ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ‘ අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂව ජස්ටින් නවරත්න මහතා විරෝධය පල කර එම කටයුතුවලින් ඉවත්ව සිටී.
කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයා සමග සේවක පිරිසේ වැඩි පිරිසක් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමට එක්වීම සම්බන්ධව මෙම පිරිස ඇය හමුවී මෙම තිරණයට විරෝධය පල කර ඇත.
මේ සම්බන්ධව කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතාගෙන් අද ( 4 ) කළ විමසීමේදී පැවසුවේ තමන් නිශ්ශබ්දව පැත්තකටවී බලා සිටින බවයි. පසුගිය වර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළේ ඔහු අපේ මිනිහෙක් නිසයි. නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ගිවිසුම් ගතව සහායදීමට යාමෙන් අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනවා. මට විවිධ ඉල්ලීම් එනවා. නමුත් කාටවත් උදව් නොකර මේ ටිකේ නිශ්ශබ්දව ඉන්නේ. යැයි නවරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
තමන් පැත්තකට වී සිටියත් සහකාර අධ්‍යක්ෂවරයා සිරිත් පරිදි කටයුතු කරන බවද ඔහු කීවේය.
COMMENTS
තමා තුළ ඇති පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සඳහා ගිනි වලකට හෝ පැනීමට සූදානම් ව සිටී. මැය කරන්නෙ ගරු සිරිමාවෝ මැතිණියටත් අගෞරවයකි.
දැන් ඔබතුමියට පැහැදිලියි නේද? ඔබතුමියගේම කාර්ය මණ්ඩලේ ඔත්තුකරුවන් ඉඳලා තියෙනවා කියලා.
සෙල්ලම් සේන..., රජා පොහොට්ටු පුප්පනකොට බුදිද? එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවනම්බු වුනේ නැද්ද?
මහ බැංකුව බින්දේ හොරු නෙවේද? ඒ හොරු ඇල්ලුවද? මහ බැංකුවේ අධිපතිට පත්කළේ විජාතිකයෙක් නෙවේද? සල්ලිවලට අත්සන් කරලා තියෙන්නේ රටේ පුරවැසියෙක්ද? මේවාට පත්කළේ අගමැති නොවේද?
පොදු ජන පෙරමුණේ කට්ටියගේ පූර්ව පිනක් පලදීලා තියනවා. නැතිනම් ඒ පැත්තට ගියා නම් ඒ ගොල්ලොත් නන්නත්තාරයි.
කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්නට තිබෙන්නේ එතන වැඩ කරන එක විනා දේශපාලනය කරන එක නොවෙයි...
නවරත්න මහත්තයාට ගෝඨාගෙන් හොඳ ගානක් ලැබෙන්න ඇති...
මේවාට අපිටම තමයි බූවල්ලෙන් තලාගත යුත්තේ...
ඔය දෙකේ වෙනස පාට විතරයි.
මෙතුමිය සජිත්ට සහය දුන්නේ එයාගේ කැමැත්තට. ඔයිට වැඩිය අන්ත දූෂිත වැඩකරපු එහෙට මෙහෙට දෙතුන්පාර තමුන්ගේ වාසියට, පැවැත්මට, තණ්හාවට පැනපු අය ඔය ඕනෑතරම් ඉන්නේ...