(විනීතා එම් ගමගේ)
පවතින ආර්ථික අපහසුතා සමනය කිරීමේ වැඩපිළිවෙළක් ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වෙත එම අරමුදලින් සියයට විස්සක් එනම් රුපියල් බිලියන 500 ක් පමණ කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා රජයට යෝජනා කර තිබේ.
කොවිඞ් 19 වසංගතය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ උපාය මාර්ගික සැලසුම් අතරින් එක් යෝජනාවක් ලෙස කබ්රාල් මහතා මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය ඇතුළු සිද්ධින් නිසා ආර්ථිකය තවදුරටත් අර්බුදයකට ලක්වූ බවත් එය යළි යහපත් අතර හැරවීම සඳහා දැවැන්ත බදු කප්පාදුවක් සහ ණය සහන රාශියක් ලබාදෙමින් නව රජය 2020 ජනවාරි මාසයේ දී ආර්ථිකයට නව උත්තේජනයක් ලබා දෙන්නට උත්සාහ දරමින් සිටින අතර වර්තමානයේ පවතින අර්බුදකාරි වාතාවරණය නිර්මාණය වූ බවත් පෙන්වා දෙන අජිත් නිවාඞ් කබ්රාල් මහතා මේ නිසා ආර්ථිකය යලි නගා සිටුවීමට පියවර ගත යුතුව ඇතැයි පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා රජයට ජනතාව වෙනුවෙන් ඍජු මූල්‍ය දායකත්වයක් සැපයීමට නොහැකි බැවින් ඊට විකල්පයක් ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ රුපියල් බිලියන 2500 ක් පමණ වර්තමාන අරමුදල් ශේෂයෙන් සියයට විස්සක් පමණ එම සාමාජිකයින්ට කොන්දේසි විරහිතව ලබාදීමෙන් රුපියල් බිිලියන 500 ක් පමණ මුදලක් රටේ මුදල් සංසරණයට එක්කළ හැකි යැයි ද ඔහු සිය යෝජනාවෙන් පෙන්වා දී තිබේ.
මෙම මුදල විසිපන් ලක්ෂයක් පමණ පුද්ගල සමූහයක් අතට පත්වූ විට එම මුදල් පදනම් කරගනිමින් ණය දෙන ආයතනවලින් ලබාගන්නට හැකිවන තවත් ණය අරමුදල් ඔස්සේ එම මුදල තවදුරටත් පුළුල් වී සමහර විට දෙගුණයක් විය හැකි බව ද ඔහු සඳහන් කර තිබේ.
COMMENTS
ඔය ඔස්තාඩ් හදන්නේ අපේ අර්ථසාධකයට කෙලින්නයි. වරක් රට කෑවා.
අපෝ !! ග්‍රීසියේ ගනුදෙනුව අපිට තාම මතකයි. මෙයා කොහොමත් සේවක අර්ථසාදක අරමුදලට සෙවල හලාගෙන ඉන්න විත්තියත් දන්නවා.
මෙයාලටම පේන්නේම මෙකනේ....
කබ්රාල් මහත්තයට නම් මොකද? අර්ථ සාධකේ කියන්නේ ඉතිරිකිරීමේ ගිණුමක් නෙමෙයි. ඒක තියෙන්නේ විශ්‍රාම යාමෙන් පසු භාවිතය සදහාය.
බුදු මහත්තයෝ අනේ EPF එකට නම් මුකුත් කරන්න එපා . ඕක තියෙන්නේ සේවකයා වයසට ගියාම බැරි කලෙක ගන්න. මොකද එයාලට විශ්‍රාම වැටුපක් නෑ. රජයට එයාලට දැන් යමක් දෙන්න බැරුව වයසට ගියාම මොනවා දෙන්නද ? (මෙය දේසපාලන ප්‍රකාශයක් නොව , සත්‍ය වේ )