(දිල්රුක්ෂි ග්‍රේරු) 

කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු  හමු නොවූ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

ඊයේ (25) දිනයේදීත් කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද සවස 4.45 වන තුරුත් කිසිදු අසාදිතයකු වාර්තාවී නොමැත.

ඒ අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත රෝගීන් සිව් දෙනකුද සුවය ලබා අද නිවෙස්වලට ගොස් ඇතැයිද අමැතිවරිය පැවසුවාය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 කි.

කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරිය මේ බව පැවසූවාය.