(මුදිතා දයානන්ද )
ඉඩෝරය කෙතරම් දරුණු වුවත් විදුලිය කප්පාදු කර ජන ජීවිතය අඩාල කරන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ශ‍්‍රි ලංකා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මේ දිනවල පවතින දැඩි ඉඩෝර තත්ත්වය හමුවේ විදුලිය නිෂ්පාදනය අඩුවිය හැකි බැවින් විදුලි අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමරවිර මහතා පැවසීය. විදුලි කප්පාදුවක් කළහොත් කර්මාන්ත ක්ෂේත‍්‍රය, සංචාරක ක්ෂේත‍්‍රය මෙන්ම සියලූ ආයතන අකර්මන්‍ය විමෙන් තවත් පාඩුවක් සිදුවනු ඇති බවද ඒ නිසා කෙතරම් දුෂ්කර තත්ත්වයක් ඇති වුවද කිසි සේත්ම විදුලි කප්පාදුවක් සිදුකිරිමට බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසීය.
ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා විදුලි බලාගාර කීපයක් ඉදිරියේදි ආරම්භ කරන බවද මහමැතිවරණයට පෙර ඒ සඳහා මුලික පියවරයන්ට හෝ එළැඹිය හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. විදුලි බල මණ්ඩලය දැනට තිබෙන තත්ත්වය තුළ බිලියන සීයත් එකසිය විස්සත් අතර පාඩු ලබන්න ඉඩ ඇති අතර 2023 වන විට එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද අමාත්‍යරවයා පැවසීය. විදුලිබල මණ්ඩලය හෝ වෙනත් ආයතනයක් හෝ පාඩු ලබන්නේ කළමණාකරනයේ පවතින අඩුපාඩු නිසා බවද ඔහු පැවසීය.
තමන් ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේදි පාඩු ලබමින් තිබු ධීවර සංස්ථාව වසර හතරකදී ලාබ ලබන් ආයතනයක් බවට පත්කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
සුනිත්‍ය බල අධිකාරිය මගින් සූර්ය පැනල සහ සුළං බලයෙන් ක්‍රියාකරන විදුලි උත්පාදන ක්‍රමවලට ප්‍රමුඛත්වය දෙනවා නම් කිසි ගැටළුවක් වෙන්නේ නෑ.
ඔබතුමාගේ ගෙදරට නම් විදුලිය ඇති එත් අපිට නම් කපනවා. ගම්වල දවසට පැය 2 ගානේ කපනවා. පොඩ්ඩක් එලියට බැහැලා හොයලා බලන්න අවංකවම දන්නේ නැත්නම්.
මාර්තු 2 වෙනකන් විතරයිද දන්නේ නැහැ... අනිත් ඒවා වගේම.... ඡන්දෙන් පස්සේ හම්බවෙයි ඇරියස් එක්ක...
මුළු ලෝකෙම විකල්ප බල ශක්ති ප්‍රභවවලට යොමු වෙනකොට ලංකාවේ ඉන්න බලශක්ති ඇමති හැමදාම තමන්ගේ ගෝලබාලයින්ව සතුටු කරන්න පාරිභෝගිකයින්ව පුද්ගලික බලාගාරවලට උගස් තිබ්බා.. මෙයාලා විදුලිය කපන්නේ නැහැ විදුලි බිල වැඩි කරන්නේ නැහැ වතුර කපන්නේ නැහැ වගේ "නැහැ" කතා කිව්වම අපිට නම් තරු පෙනෙන්න ගන්නවා මොකද කියපු කට වහන්නත් කලින් නැහැ.. කියපු දේවල් ඔව් වෙලා තියෙනවනේ ඇති පදමට..
ඡන්දෙ වෙනකම් විතරයි පුතෝ...
මෙයා මොනවා හරි කිව්වා නම් ආයේ අහන්ඩ දෙයක් නැහැ? අපි නොදන්නා දේශපාලුවන්?
ඔව් ඔව් දැන්නම් ඇමැතිතුමාලා හරිම කරුණාවන්තයි... ඡන්දෙන් පස්සේ හම්බවෙයි හොම්බෙන් යන්න.
ජල විදුලි බලාගාරවලට ජලය සපයන ජලාශ වාන් දමන සමයක මේ වගේ කතා කියන ඇමතිවරයාගේ මොළය (එහෙම එකක් ඔහුට තිබේ නම් ) පරික්ෂා කරවා ගත්තොත් නරකද ? මෙයා කියන ඉඩෝරය එන්නේ කවදාද ? මේ පුද්ගලයා ගඟ හත් ගවුවක් තිය අමුඩ ගහන හේතුව දැනගැනීමට උපාධි, ආචාර්ය පට්ටම් අවශ්‍ය නැත. විදුලි බිල අහස උසට යැවීමට යෝශිතගේ රොකට් අනවශ්‍යයි !
මටනම් මේ මිනිස්සු කියන දේවල් ගැන විස්වාසයක් නැහැ.
ඉස්සර චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ මෙහෙම දෙයක් කරා මතකද. දවසේ පැය 4-5 විදුලි කප්පාදුව. ඉන් පස්සේ 2001-2004 ආණ්ඩුවේ හිටපු ඇමති කරු ජයසුරිය මහත්තයට කළු ජයසුරිය කියලා නමක් දමලා තිබුනේ. කොහොම නමුත් මේ ඇමතිවරු ඉන්නේ විදුලි කපන්නේ නැහැ කියන්න නොවෙයි. නිහඬව කප්පාදුවකින් තොරව පවත්වාගෙන යන්නයි. කැපීමක් වුනොත් නිවැරදි කිරීමත් කරුණු කියා කරන්න දෙයක් නොවෙයි. ඒකට තමයි විෂය භාර ඇමති කෙනෙක් ඉන්නේ. කියවන එකෙන් තේරෙන්නේ වැඩේ කරන්න අසමත් කියන දෙය නොවේද?
ඡන්දෙ ලගයිනේ.