

( කේ . බුද්ධික කුමාරසිරි)
මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුල ආරක්ෂිත පක්ෂියෙකු ලෙස සැලකෙන ‘කුසඇලි මුහුදු උකුස්සෙකු” කූඩුවක සිර කර තබා ගැනීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් එම රාජාලියා සිරකර ගෙන සිටි බවට සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහ එම පක්ෂියා අද (31) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය නියෝග කළාය
තවද අතුරුගිරිය පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ‘කුසඇලි මුහුදු උකුස්සා‘ දෙහිවල සත්වෝද්‍යාන වෙත ඉදිරිපත් කර එම සත්ව්‍යා ආරක්ෂිත සත්වයෙක් ද යන්න වැඩිදුර වාර්තාවක් ගෙන එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කළාය.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් දක්වා සිටියේ පොලිසිය මගින් වනජීවී පනතේ 31 - 2 යටතේ ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම සත්වයා කුස ඇලි මුහුදු උකුස්සෙකු නොව ‘බඩවත සුදු මුහුදු රාජාලියා” යන්නයි.
මෙම සත්වයා ළඟ තබා ගැනීම වරදක් ලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණත් අප රටේ නීතිය අනුව ආරක්ෂිත සත්වයෙකු ලෙස සැලකෙන්නේ ‘රතෝදර රාජාලියා” පමණක් වෙන බැවින් මෙම ‘සුදුබෙලි රාජාලියෙකු” ළග තබා ගැනීම වරදක් නොවන බව නීතීඥවරයා එහිදී අධිකරණයට දැන්වීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම දෙසැම්බර් මස 02 දින දක්වා කල් තැබුණි

COMMENTS
උකුස්සාට මරණ දඬුවම... අයිතිකරු නිදොස්කොට නිදහස්..
එතකොට මොන නීතිපොතේද තහනම් කියලා තියෙන්නේ? මොකද සතෙක් මරලා දානවට වඩා පිනක් නේද ඇතිකිරීම...? අපේ රටේ නීති සංශෝධනය විය යුතු කාලයයි මේ..
සතුන් දුක්විඳීම හරිද? මිනිස්සුන්ගේ වැඩවලට...
දැන් මේ සතා ආරක්ෂිතද, නැද්ද කියන එකද ප්‍රශ්නය...? නැත්නම් මේ සතා කුඩු ප්‍රවාහනය සඳහා ළඟ තබා ගත්තද කියන එකද ප්‍රශ්නය...?
මම හිතන්නේ, මේ " හාදයාට " වඩා පරෙවියන් ප්‍රවාහන මාධ්‍යයන් ලෙස මිනිසා යොදාගෙන තියෙනවා. ප්‍රංශයේ, එංගලන්තයේ, බෙල්ජියමේ.. ඉස්සර රහසිගත ලියුම් ප්‍රවාහනය කරන්නටත් යොදාගෙන තිබෙනවා. ඒ ගොල්ලෝ නියම තැනට ඒ ලියුම ගෙනිහින් දෙනවාලු. ඒ වුණාට මෙයා පරෙවියට වඩා ශක්තිමත් නිසා" වැඩි බරක් "ප්‍රවාහනය කරන්න හැකියාව ඇති. මම අහලා තියෙන හැටියට පුරුදු කළොත් ඕනෑම නීතිවිරෝධී වැඩක් කරන්න පුළුවන් තව "පොරක්"ඉන්නවා. ඒ තමයි.. කපුටා. ඉස්සර.. මගේ ගමේ මීගමුවේ හිටපු හොඳට පුරුදු කරපු කපුටෙක් නිල් පාට රුපියලේ කොළ දැක්ක ගමන් උදුරාගෙන යනවාලු. උදුරාගෙන පියඹලා ගිහින් එයාගේ අයිති කාරයාට දෙනවලු. මේ කපුටු හොරා ඉඳලා තියෙන්නේ පරණ මාළු කඩේ පැත්තෙලු.. මිනිස්සු මාළු අරන් ගෙවන්න සල්ලි ගනිද්දී.. උඩ ඉඳලා ඇවිත් නිල් පාට කොළය පමණක් උදුරාගෙන පියඹනවාලු. අන්තිමට පොලිසියෙන් කපුටාගේ අයිතිකාරයාව අල්ලාගත්තාලු. ඔය හොරකම් නිසා කපුටු මිතුරාව ගෙවල් වල ඇතිකරන්න තහනම්ලු...