IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හලාවත පොදු මාළු වෙළඳපල වසා දමයි

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
        
කොරෝනා වසංගතයේ දෙවෙනි රැල්ලෙන් හලාවත ජනතාව බේරා ගැනීමේ අරමුණින් අද (21) උදෑසන සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළඳපල වසා දැමේ.

හලාවත නගර සභාව පොලිසිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී මෙසේ මෙම මාළු වෙළඳපල වසා දැමීමට තීරණය විය.
 
වෙළඳපලට කිසිවකුටත් ඇතුළු විය නොහැකි ලෙසින් පොලිසිය මුර සේවාවක් යොදා තිබුණත් ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් වෙළඳපල තුළ සිටිමින් මාළු අලෙවි කරනු දැකගත හැකිවිය.

සිල්ලර මාළු වෙළෙඳුන් කිසිවකුත් වෙළඳපල තුළ මාළු අලෙවි කිරීම සඳහා පැමිණ සිටියේ නැත.

මේ අතර ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් නගරය තුළ වෛද්‍ය උපදෙස් නොතකා මාළු කරමින් සිටිනු ද දැක ගත හැකි විය. මාළු මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ද ගුලි ගැසෙමින් රැස්වී මාළු මිලදී ගැනීමට එම ස්ථානවල රැඳීසිටිනුද දැකගත හැකිවිය.



අදහස් (0)

හලාවත පොදු මාළු වෙළඳපල වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site