IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු

(විනීතා එම් ගමගේ)

ඇල්පිටිය ප‍්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

පාසල්වල විද්‍යාගාර විවෘත කිරීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විෂය පථයට අදාළ නොවන බැවින් මෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශය මැතිවරණ පූර්ව සමයක පවතින බැවින් එහි දේශපාලන මැදිහත්වීමකින් සිදුවන කටයුත්තක් ආවරණය කිරීම තමන් ප‍්‍රතික්ෂේප කළ බවත් මේ හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලොන්නරුව, දඹුල්ල අනුරාධපුර ත‍්‍රීකුණාමලය හා වවුනියාව යන ප‍්‍රාදේශිය කාර්යාල වලට මාරුකළ බවට ද ඔවුහු පැමිණිලි කර ඇත.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් සඳහා විගමනික ශ‍්‍රමික දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම් ආවරණය කරන මෙන් මුලින් නියෝග කොට තිබු බවත් එහි මැතිවරණයක් පැවැත්වෙන බැවින් වැඩි විස්තර දන්වන්නැයි ඉල්ලා සිටීමෙන් පසු පාසල් කිහිපයක නම් හා ඒවායේ විද්‍යාගාර විවෘත කිරීම් සිදුවන බවත් ඒවා ආවරණය කරන ලෙස නියෝග කරමින් විද්‍යුත් තැපෑලක් එවා තිබූ අතර ඊට විරෝධය පළ කිරීමත් සමඟම තමන් පස්දෙනා මාරු කර යවා තිබු බවත් ඔවුහු දන්වා ඇත.

මෙම උත්සව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සුභ සාධන අංශයෙන් හෝ එහි ගාල්ල දිස්ත‍්‍රික් කාර්යාලයෙන් සිදු කරන්නක් නොවන බව දැනගත් පසු ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බැලූ බවත් එය විදේශ රැකියා අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කළ නියෝගයක් බවත් එහි සිදුවන්නේ දේශපාලනික උත්සව බවත් දැනගැනීමෙන් පසු ඒවා ප‍්‍රතික්ෂේප කළ බව ද එම නිලධාරිහු මැතිවරණ කොමිසමට දන්වා ඇත.

එම විද්‍යාගාර විවෘත කිරීම් ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ පිහිටා ඇත පාසල් වන ඇත්කඳුර සීවලි මහා විද්‍යාලය, ගනේගොඩ මහා විද්‍යාලය,හත්තක මහාවිදයාලය, ඉඳිපලේගොඩ මහා විද්‍යාලය, යන පාසල්වල ද ඊට ආසන්න ප‍්‍රදේශවල ඇති හත්තක මහා විද්‍යාලය, පෝද්දිවෙල මහා විද්‍යාලය, මාපලගම මහා විද්‍යාලය, ගෝනදෙණිය මහා විද්‍යාලය, යටලමත්ත මහා විද්‍යාලය, වැලිදෙණිය කණිෂ්ඨ විද්‍යාලය, ඇතුළු පාසල්වල සිදුකෙරෙන බව එම විද්‍යුත් තැපෑලේ සඳහන් වන බව ද ඔවුහු මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා තිබේ.



අදහස් (14)

හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු

පාල ගාල්ලගේ Friday, 13 September 2019 01:49 PM

මැතිවරණ කාලේ මහරජා නම් විවෘත කිරීම් කළා. රැකියා දුන්නා මුල්ගල් තිබ්බා අනේ කවුරුවත් විරුද්ධ වුනේ නැහැ තවම මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතිවිටක කරන දේවල්වලට විරුද්ධ වන නිලධාරීන් නම් විනය පරීක්ෂණයකට යොමුකළ යුතුයි...

:       2134       1660

sirimalFriday, 13 September 2019 03:39 PM

අැයි සිල්රෙදී බෙදපුවා, පින්තුරේ ගහලා ඔරලෝසු බෙදපුවා, අරලිය ගහ මන්දිරයේ දවස්පතා දන්සල් දුන්න ඒවා.. තව කොච්චරක්ද?

:       552       629

BamunuarachchiFriday, 13 September 2019 04:16 PM

හික් හික් හික්..! අත් දෙකින් තමාගේ නිරුවත වසා ගන්නේ නැතුව අනිකාගේ නිරුවතට අත දික් කරනවා. තව කියනවා රජයේ සේවකයින්ට නීතියට වැඩ කරන්නලු.

