IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


හජ් වන්දනාවට එන බැතිමතුන්ට එන්නත අනිවාර්යයි



මේ වසරේ, හජ් වන්දනාව සදහා සහභාගී වියහැක්කේ කෝවිඩ් මර්දන එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් බව සවුදි අරාබිය අවධාරණය කරයි.

කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා මෙම තීරණය ගෙන තිබේ.

 එබැවින්,මක්කමට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, ඒ වෙනුවෙන් එහි සියලු පිවිසුම් ස්ථාන සඳහා අවශ්‍ය පිරිස යොදවමින් සුරක්ෂිතතාව ඇතිකිරීමටත් රජය සූදානම් විය යුතු බව සවුදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍ය තවුෆික් අල්‍ රබීන් මහතා පැවසීය.

ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත්ම වන්දනයක් වන හජ් වන්දනය සදහා විවිධ රටවල්වලින් ලක්ශ සංඛ්‍යාත ජනතාව මක්කම පුදබිම වෙත වාර්ෂිකව පැමිණෙති. ජීවිතයේ එක්වරක් හෝ මක්කම සංචාරය කිරීම බැතිමතුන්ගේ අභිලාශයයි. හජ් වන්දනය ඉස්ලාමීය මාස ක්‍රමයේ දොලොස්වන මස වන දුල් හජ් මස 8 වන දින සිට 12 වන දින දක්වා සිදුකෙරේ.

කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉකුත් වසරේදී හජ් වන්දනය අවලංගු කිරීමට සවුදි අරාබිය තීරණය කළ අතර, පසුව එම පිරිස අරාබියේ බැතිමතුන් 1000ක් දක්වා සීමා කිරීමට  කටයුතු කෙරිණි.

මීට ඉහතදීද හජ් වන්දනයට ගිය බැතිමතින් අතර විවිධ  රෝග ව්‍යාප්තව තිබීම හේතුවෙන්, නොයෙක් රටවලින් පැමිනෙන ජනයා නිසා කොරෝනා වයිරසය ආසාදනය වීමේ ඇති හැකියාව පිළිබදව සිතා මෙම තීරණය ගත් බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටී.

(6844)



අදහස් (7)

හජ් වන්දනාවට එන බැතිමතුන්ට එන්නත අනිවාර්යයි

සර්.. Wednesday, 03 March 2021 11:49 PM

දෙවියන්ට බැරිද කෝවිඩ් 19 නවත්තන්ට...?

:       2       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 March 2021 01:33 AM

සෞදියේ නිරෝධායන නීති හොඳින් ක්‍රියාත්මක වෙන බව පේනවා. සෞදිය ඔලුව උඩ තියාගෙන තමන්ට හුළං ටික දෙන, තමන්ව දරා සිටින ලංකා දරණී තලයට නිගරු කරන, ඇතැම් මුස්ලිම්වරුන් කැමැති මෙහේ තිබෙන නීතියට වඩා සෞදි නීතියටයි. ඒ වුණාට බොහෝ මුස්ලිම්වරුන් නිරෝධායන නීතිය ගරුකරන්නේ නැහැ. මාස්ක් එක දාන්නේම බෙල්ලටයි. නහයට හා කටට නෙමෙයි. අනෙකුත් ජාතීන්ට සාපේක්ෂව බොහෝ මුස්ලිම්වරුන් නීතිරීති වලට අවනත නැහැ. ඔවුන්ගේ ඇතැම් අන්තවාදී දේශපාලකයින්ගේ ජාතිවාදී, ආගම්වාදී උගුල්වල පැටලී තමයි මේවා කරන්නේ. ඒත්, මේ සියලු සෙල්ලම් මෙහේ දැම්මාට, සෞදියේ දාන්න ගියොත්, බෙල්ල තමයි කපන්නේ. මේ රටේ මේ ලියන.. අපටත් වඩා හොඳ මුස්ලිම්වරුන් සිටිනවා. ඔවුන්ට අපගේ ගෞරවය. අපගේ මේ විරෝධය අන්තවාදී අනුවණයින්ට පමණයි. මැදිහත්ව සිතන, අන්තවාදය හා ජාතිවාදය පිළිකුල් කරන හොඳ මුස්ලිම්වරුන් සැමදා අපහට ශක්තියක්. ගෞරවයක්. ඒත්, ඔවුන්ගේ සැබෑ හඬ එළියට එන්නේ නැහැ. ඔවුන් අසරණයි. ඒත්, අප ඔවුන්ව රැකගැනීම වැදගත්. ඔවුන් ගැන සිතීම, කතාකිරීම වැදගත්....

:       2       5

Nuwan Thursday, 04 March 2021 06:42 AM

ලෝකෙ මැව්ව දෙවියන්ට මේ ලෙඩේ කජ්ජක් නොවේ.

:       2       4

KALUM VIDUSHANAThursday, 04 March 2021 11:45 AM

ඔව්, ඔව් එතකොට අර සමන් දෙවියන් කොහේ වැඩ වාසය කරනවද දන්නේ නැහැ නේද? අපිව අනිත් මිනිස්සුන්ට විහිළුවට ගන්න කළින් අපේ දේවල් ගැන විමසීමක් කළොත් නරකද?

:       3       5

siriThursday, 04 March 2021 06:18 PM

ඇයි අර තිස් 33000. ඒ ගොල්ලොත් මේ දවස්වල ආගිය අතක් නෑනේ. මිනිස්සුනම් කෙළවරක් නැතුව පඳුරු දිදී කපුවොයි එයාලගේ වටේ ඉන්න අයයි නොසෑහෙන්න පොහොසත් කරවනවා. ඔය කොයි රටෙත් ඇත්තේ මිථ්‍යාව වෙළඳාම් කරන එකයි. ඇත්ත යාන්තමට හරි ඇතුළත් වෙලා තියෙන්නේ බුද්ධ දර්ශනයේ පමණයි. ඒ වුණාට දැන් ඒකත් සාර්ථක වෙළඳ භාණ්ඩයක් කරගෙනනේ...

:       0       0

සර්Friday, 05 March 2021 02:44 AM

දෙවිකෙනෙක් ඉන්නවා නම් ඉතින් සිරීපාද රක්ෂිතයේ කැලේ කපනකොට නවත්තන්නේ නැතුව ඉඳීවිද? රත්නපුරේට ගංවතුර ගලලා අහිංසකයින් මැරෙනකොට බලාගෙන ඉඳීවිද?

:       0       0

BamunuarachchiSaturday, 06 March 2021 03:14 AM

දෙවියන්ව මැව්වේ කව්ද කියන්නකෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1138 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1148 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site