IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හයිලන්ඩ් ඔන් ලයින් මිල දී ගත හැකියි

(විනීතා එම් ගමගේ)
 
කලූතර හා කොළඹ දිස්ත‍්‍රික් දෙකෙහි පාරිභෝගිකයන්ට පිටිකිරි , යෝගට් ඇතුළු නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ විට නිවසටම ගෙනැවිත් දීම මේ වනවිට ක‍්‍රියාත්මක යැයි මිල්කෝ සමාගම කියයි.
 
www.milcosrilanka.com වෙබ් අඩවියට පිවිස තම ඇණවුම් ඉදිරිපත් කල විට එකී ඇණවුම් නිවසට ගෙනැවිත් දී මුදල් අයකරනු ඇතැයි  මිල්කෝ සමාගම කියයි.
 
හයිලන්ඞ් කිරිපිටි, යෝගට්, දියර කිරි, හා බටර් මෙසේ ඇණවුම් කළ හැකි බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
 
පවතින තත්ත්වය යටතේ නාරාහේන්පිට පිහිටි මිල්කෝ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බැවින් යෝගට් නිෂ්පාදනය තරමක් අඩු වී ඇතැයි කී වික‍්‍රමසිංහ මහතා අඹේවෙල දිගන හා පොලොන්නරුවේ කම්හල් මේ වනවිට ක‍්‍රියාත්මකව පවතින බව ද කිීය.
 
දිනකට කිරි ලීටර් 145,000 ක් එකතු කරමින් සිටි තම සමාගම මේ වනවිට 175,000 ක් දක්වා වැඩි වී ඇතැයි ද එයට හේතු වී ඇත්තේ වෙනත් සමාගම් කිරි ගැනීම අත්හිටුවා ඇති නිසා එම නිෂ්පාදන ද මිල්කෝ සමාගම විසින් ලබා ගැනීම යැයි ද වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.



අදහස් (18)

හයිලන්ඩ් ඔන් ලයින් මිල දී ගත හැකියි

rana Wednesday, 01 April 2020 11:33 AM

කමක් නැහැ , අපි බොන්නම් කහට...

:       2       3

chaminda Wednesday, 01 April 2020 11:40 AM

නුවර අයට, පේරාදෙණිය, පොල්ගලමුල , පිළිමතලාව, කඩුගන්නාව අයවලුන්ට Co -op City වලට , සතොස ට සහ Food City වලට Online Orders එවන්න.

:       0       2

channa Wednesday, 01 April 2020 11:45 AM

යෝගට් ඔඩර් කරන්න බැහැ වෙබ් එකෙන්....

:       0       5

තේනුවර Wednesday, 01 April 2020 12:49 PM

මාත් ඇනවුමක් දැම්මා වෙබ් අඩවිය හරහා. එහි යෝගට් නම් ගන්නට නැහැ. කෙසේවතත් ඇනවුම ලැබුණු බවට මාගේ ඊමේල් ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමක් නම් ලැබුනේ නැහැ,

:       0       3

චමින්ද Wednesday, 01 April 2020 01:24 PM

මමත් දේශිය දෙයට හරිම කැමැත්තෙන් සිටි අයෙක්. මමත් හයිලන්ඩ් කිරි පිටි නිපදවා වෙලඳ පොලට පැමිනි දවසේ සිටම බීමට ගත්තා. නමුත් 2018 පමණ සිට අපේ ප්‍රදේශයේ මෙම කිරිපිටි නැතිවුනා. රත්නපුර නව නගරයෙත් තිබුනේ නැහැ. එනිසා අපි කිරිබීම නැවැත්තුවා. ඔබ සමාගමට තිබුන ප්‍රසාදයත් නැතිවුනා. අපි දැන් තේ බොනවා. වියදමත් අඩුයි ඇඟටත් ගුණයි.

:       0       9

ජයතිස්ස Wednesday, 01 April 2020 02:06 PM

ඕඩරය ඇතුළත් කළ පසු කිරිපිටි තොග අවසන් බව සඳහන් වෙනවා. සභාපතිතුමා කයිවාරු ගැසීමට පෙර තමන් ළඟ ඇත්තේ මොනවාද කියලා බැලුවා නම් හොඳයි නේද?

:       0       46

චතුර Wednesday, 01 April 2020 02:24 PM

මේ අය මේ බොරුවක් කරන්නේ. සමාගමේ ලොක්කෝ දැන් දේශපාලන නායකයන්ව අන්දයි ඔන්න සර් අපිත් ඔන්ලයින් සේවාවක් හැදුවා භාණ්ඩ බෙදා හරින්න කියලා. ඒ වුණාට ඇනවුමක් දාගන්නත් බැහැ. දාපු ඇනවුම් වලට ප්‍රතිචාරත් නැහැ.

:       0       6

wije Wednesday, 01 April 2020 03:46 PM

අපිට නම් මේවා ගන්න වෙන්නේ අත පය දීලා තමයි ගෙදර තිබුණු අන්තිම රු 350/=ත් අද හාල් කිලෝ 3ක් ගත්තා. අපි බඩගින්නේ හිටියට කමක් නැහැ... මෙහෙම ක්‍රමයක් තියන එක හොදයි අපිට බැරි වුනාට පුළුවන් කට්ටියවත් ගනිවිනේ.

:       0       2

Nethmini Wednesday, 01 April 2020 05:11 PM

කොහොමද ඔඩර් කරන්නේ?

:       0       0

C.Atapattu Thursday, 02 April 2020 11:04 AM

කොහොමද ඇනවුම් කරන්නේ..? අපේ දේශීය දෙයක් නිසා හරිම කැමතියි.

:       6       1

Erandi Friday, 03 April 2020 04:58 AM

නුවරටත් එවන්න පුලුවන්ද .?

:       1       0

මිල්කා ලොක්කා Friday, 03 April 2020 01:51 PM

පුළුවන් පුළුවන් එරන්දි, ඔයාට නොදී මම කාට දෙන්නද මේ යෝගට්...?

:       0       18

Mahesh Friday, 03 April 2020 10:52 AM

කෝ බඩු ...? ඔඩර් කරලා දවස් 3ක් වෙනවා.

:       0       3

karuFriday, 03 April 2020 01:49 PM

බඩු ඉවරයිනේ.. මොකද කරන්නේ...වෙන" බඩුවක් " එවන්නද...? බලලාම ගාන ගෙවන්නකෝ...? කවුරුත් නැහැ නේද...?

:       0       12

බබා Friday, 03 April 2020 03:36 PM

කවුරුත් නැහැ... හා..ඉක්මනට හොඳේ...?

:       0       19

MaheshSaturday, 04 April 2020 08:44 AM

ඒ කිරි තියනවා නාන්න... නැත්තෙ මෙ කිරි..

:       0       7

Kalugala Monday, 06 April 2020 04:54 AM

මෙක වැඩකරන්නෙ නැහැනේ ...

:       0       0

නිර්මලා කුමුදිනී Friday, 30 April 2021 11:21 AM

අපේ ගෙදර හැමදාමත් හැමදෙනාම බොන්නේ හයිලන්ඩ් පිටිකිරි විතරමයි ඒත් මේ කෙහේවත් ගන්න තැනක් නෑ අතුරුගිරිය අවට ගන්න තැනක් තිබුණොත් දන්වන්න පුළුවන්ද? ස්තූතිය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 231 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 648 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1644 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1853 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 572 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 262 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site