:       350       473

Chanak los angelesFriday, 13 September 2019 08:47 PM

සිරිමල්ගේ ලිස්ට් එකට අමුණන්න සාටකයින්ගේ ඝාතන දුෂණ පැටිගිරිය ලියන්න අවුරුද්දක් ගතහොත් අවුරුද්ද ගෙවිලා යන එක පමණයි සිදුවෙන්නේ...

:       12       1

janahitha Saturday, 14 September 2019 04:54 AM

සිල් රෙදි විතරක්ද? සම්පූර්ණ ඇත්ත.. මහබැංකු කැඩුවා, ශ්‍රී ලන්කන් සුද්ද කළ ගුවන් යානා මිලදී ගැනීම අවලංගු කරලා වන්දි ගෙව්වා කොමිස් මුදල් ඇතුළුව... රාජගිරියේ මිලියන 21 ගානේ මාසෙකට කුලී ගෙවනවා. කෘෂිකර්මය වෙනුවෙක් එක මිරිස් පැලයක් හිටවන්නේ නැතිව.. අනේ මන්දා..

:       52       162

කුසුම් දල්පදාදු Saturday, 14 September 2019 10:04 AM

සිරිමල්, ඔයාලා මහරාජා අයින් කරලා යහපාලනේ ගෙනාවේ මහරාජා කරපුවම කරන්නද? පව් අප්පා, අපේ අය මහ ගොන් කියන්නේ ඕක වෙන්නැති...

:       30       151

Lakmal Friday, 13 September 2019 04:04 PM

පාල ඔයා මේ රටේ නෙවෙයිද ඉන්නේ? නැතිනම් මනූෂට කඩේ යනකොට ඇල්පිටියේ මැතිවරණයක් තියනවා කියලා අමතක වුණාද?

:       180       528

janahithaSaturday, 14 September 2019 04:57 AM

මැතිවරණ කාලේ මහරජා නම් විවෘත කිරීම් නොකළා නම් ආයෝජකයින්ට වන්දි ගෙවන්න වෙනවා. මැතිවරණ අදාල නැහැ. විවෘත කරන්න කලින් ආණ්ඩුව පෙරළුණා. තව මාස 8ක් අමතක වෙනකම් හිටියා නම් ගහගෙන විවෘත කළ අදාල සමාගම් වන්දි ඉල්ලුවා. ඔන්න ඕකයි තත්වේ..

:       42       63

අන්දරේSaturday, 14 September 2019 05:01 AM

ඒ කාලේ කළා කියලා මේ කාලේ කරන එකද හරි..? රට හැදෙන්න මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ නේද?

:       0       133

Nimal Friday, 13 September 2019 01:54 PM

දේශපාලනය සහ අධ්‍යාපනය එ්කට බද්ධ කළ නොහැකිය. එය බද්ධ කළ විට දේශපාලුවන් අධ්‍යාපනය පාලුකරනු ඇත.

:       1       466

ඉන්දික Friday, 13 September 2019 01:57 PM

මනූෂ, ඔබට අපි මේ පාර පාඩමක් උගන්වන්නම්...

:       326       756

athula Friday, 13 September 2019 06:36 PM

ඔය විදේශ සේවා කියලා ඕකේ සල්ලි අපෙන් ගුවන් තොටුපලේදී බලෙන් උදුරා ගන්න සල්ලි වලින් එදාසිටම මේ අය පිනුම් ගහනවා.

:       0       1

මුණසිංහ Saturday, 14 September 2019 01:44 AM

කොන්ද කෙලින් තියාගෙන වැඩකරන මෙයාලා අාරක්ෂා කරගත යුතුයි.

:       0       357

සංජීව Saturday, 14 September 2019 07:35 AM

ඉහළ කමෙන්ට් දැක්කාම පව් කියලා හිතෙනවා. අපේ මිනිස්සු කවුරු කළත් වරද වරද ලෙස දකින්නේ කවදාද? නුඹලා ඔක්කොම විනාශ කරන්නේ අපේ දරුවන්ගේ අනාගතය... කොන්ද පණ ඇතිව වැඩසටහන වර්ජනය කළ නිලධාරීන්ට මාගේ ගෞරවය...

:       1       297

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 505 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site