොමිසම කළ වැඩිදුර සාක්ෂි විමසීමෙදී පැවසීය. මෙම ආයතනයෙන් මාසිකව නිකුත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ අනතුරු අඟවීම් වාර්තා ගැනද තමන් නොදන්නා බවද ඔහු පැවසීය.
එය ඉතාමත් වැදගත් ආයතනයක් බවද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එම ආයතනය විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව මෙම කොමිසමේදි අනාවරණය වූ කරුණු අනුව වටහා ගත් බවද ඔහු පැවසීය.
“රටේ පොලිස්පතිවරයා ලෙස වසර හතරක පමණ කාලයක් සේවය කළ ඔබ මේ දක්වා මෙවැනි ආයතනයක් හෝ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් හෝ ඇති බව නොදැන සිටිම ඔබේ සන්නිවේදන දුර්වලතාවයක් සේ දකින්නේ නැද්ද” යැයි කොමිසම ජයසුන්දර මහතාගෙන් විමසීය.
“ඔව් මම පිළිගන්නවා.”
“ඔබ යටතේ සිටින නිලධාරියෙකු ඔබ නොදැන මෙවැනි ආයතනයක සාකච්ඡාවලට සම්බන්ධ විය හැකිද?
“එහෙම වෙන්න බැහැ. සමහර විට ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් ලෙස ඔහු එයට සම්බන්ධ වෙන්න ඇති. එහෙත් ඔහු එයට සම්බන්ධ වීමට පෙර ලිඛිත අවසරයක් ලබාගත යුතුයි” යැයිද හිටපු පොලිස්පතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් මිනිසෙක් - පූජිත, ඔහු දිනේවා!
මටනම් සැකයි මේ ඒ කාලේ අපි ගරුකළ පොලිස් නිලධාරියාද කියලා.
මම ඔබට පොරොන්දු වෙනවා සර්, අත්අඩංගුවට ගන්න කරන්න නැහැ සර් කියකියා හිටියා මිසක් මෙයා සිදුවෙන දේවල් දැනගෙන ඉඳලා නැහැ.
පළමුව අප කිසිවෙකුගේ දැනුම් මට්ටම පිලිබදව විවේචනය කිරීමට උත්සහ ගන්නවා නොවේ. මෙහි සදහන් ආයතනයක් තිබෙනවාද නැද්ද යන්න ගැටලුවක්ද නැත. රටක ආයතන ප්‍රධානියකු යනු විශේෂයෙන් මහජනතාවගේ ආරක්ෂාව පිලිබදව ඍජුවම වගකියන ආයතනයක ප්‍රධානියාගේ දැනුම් සම්බාරය, සාමාන්‍ය දැනුම පිළිබදවද තිබිය යුත්තේ ඉතාමත්ම පුළුල් වපසරියක් බව කිව යුතුය. මින් ඉදිරියටවත් අඩුවශයෙන් නළු නිලියන් මෙන්ම කවටයන් මෙවන් තනතුරුවලට පත්කර ගැනීමෙන් වැළකීමට සෑම පාලනාධිකාරියකටම හැකි වේවා.....!!!!
හහ්...හහ්.....හා මෙහෙම රටක් යම පාලනය නියමට ගිහිල්ලා. තව අවුරුද්දක් හිටියා නම් ඊලමත් දීලා.
ඔබට මතක නෑ මට අමතකයි පසුගිය අමාරු කාලේ
මේවා නිකන් කැකිල්ලේ රජ්ජුරුවොන්ගේ නඩු වල කියන කතා වගේ;
ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්යැ...! පාස්කු ප්‍රහාරය ගැන දන්නේ නැත්නම් ඕවා ගැන දන්නේ කොහොමද? එයා දන්නේ නමන්න විතරයිනේ.
මේක මාර රටක් මෙහෙම බලනකොට ජනාධිපතිවරයා තව මොන මොන දේවල් කරලා ඇද්ද.?
මේක හිටපු ජනාධිපතිගෙන් ඇහුවොත් කියයි මමත් දන්නේ නැහැ
ද සිල්වා මහත්තයෝ ඒ කත්වෙන් ගම්‍ය වන්නේ පොලිස් පතිට රාජකාරිය හරිහැටි කරන්න දේශපාලන අධිකාරිය බලපෑම් වෙන වග.
පෙරදා අපි ගරු කල පොලිස් පති තමා මේ නමුත් එයාට වැඩ කරන්න දේශපාලුවෝ ඉඩ දී නැහැ.
chachith, ඔව් කැකිල්ලේ රජ්ජුරුවොන්ටත් එහා ගිය වැඩ කරපු ජනාධිපති කෙනෙක්.
මේ පොලිස් පතිට වැඩකරන්න දුන්නේ නැත්තේ අපේ රටේ හිටිය ජනාධිපති ඇතුළු දේශපාලකයෝ
එම කාල වකවානුවේ රටේ ආරක්ෂාව භාරව සිටි, ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම් සහ පොලිස් පති යන 3 දෙනාම අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබාදිය යුතුය.
ද සිල්වා මැතිතුමනි, ඔබතුමා කියන ආරක්ෂක ඇමැති, ආරක්ෂක ලේකම්, පොලිස්පති මේ තිදෙනාම නිදොස් පිරිසක්.. වගකිව යුත්තෝ ජනාධිපති සිරිසේන සහ එය සමග ආරක්ෂක කවුන්සිලයේ කුමන්ත්‍රණ කළ උදවියයි.
මේ මහා විනාශයට ආණ්ඩුව ඇතුළු ගජමිතුරු කැල වගකිව යුතුයි කියලා අපිට හිතෙන්නේ මේ කොමිසන්වල දේවල් දකිද්දී.
ද සිල්වා මහත්තයෝ, රටේ සියලුම ආරක්ෂක අංශවලට අණදෙන්නේ විධායක ජනාධිපති බව මතක් කරන්න කැමැතියි.
සිරිසේන රටත් කාලා, ගමත් කාලා පොලිසියත් කන්නයි හදන්නේ... ඇත්ත දැන් රටම දනියි.
සිරිසේන ජනාධිපතිගේ වැඩ නිසා නිකරුණේ ආරක්ෂක ලේකම් හා පොලිස්පති අමාරුවේ..
මෙයින් බේරුනා ඇති.
අම්මෝ මේ වගේ ජනපති කෙනෙක් නේ අපේ ලංකාව අවුරුදු 5ක් පාලනය කලේ.